
( දිල්රුක්ෂි ග්‍රේරු)
ජංගම දුරකථනය ඔස්සේ බස් රථයක ආරම්භයේ සිට අවසානය දක්වා සජීවීව සොයා බැලීමට හැකි මෘදුකාංගයක් නිපදවීමට මාතර පදිංචි නිර්මාණකරුවෝ තිදෙනෙක් සමත් වී සිටිති .
එම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ ‘යං ලංකා‘ ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන මාතර වැල්ලෙතොට පදිංචි ගිතාජ් කැලුම් රාමවික්‍රම,නායිම්බල පදිංචි ලක්මාල් සංජීව ජයවික්‍රම සහ උඩවලව පදිංචි සමීර තරංග ප්‍රේමනන්ද යන මිතුරන් තිදෙනාය. ඔවුහු දැනට තාක්ෂණික ක්ෂේත්රයේ සිය වෘත්තිමය කටයුතුවල නියැලෙති.
පසුගිය 03 වැනිදා මාතර ,නූපේ පිහිටි සණස උත්සවශාලාවේදී මෙම මෘදුකාංගය හඳුන්වාදීම නිල වශයෙන් සිදු කෙරුණ අතර ඊට සමගාමීව ‘යං ‘ලංකා අයතනය හඳුන්වා දීම සහ එහි කටයුතුද ඇරඹිණි.
‘යං‘ ලංකා ආයතනයෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ‘ ස්මාට් බස්‘ රථ සේවාවක් වෙනුවෙන් දොරගුළු විවර කර ඇති අතර මේ වනවිට දකුණු පළාත කෙන්ද්‍රකරගනිමින් මෙම බස් සේවාව අරඹා ඇත.
මෙහි මූලික අදියර ලෙස පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම ජංගම දුරකථන මෘදුකාංගය හඳුන්වා දුනි. එමෙන්ම ස්මාර්ට් බස් රථ 8 අතුරින් පළමු ස්මාට් බසය ලෙස වැල්ලෙතොට -මාතර පෞද්ගලික බසය හඳුන්වාදුනි.
ගමනාන්නතයට ළඟාවීම සඳහා අවශ්‍ය බස් රිය සජීවීව දුරකතනය හරහා සොයාගැනීමට,බසය පැමිණෙන වෙලාව ගමනාන්තය නිසි අයුරින් දැන ගැනීම , දෘෂ්‍යාබාධිත පිරිස් වෙනුවෙන්ද මේ මෘදුකාංගය හරහා සිය කටයුතු නිසි පරිදි සිදු කර ගැනීම මෙන්ම පාසල් දරුවන් ගමන් ගන්නා බසය පිළිබඳව මව්පියන්ට නිවැරදි තොරතුරු දැනගැනීම ඇතුළු තවත් පහසුකම් රැසක් මෙම මෘදුකාංගයෙන් අත්විදීමට මගියාට අවස්ථාව සලසා දී තිබේ.
එමෙන්ම ඉදිරියේදී මෙම මෘදුකාංගය හරහා ජංගම දුරකතනයෙන් ආසන වෙන් කිරීම, දැනට පෞද්ගලික බස්රථවල පමණක් ක්‍රියාත්මක මෙම මෘදුකාංගය ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ද හඳුන්වාදීම, මෙන්ම ලංකාව පුරා මෙය හඳුන්වාදීමට කටයුතු සැලසුම් කරන බවද මෘදුකාංගයේ නිර්මාතෘවරු සඳහන් කළහ.
මේ වන විට මාතරින් ගමන් ඇරැඹෙන වැල්ලෙතොට,ඌරුබොක්ක,පස්ගොඩ,පිටබැද්දර,අකුරැස්ස,වැලිගම ,දික්වැල්ල,කැකනදුර ,රන්න ,අඟුණකොළපැළැස්ස,මාකඳුර යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ 8ක් සඳහා මෙම පහසුකම හඳුන්වා දී ඇත.
https://www.yanlanka.com/ ගූගල් සබැඳිය හරහා ජංගම දුරකතනයෙන් මෙම මෘදුකාංගයට පිවිස එම පහසුකම ලබාගැනීමේ අවකාශය මේ වන විට මගීන්ට සලසා දී තිබේ.
එමෙන්ම මෙම බස් රථ 8 අතර ධාවනය කෙරෙන රන්න,අඟුණකොළපැළැස්ස හරහා මාතර දිවෙන පෞද්ගලික පාසල් බසයකටද මෙම මෘදුකාංගය හදුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට පාසල් සිසුන් ගමන් ගන්නා බසයක් ‘ස්මාර්ට් බසයක්‘ ලෙස හඳුන්වා දීම තුල ඉතා සුවිශේෂි කාර්යක් ඉටුකිරීමට හැකියාව ලැබිණි යැයි ‘යං‘ ලංකා අයතනය පවසයි.
මෙම මෘදුකාංගය ජනගත කිරිමේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සහකාර ප්‍රාදේශිය ලේකම් අනුර විජේසේකර , මාතර දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ සේවා සංගමයේ සභාපති ජානක විමසේකර ,ලේකම් ආරියපාල රණවක,සමස්ථලංකා පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා ,බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පතිනි දීප්තී දමයන්ති ,යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි. සුබ පැතුම්...
මෙම නිෂ්පාදකයින්ට දැවැන්ත සුබ පැතුම්. !!!
මිනිස්සු ගැන හිතල කරපු වැඩක් නිසා හරියන්න ඕනේ ජයවේවා ....!
කැනඩාවේ මේ ක්‍රමය තියෙනවා. ගොඩක් හොඳයි... ඔහොම යමු...
රටට අවශ්‍ය මේ වගේ අය තමයි.
හොඳ වැඩක්, දෙමව්පියන්ට හරිම ප්‍රයෝජනවත්...
ගොඩක් ප්‍රයොජනවන් වැඩක් ඒක...!
සුබපැතුම්...!!!
මොවුන්ගේ ගෙවල් වලට රිලව් ටික ගාල් කරන්න. මේ රඟන්නේ වන සතුන්ට තියෙන ආදරේට නෙමෙයි, අවධානය ගන්නයි.
මෙම යෙදුමේ විශිෂ්ට අත්දැකීමක් ඇති අතර එය සෑම තැනකම ඉතා සුවපහසු ලෙස ගමන් කිරීමට මට කිහිප වතාවක් උපකාරී වේ. මම සියලු දෙනා සඳහා මෙම සේවා සපයන්නා නිර්දේශ කළා. එබැවින් ආදරණීය ශ්‍රී ලාංකික සහ විදේශිකයන් මෙම අත්දැකීම ලබා ගැනීමට උත්සාහ කරන්න. යං ලංකා ඇප් එකට ස්තුතියි.
ගොඩක් වටිනා වැඩක්. සුබ පැතුම්...!
රටට ගොඩක් වටිනා දෙයක්...
රටට ගොඩාක් වටිනා දෙයක්...
තවමත් නිර්මාණය වෙමින් පවතින ඇප් එකක්. තවත් හොඳට divelop කරන්න පුළුවන් ඇප් එකක්. රාත්‍රියට බස් අඩුයි. දුර ගමන් සේවා තමයි තියෙන්නේ. මේ ඇප් දුර ගමන් සේවාවලට යොදා ගත්තොත් මාතර සිටින අයෙකුට වුණත් කතරගම කොළඹ බස් එකක් එන වෙලාව ඒ බස් එක තියන තැන තව කොපමණ වෙලාවක් යනවාද බලලා නයිට් කඩේකින් කාලා ටිකක් විවේක අරන් බස් එකට එන්න පුළුවන් පැය ගණන් බස් ස්ටෑන්ඩ් එකේ වෙලාව නාස්ති නොකර. රෑ 2- 3ට වෙන බස් නෑ. උදාහරණයකට දැම්මේ...
මැප් එකෙන් කරන්න පුළුවන් හොඳ වැඩක්. ප්‍රයෝජනවත් වාණිජ්‍ය වශයෙන් ඉතා වැදගත් වැඩක්... ජයවේවා..!
පාසල් වෑන් වලට ඉතා හොඳ ඇප් එකක්. දරුවා පාසලට ගිය වෙලාව වුණත් track කර ගන්න පුවන්. එන කොටත් කොහේද දැන් වෑන් එක තියෙන්නේ බලලා පාරට යන්න පුළුවන්. රස්තියාදු නොවී දියුණු කර ගන්න හැකියාව ලැබේවා..! තෙරුවන් සරණයි...!
පාසල් යන අපිටත් වැදගත්... ගෙදර අම්මා, තාත්තා අපි ගැන බයවෙනවා. ටිකක් හරි පරක්කු වුණත්. ඒ නිසා වෑන් මාමලාට හොඳ ඇප් එකක්. නැත්නම් කෝල් කරලාම ඉවර නෑ..
ඉතාම හොඳ වැඩක්... සුබ පැතුම්...!