
දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානයේදි අද (15) නිකුත් කලේය.
එහිදි තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරන ලද මුල්දින කවරය තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිලිගැන්විය.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, විශාරද මල්කාන්ති නන්දසිරි,විශාරද අනුරාධා නන්දසිරි මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂක ලංකා ද සිල්වා ඇතුළු කලාකරුවන් රුසක් සහභාගි වූහ.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර කලකිරිලා ගිහි ජිවිතේ එපයි කියලා මහන උණු භික්ෂුන් ඇයි සංගීත උත්සවලට සහභාගී වෙන්නේ?