IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


ජවිපෙ මැයි දින රැළියෙන්

(මුදිතා දයානන්ද)

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ කම්කරු දින රැළිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී අද සවස පැවැත්විණි.

මෙම රැළියට සමගාමීව ඔවුන් සංවිධානය කළ පෙළපාලිය බී.ආර්සී. පිටියේ සිට පස්වරු දෙකයි තිහට පමණ ආරම්භ විය.

පෙළපාලිය මුලින්ම ගමන් කරනු ලැබුවේ කොමියුනිස්ට් නායකයින් වූ මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහත්වරුන්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප රැගත් රථ පෙළකි.

ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ බැනරය යටතේ එම පක්ෂ නායකයෝ ගමන් කළහ.

අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් ඒවායේ වෘත්තීය සමිති නියෝජිතයෝද ගමන් කරනු දක්නට ලැබිණ. අනතුරුව සමාජවාදී ශිෂ්‍ය සංගමය, කාන්තා සංගමය, කලා සංගමය, තරුණ සංගමය හා රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ජවිපෙ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් පෙළපාලියට එක්ව සිටියහ.

එෆ් ආර් සේනානායක මාවතේ සිට එක පැත්තකින් නෙළුම් පොකුණ දක්වාත් අනෙක් පැත්තෙන් රෝහල් වටරවුම දක්වාත් මැයි දිනයට පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි යනු දක්නට ලැබිණ.



අදහස් (11)

ජවිපෙ මැයි දින රැළියෙන්

ආරියවංශ රාහුබද්ද Monday, 01 May 2023 09:58 PM

ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා !! ජාතික ජන බලවේගයට ජයවේවා !! ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා !!

:       14       39

ආරියවංශ රාහුබද්ද Monday, 01 May 2023 10:03 PM

බලන් සොයුරණි අන්න පෙරදිග තාම නෑ දිනකර නැගී ඒත් පෙරඹර දිලෙයි අරුණළු නැගෙනවාමයි නව හිරූ බිඳ දමාලා ගනදුරූ එළිය දේවී නව හිරූ

:       12       29

සිප්පු මුදලාලි Tuesday, 02 May 2023 11:26 AM

උදෙන්ම කසිප්පු වඩියක් ගහලා වගෙයි

:       24       8

Bamunuarachchi Tuesday, 02 May 2023 04:15 AM

මුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බලයට ඇවිත් රට කොමිනිස් කරන්නද හදන්නේ? මුන් උස්සන් යන්නේ කාල්මාක්ස් ගේ රුපයක්. රුසියාවටත් එපා වෙච්ච කොමිනිස් ක්‍රමය ලංකාවට මොන බම්බුවකටද? ලෝකේ කොමිනිස් රටවල් කොපමණ තිබෙනවාද? අනුරයා කියන්නේ ප්‍රගතිශීලි ආණ්ඩුවක්‌ හදනවා කියලා. කොමිනිස් රටක් ප්‍රගතිශීලි උනේ කවදාද බොල?

:       49       16

ජේවීපී විරෝධී Tuesday, 02 May 2023 04:17 AM

ජාතික විමුක්ති පෙරමුණ කියන නමවත් අපිට එපා. කෝ මුන්ගේ මාලිමාව කියන නම?

:       39       18

දියවන්නාවේ කිබුලා Tuesday, 02 May 2023 07:45 AM

මැයි දිනය අයිති කම්කරුවාටය . දේශපාලකයාට නොවේ.

:       2       30

aravinda Monarawila Tuesday, 02 May 2023 08:36 AM

මේ මැයි රැළියේදී පක්ෂ නායකයෝ කිසිම කතාවක් කරලා නැද්ද?

:       1       11

රනේ Tuesday, 02 May 2023 09:35 AM

ජය.. ! ජය..! ජය..!

:       11       18

විජේබීර Tuesday, 02 May 2023 01:23 PM

හැම රැලියකම, රැස්වීමකම සෙනඟ විතරයි. ඡන්දෙ දෙන්නේ නෑ මිනිස්සු. මිනිස්සු යන්නේ ඔය අයියාගේ කතා අහන්න විතරයි. මොකද පැලකරලා කියනවනේ කතා මෙන්න සයිස්... අම්මපා කියලා. ඉතිං හිනාවෙලා අහගෙන ඉඳලා ගෙදර එනවා. මොකද මෙයාලාට රට දියුණු කරන කිසිම පැහැදිලි වැඩ පිළිවෙලක් නෑ. යල්පැන ගියපු ලෝකේ කොහෙවත් නැති දේවල් තමයි මෙයාලාගේ සිහින. ඒවා මේ පොළොවේ කරන්න බෑ. ගැලරිය පිනවන පොර ටෝක් දීලා මිනිස්සු හිනස්සනවා විතරයි. මෙයාලාට හොඳ, බුද්ධිමත් උපදේශකයින් ටිකක් හිටියොත් ඡන්දෙන් අඩුම 5% ක්‌ වත් ගන්න පුළුවන්. ඒක ස්ථිරයි...

:       20       11

AkilaTuesday, 02 May 2023 03:00 PM

ඡන්දයක් තිබ්බොත් ලැබෙන ප්‍රතිශතය කීයද කියල පිනයි, මැදමුලන හොරු ටිකයි හොඳටම දන්නවා, එකනේ ඡන්දෙ තියන්නේ නැත්තේ..., මේ ගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ නැතිව වෙන කාට දෙන්නද? රට තවත් උතුරු කොරියාවක් කරන්න දඟලන මැදමුලන බංකොළොත් හාමුලාටයි unp බැංකු හොරු ටිකටද?

:       7       11

පොඩි විජේ Wednesday, 03 May 2023 01:33 AM

රටක් පාලනය කරන්න අත්දැකීමක් නැති කෙනෙකුට චන්දේ දීලා අමතක නොවෙන පාඩමක් ඉගෙනගත්ත. දැන් ඔය ටිකට ඒක අමතක උනාද? අරයනම් මොකුත් නොකර පැනල ගියා. මෙයාලනම් එහෙම යන්නෙත් නෑ. වෙන කෙනෙකුට දෙන්නෙත් නෑ.... මේපාර චන්දෙ දෙනවනම් ඉන්නේ පොළොන්නරුවේ හිටපු ජනාධිපති මය්ත්‍රීපාල සිරිසේන මහත්තයා විතරයි. එයාට ගියපාර වැඩක් කරන්න බලයක් තිබුනේ නෑ. අනික වැඩක් කරන්න බලනකොට බැංකුව හොරු කඩලා සල්ලි නෑ. ඉතිං කොහොමද වැඩක් කරන්නේ.

:       17       2

ඔබේ අදහස් එවන්න

LD Events

ලෝක රූ රැජින මහණවී මෙරටට වැඩම කළ දා
2023 නොවැම්බර් මස 29 6363 8

විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්කුනීය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා


අපේ චිත්‍රපට දෙකකට සම්මාන හතරක්
2023 නොවැම්බර් මස 01 2838 1

ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මා


'අමු' ප්‍රසංගයෙන් යොවුන් රඟහල විචිත්‍රවත් වෙයි
2023 ඔක්තෝබර් මස 03 1909 0

මේ දිනවල නිතර කණට ඇහෙන කාගේත් තොල් අඟ මිමිණෙන ‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ‘ ‘පිට කවරේ’ අමු ගීතයෙන් තාරුණ්‍ය වසඟයට ගෙන සිටින සංජීව් ලොන්ලි


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
2023 සැප්තැම්බර් මස 22 2022 5

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාල


ස්වර්ණ පුස්තක සම්මාන පිළිගැන්වයි
2023 සැප්තැම්බර් මස 08 2021 2

ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය 17 වැනි වරටත් සංවිධාන ය කළ 2023ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ7බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට
2023 අගෝස්තු මස 30 2028 0

ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියේ තරග කීපයකට සහභාගී වීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 758 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 586 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4407 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site