IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තු විවාද බලන්න එයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් මහතා ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්විය. 

සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ  නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

 



අදහස් (8)

මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තු විවාද බලන්න එයි

'මෙතඩ් ඇක්ටර්' බකල ජයා Thursday, 19 June 2025 03:18 PM

ඔහු මේ දවස්වල රඟපෑම ගැන වැඩිදුර හදාරනවා. විශේෂයෙන්ම කූජිත වුනාම හැසිරෙන එක ගැන, හිරේ යන්න ළං වුණාම අංග චලන, මූණේ ඉරියව් ගැන...

:       3       35

රනේ Thursday, 19 June 2025 04:36 PM

ඒ් ගොල්ලන්ට වැඩිය අපේ විපක්ෂය දක්ෂ බව දැනගෙන...

:       1       5

Chathuri Thursday, 19 June 2025 05:49 PM

දැන්... කාලේ නෙවෙයි එන්න තිබුණේ... හොර රැල ඉන්න කාලේ හොඳ හොඳ සෙල්ලම් බලන්න තිබුණා. සුද්ද සින්හලෙන් දෙබස් පුටු උඩින් යන්නේ. මිරිස් කුඩු. පාවෙනවා. ඒ නරුමයින්. හිටියා නම් හොඳ චිත්‍රපටියක් හදන්න තිබුණා.. තව කීප දෙනෙක් ඉන්නවා. ගොබ්බයෝ දැන් වැඩිය දඟලන්නේ නැහැ. නැගිටලා එළියට යනවා. දඟලන්න ගියොත් හිරේ ගිහින් හොරා කාපුවා හොයන්න ගන්නා නිසා...

:       5       14

prasanna Thursday, 19 June 2025 06:26 PM

අලුතින් පාර්ලිමේන්තුවට ආපු බයියන් බලන්නද?

:       9       7

Dr Tissa FernandoThursday, 19 June 2025 06:48 PM

වෙන්ඩ බෑ. බයියො දැන් දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් විතරයිනේ ඉන්නේ..

:       1       10

ChathuriThursday, 19 June 2025 07:57 PM

ප්‍රසන්න ඔයා. කලින් හිටපු හොර නඩේ දෙවෙනි තැන වගේ නේද ඉන්නේ... මම දැක්කා ඉඩම්වන්චා නඩුවට දින දීලා තියෙනවා. අලිපැටව් නැතිව. හිස්බවක් පේනවාලු. අලුතින් ආපු. බුද්මධිතුන්. එක්ක ආපු... තටු කැඩුණු ගොබ්බයෝ ටික බ්ස්සන්න ඇවිත් තියෙන්නේ. හරි ලැජ්ජයි නේද හොරා කෑවේ නොපෙනී දැන් මුලුලෝකේම දන්නවා නඩු කැඳවන කොට. කලින් වගේ නොගිහින් ඉන්න බැරිද බලන්න තවමත් ඉන්නවාලු පගා ගන්න කට්ටිය...

:       2       6

ගුණරත්න Thursday, 19 June 2025 08:06 PM

දිවේ ගෑවී නොගෑවී පච දෙසා බාන පචයින්ගේ සුපිරි වාද කොමඩි බලන්න ආවේ, එක රංගන පාසල්වලත් උගන්වන්න අමාරු දෙයක් නේ!

:       9       3

akalanka Friday, 20 June 2025 11:04 AM

මෙයා ආවේ අපේ හිටපු ජනාධිපති රනිල්ගේ ආරාධනයකට අනුව. වැඩ වැඩි නිසා එන්න පරක්කු වෙලා තියෙන්නේ... දැන් මේකෙන් JVP එක ලකුණු දාගන්න හදනවා.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site