IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

"ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන්" ආයතනය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී  ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද අද උත්සවාකාරයෙන් විවෘත විය.

එදිනම ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.timesschool.lk වෙබ් අඩවිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් එළිදැක්වූවේය.

ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් වන විජය පුවත්පත් සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස ආරම්භ වන ටයිම්ස් උසස් අධ්‍යාපන විද්‍යායතනයේ පාඨමාලා වර්තමාන ඉල්ලුමට සහ ජාත්‍යාන්තර තත්වයට ගැලපෙන පරිදි නිර්මාණය වී ඇති අතර දැරිය හැකි ගාස්තු ක්‍රමයක් යටතේ සියලු පාඨමාලා හැදෑරීමට එම ආයතනය මෙරට සිසුන්ට අවස්ථාව ලබාදී ඇත.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග සමත්වී නොමැති සිසුන්ට උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා ඇතුළු වීමට පදනම් පාඨමාලාවක් හඳුන්වා දීමටද ටයිම්ස් උසස් අධ්‍යපාන ආයතනය කටයුතු කර ඇත. එසේම මෙරට සිසුන් වෙනුවෙන් ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ඩිජිටල් ඇකඩමියක්ද අද ආරම්භ කළේය.

හෙද, මනෝ විද්‍යාව, නීතිය, තොරතුරු තාක්ෂණය, රොබෝ තාක්ෂණය, සයිබර් ආරක්ෂාව, ආගන්තුක සත්කාරක කළමනාකරණය ඇතුළු විෂය ක්ෂේත්‍ර රැසක් යටතේ සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමටත් උපාධි පාඨමාලා හදාරන සිසුන් සඳහා අවසන් වසර හැදෑරීමට විදේශගත වීමටත් ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය අවස්ථාව ලබාදී ඇත.

ඒ සඳහා ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ඇමෙරිකාවේ කරිස්මා විශ්ව විද්‍යාලය, කින්ග් මොන්ග්කුට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලය, ට්‍රේනෝකේට් ආයතනය ඇතුළු විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන රැසක් සමඟ ගිවිසුම්ගත වී ඇත.

ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් වජයවර්ධන, විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමණාකරණ අධ්‍යක්ෂක සුජාන් විජයවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජනක රත්නකුමාර යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට එක් වූහ. 

එසේම ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ගිවිසුම් ගතවී ඇති විශ්ව විද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරු කීපදෙනෙකුද රාජතාන්ත්‍රික නිලධාරීහු රැසක්ද එම උත්සව අවස්ථාවට එක් වූහ. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි සහ ඉසුරු පෙරේරා)



අදහස් (0)

’’ටයිම්ස් ස්කූල්‘‘ සුභ මොහොතින් විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site