IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රණවිරු දරුවන්ට පින් - සෙත් පතන්න

(යොහාන් භාසුර)

අදහන සහ විශ්වාස කරන බුද්ධ දර්ශනයට අනුකූලව රණවිරු දරුවන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි උතුම්ම කාර්ය පින් සහ සෙත් පැතීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.  

කොටි ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රණය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.  

සංග්‍රාම භූමියේදී  රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් පිං පැමිණවීම, ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත්වූ සහ සෙසු සියලුම රණවිරුවන් වෙනුවෙන් සෙත් පැතීම සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය සියලුම සිවිල් වැසියන් වෙනුවෙන් පිං පැමිණවීම පිංකමේ අරමුණ බවට පත්වූ බව ද ඒ මහතා කීය.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඇතැම් සේනාංකවල  යුධ සෙබළුන්  ඔවුන්ගේ දෑතින්ම බුදු පිළිම නෙළා පූජා කළ බවත් යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් වෙනුවෙන් රණවිරුවන්ගේ දෑත්වලින්ම සඳ හිරු සෑය ගොඩනගා රණවිරුවන්ගේ නාමයෙන් සම්බුද්ධ ශාසනයට පූජා කළ බව ද මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

රණවිරුවන් වෙනුවෙන් පැවැත්වූ ආගමික කටයුතු සඳහා යුක්තව මූලිකත්වය ගෙන කටයුතු කළ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නායක, කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ස්තූතිය පුදකරන බව කී මහින්ද රාජපක්‍ෂ මහතා  මේ අවස්ථාවේදී ගංගාරාම විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර නායක හාමුදුරුවන් වහන්සේව ද ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු එම පක්‍ෂයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 

 



අදහස් (7)

රණවිරු දරුවන්ට පින් - සෙත් පතන්න

fairoos Monday, 19 May 2025 06:36 PM

කවුද මේ වටේ ඉන්න අය? එක එක්කෙනාට නඩු වැටෙනකොට බලාගන්න පුළුවන් වෙයි... රටට කරපු අපරාධය...

:       3       1

විපරමා Monday, 19 May 2025 08:36 PM

තම දිවි පරදුවට තබා යුද බිමේ සටන් කරපු විරෝදාර රණවිරුවන් ගේ ගරුත්වය පවා නැතිකරපු එවුන් .සළකපු විදිය,කරපු හරිය දන්නෝ.හොන්දාකාරවම දන්නවා .

:       3       4

Kumar Monday, 19 May 2025 09:00 PM

අමු අමුවේ මරා දැමූවා කුඩා දරුවන්ට සෙත් පතන්නේ නැද්ද? වායු සමනය කළ ඔෆිස් වල ඉඳන් , රට සුද්ද කළ අය තමයි ඔය ඉන්නේ.මම ලියලා තිබූ දේට ඔබලා අකමැති බව දන්නවා . මම ගරු කරන එකම වීරයයි ඉන්නේ . ඒ තම තමන්ගේ සහෝදර සෙබලුන් වෙනුවෙන් දිවිදුන් හසලක වීරයා.

:       4       3

සිංහල නිංජා Monday, 19 May 2025 11:35 PM

සිංහල රට එක් සේසත් කල නියම සිංහල නායකයානෙනි. ඔබ ඇතුළු සියලු රණ විරුවන්ට අපේ උපහාරය.

:       5       6

mangala welaratne Tuesday, 20 May 2025 05:36 AM

2025-05-19 දින “යුධ විරුවන් සමරණ දිනය”යි. LTTE කුරිරු ත්‍රස්තයන්ගෙන් රට බේරා ගත් දිනයක් වේ. එහෙත් LTTE ගැනවත් කූරු ත්‍රස්තවාදය ගැනවත් වචනයක් කීමට බැරිව තැටමුවා . මහින්ද රාජපක්ෂ ගේ මයිල් ගහක් තරමටත් ලං කරන්න බැහැ

:       5       4

Sarath Tuesday, 20 May 2025 09:42 AM

අපේ ජනපති... මගේ ජනපති... ඔබට දීර්ඝායුෂ වේවා... මහ රජාණෙනි ඒත් මෙතැන ඉන්න ඡායාරූප අතේ තියාගෙන ඉන්න කී දෙනෙක් නම් "එදා රට අනුරට" කෝටියක් අනුරට කියලා ගිහින් දීපු 2000 න් පස්සේ ඉපදුණු ඩෝබිල කී දෙනෙක් ඇතිද ? මුන් විශ්වාස නැති සෙට් එකක්... දැන් ඡායාරූපයකට නම් ඉන්නව සුදානෝ වගේ... රට අනුරයට දීලා... දුකයි... ඒකයි.

:       6       7

ගමේ එකාලා Tuesday, 20 May 2025 01:17 PM

මහින්දයාගේ කාලේ රටේ නායකයා වශයෙන් යුද්ධය කරගෙන යන්ඩ අවශ්‍ය දායකත්වය ලබා දුන්නා. වීරෝධාර රණවිරුවන් තම දිවිපුදා, දිවි පරදුවට තබා,ආබාධිත වෙලා ලබාදුන් යුද ජයග්‍රහණයෙන් ලකුණු දාගත්තේ,මාර්කට් කලේ,සුද්දේ දුන්නේ රාජපක්ෂලා.මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන ,ඇමතිකම් දීලා කොටින් සත්ව තිබූ වටිනා කියන දේවල් රත්තරං පවා මන්කොල්ල කෑවා. රණවිරුවන්ට හරියට කළගුණ සැළකුවා ද කියන එක , දන්නෝ හොදාකාරවම දන්නවා .

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21323 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18100 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10835 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 528 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 162 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site