IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


වසරේ විශිෂ්ටතම පුවත්පත ලංකාදීපය: තවත් සම්මාන හයකුත් දිනා ගනී

ලංකාදීප පුවත්පත ‘‘ඒෂියා මිරකල්‘‘ සම්මාන උලළේදී ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත සහ පුවත්පත් සන්නාමය ලෙස විශිෂ්ඨ සම්මානයෙන්  පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙල 'වෝටර්ස් එජ්' හෝටලය පරිශ්‍රයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ,  එන්.යූ.ජී.පී. ඉන්ටර්නැෂනල් ඕගනයිෂේෂන් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  ඒ.කේ නිරෝෂන් මාධව සහ එහි නිර්මාණ අධ්‍යක්ෂ  හේමරන්සි ජයරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (30) පස්වරුවේ විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.

පුවත්පත් වෙනුවෙන් පිදෙන සම්මාන 15 අතරින්  සම්මාන 7 ක්ම  ලංකාදීපයට එහිදී හිමිවීම විශේෂත්වයකි.

හොඳම පුවත් පත සහ හොඳම පුවත්පත් සන්නාමයට හිමි සම්මානය, හොඳම ප්‍රවෘත්ති කර්තෘ සහ මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීප  සම ප්‍රවෘත්ති කර්තෘ සුජිත්හේවා ජුලිගේ , හොඳම කවියාට හිමි සම්මානය ලයනල් පෙරේරා, හොඳම ප්‍රාදේශීය ප්‍රවෘතිකර්තෘට හිමි සම්මානය ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ, හොඳම කාටුන් ශිල්පියාට හිමි සම්මානය ලංකාදීප කාටුන් ශිල්පී දාස හපුවලාන, හොඳම වෙබ්අඩවියට හිමි සම්මානය ලංකාදීප වෙබ් කර්තෘ, සහ ලංකාදීප නියෝජ්‍ය  ප්‍රවෘත්ති කර්තෘ  අරුණ ශාන්ත කුමාර පෙරේරා සහ හොඳම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීප මනම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමල් ජයරත්න මහත්වරු හිමිකර ගනු ලැබූහ.

ලංකාදීප නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය සහ සන්නාම ප්‍රවර්ධන උපදේශක සුජිත් පතිරන්නැහැ යන මහත්වරුන්   හොඳම පුවත්පත සහ  හොඳම සන්නාමය ලෙස ලංකාදීපයට හිමි සම්මාන  ලබාගත් අයුරු.

 

 



අදහස් (13)

වසරේ විශිෂ්ටතම පුවත්පත ලංකාදීපය: තවත් සම්මාන හයකුත් දිනා ගනී

රංබොඩ Friday, 31 May 2024 12:13 AM

උණුසුම් සුබ පැතුම් ලංකාදීප !!!

:       3       14

Ariyathilaka Friday, 31 May 2024 01:22 AM

මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු වීම බෙහෙවින් ම අසීරු ය. කැපවීමට වූ ඇගැයීම ද විශිෂ්ට ය.

:       2       10

Nandalal DE SILVA - France Friday, 31 May 2024 04:07 AM

ලංකාදීපයට මාගේ සුභ පැතුම් .තරඟකාරී පුවත්පත් ලෝකයක එකවර මෙවැනි සම්මාන රැසක් ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක් බව කවුරුත් දන්නා කරුණකි.සාමූහිකව ලබාගත් මෙම සම්මාන තව වසර ගණනාවක් තිස්සෙම ලංකාදීපයට ලැබේවා යැයි පතමි.බොහෝ කලකට පෙර මමද ටයිම්ස් .ලංකාදීප හබරාදූව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කල නිසා මටද මේ සම්මාන ගැන ආඩම්බර විය හැක

:       2       11

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 09:31 AM

ලංකාදීප පාඨකයන් වෙනුවෙන් උණුසුම් පැතුම් !

:       2       10

sujeewa Edirisinghe Friday, 31 May 2024 10:12 AM

ලංකාදීපයට මාගේ සුභ පැතුම් .තරඟකාරී පුවත්පත් ලෝකයක එකවර මෙවැනි සම්මාන රැසක් ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක් බව කවුරුත් දන්නා කරුණකි.සාමූහිකව ලබාගත් මෙම සම්මාන තව වසර ගණනාවක් තිස්සෙම ලංකාදීපයට ලැබේවා යැයි පතමි.බොහෝ කලකට පෙර මමද .ලංකාදීප සේවය කළ නිසා මටද මේ සම්මාන ගැන ආඩම්බර විය හැක

:       3       3

Nimal landage Friday, 31 May 2024 10:49 AM

පත්තර අතර විශිෂ්ඨ පුවත්පත ලංකාදීප . සුභ පැතුම් ලංකාදීප . ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️

:       1       5

බද්රානි Friday, 31 May 2024 01:07 PM

"ජයන්ත කැටගොඩ" අතින් ගත්තු සම්මානයකටද මෙච්චර මේ උඩ පනින්නේ...? මේ වගේ අය අතින් සම්මාන ගන්න අය ගැනත් ඉතින් අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ... ලංකාවේ මහලොකු මාධ්‍ය කාරයින්ගේ කෙරුවාව තමයි මේ...? අපිට නම් ලැජ්ජයි!

:       0       5

upul Friday, 31 May 2024 01:59 PM

ලංකාදීපය විශිෂ්ඨයි කියලා අපි පිළිගන්නවා. හැබැයි මේ වගේ සම්මාන හින්දා නම් නෙවෙයි. මේ වගේ සම්මාන ගත්තම ජනප්‍රිය වෙනවාට වඩා වෙන්නේ වෙන වෙන සංවිධාන පොරවල් වෙන එක. අනික කැටගොඩලා, සංජීවලාට වඩා හොඳයි.... මර්වින් සිල්වායි, ප්‍රසන්න රණවීරයි අමුත්තන්ට ගෙන්වා ගත්තා නම්...

:       0       3

Hafeel Friday, 31 May 2024 04:20 PM

අපේ ලංකාදීපයට උණුසුම් සුබපැතුම්...!

:       0       3

සමන් Friday, 31 May 2024 08:35 PM

ඒක ලැබෙන්නම ඕනේ සම්මානයක්

:       0       1

Nandalal DE SILVA - France Saturday, 01 June 2024 12:18 AM

ලංකාදීපයට මාගේ සුභ පැතුම් .තරඟකාරී පුවත්පත් ලෝකයක එකවර මෙවැනි සම්මාන රැසක් ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක් බව කවුරුත් දන්නා කරුණකි.සාමූහිකව ලබාගත් මෙම සම්මාන තව වසර ගණනාවක් තිස්සෙම ලංකාදීපයට ලැබේවා යැයි පතමි.බොහෝ කලකට පෙර මමද ටයිම්ස් .ලංකාදීප හබරාදූව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කල නිසා මටද මේ සම්මාන ගැන ආඩම්බර විය හැක

:       0       1

Nisha Saturday, 01 June 2024 01:36 PM

නිමල් ජයරත්න කියන්නේ හොද මාධ්‍යවේදීයෙක්.. ඔහුට මේ සම්මානය ගොඩක් වටිනවා. ⁣විශ්ෂයෙන්ම පොලොන්නරුවට... සුබ පැතුම් ඔබට

:       0       2

xsjyBldb Thursday, 06 June 2024 11:22 PM

සුබපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 665 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 847 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 366 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site