IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති

( දිල්රුක්ෂි ග්‍රේරු)

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ   ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල විශේෂ පිරිත් පිංකමක් පසුගියදා  පැවැත්විණි.

පිංකමට සහභාගී වූ ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සිය දෙනෙකු සමඟ ගිහි පිරිස් හා පාසල් සිසු දරුවන් රැසක් එක්ව පිරිත් සජ්ඡායනා කරමින් ලෝක සාමය උදෙසා සද්ධර්ම ශක්තිය උදා කර දුන්හ.

‘මෙවන් උතුම් කටයුත්තක් සාර්ථක වීමට නම් ලෝකයේ සියලු බෞද්ධයින්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව ලෝක බෞද්ධ ප්‍රජාව අවධාරණය කරයි. සාමූහික ආධ්‍යාත්මික වැඩසටහන් හා මෛත්‍රිය සිත් තුළ ඇතිකර ගැනීමට පුහුණු වීම තුළින් ලෝකයේ පවතින යුද මානසිකත්වය දුරු කළ හැකි බවද ඔවුන්ගේ විශ්වාසයයි.

"අපේ පරම පවිත්‍ර අරමුණ තෙවන ලෝක යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීමයි. ඒ සඳහා බුදු දහමේ ඉගැන්වීම් හා සාමූහික ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් ඔස්සේ, යුද්ධයට පදනම් වන අකුසල සිතිවිලි වෙනුවට සාමය හා සහජීවනය වර්ධනය කරන කුසල සිතිවිලි ජනිත කළ යුතුයි." යනුවෙන් ලෝක බෞද්ධ ප්‍රජාවේ සභාපති බුද්ධික ප්‍රසන්න මහතා  ඒහිදී පැවසීය.

ලෝක බෞද්ධ ප්‍රජාව (World Buddhist Community) සංවිධානය මූලිකත්වය ගනිමින් මෙම පිංකම සංවිධානය කර තිබිණි.



අදහස් (3)

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති

Ruwan De Silva Monday, 25 November 2024 06:15 PM

සෙත් පිරිත් කියන එක හොඳයි, හැබැයි ඉතින් යුද්ධය නවත්තන්න පුළුවන් ලෝක බලවතුන්ට විතරයි...

:       3       105

Nethul Handunpathiraja Monday, 25 November 2024 07:18 PM

ඒක නම් හොඳයි.

:       3       55

Pasindu Monday, 25 November 2024 09:31 PM

ඉතාම වටිනවා. මේක තමා වෙන්න ඕනේ. හැමෝම යුද්දේ එපා එපා කිව්වට යුද්දයක් නවත්තන හැටි පෙන්නලා දෙන්නේ නෑ. නහී වේරේන වේරානි. මෛත්‍රිය හැම සිත් තුල පහල වේවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site