IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මිලානෝ නුවරත් නිදහස සමරයි

 (ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට) 

ජාතික 76 වන නිදහස් දින සැමරුම් උළෙල ඊයේ (04 ) දින අති උත්කර්ෂවත් අන්දමින් 'හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි.

දේශපාලකයන් විසින් විනාශ කර අප රට,එක එකා ඉස්මතු වීමට වෙර දරන ප්‍රයත්නයෙන් වලින් අප රට මුදවා ගන්ට සිංහල, දෙමළ ,මුස්ලිම් ,බර්ගර්, මැලේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රඥාව පහළ වේවා අවබෝධය පහළ වේවා රට මුහුණපා ඇති මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ඉක්මනින් මුදවා ගැනීමට ඔබට අපට සියලු දෙනාට වාසනා උදා වේවයී සෙත් මහගම විපුලසිරි හිමියන් විසින් සෙත් දේශනා කළහ. 

ආඩම්බරය තමයි අප රට 76 වසරක නිදහස් දින සැමරීම, වේදනාව තමයි අද අප රට මුහුණ පා ඇති තත්ත්වය. ඒ සෑම දෙයක්ම කතොලික විශ්වාස අනුව දේව මාතාවට බාර දෙන බව පවසමින් මිලානෝ කිතුන් සංඝයේ උපාධ්‍ය ජූඩ් සුරේෂ් පියතුමා විසින් දේවාශිර්වාදයක්ද පැවැත්විය.

මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානි වීරෝකෝන් මැතිනියගේ ආරාධනය පිළිගෙන ඒහි වැඩමවා වදාළ ඉතාලියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත මහගම විපුලිමේ නාහිමිපාණන් වහන්සේද මිලානෝ ධර්ම නිකේතනාරාම විහාරාධිපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති පැල්ගහතැන්නේ සීලවිමල නාහිමිපාණන් වහන්සේද ජෙනෝවා සම්බුදු විහාරයේ විහාරාධිපති  ඥානතිලක හිමිද මිලානෝ ලංකාරාමයේ බොරලැස්ගමුවේ ලංක විජිත හිමිද මිලානෝ කිතුණු සංඝයේ පින්කි රෝෂාන් පියතුමාද ජූඩ් සුරේෂ් පියතුමාද අන්‍ය ආගමික පූජකවරුන්ද විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සහභාගි වී තිබුණි.

ශ්‍රී ලාංකික කුඩා දුවා දරුවන්ගේ සාම්ප්‍රදායික නර්තන, වාදන ,ගායනා වලින් සැදුම්ලත් මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා ද සහභාගි විය .

පැමිණ සිටි සියලු දෙනා වෙනුවෙන් කොන්සල් කාර්යාලය මගින් දේශීය ආහාරපාන වලින් සැදුම්ලත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබුණි.

අවසානයේදී දමිළ බසින් ජාති ගිය ගායනා කොට උත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ලදී.



අදහස් (3)

මිලානෝ නුවරත් නිදහස සමරයි

පිටිගල මිලානෝ Monday, 05 February 2024 08:37 PM

රට අරක්ගෙන සිටින වංචාකාරී හොර රැළ එලවා නියම නායකත්වයක් පත්කර ගනිමු. ඉතාලියේ ලාංකිකයිනි, ඔබ දැන්ම ක්‍රියාකාරි වන්න. නෑදෑයින් අමතන්න. ඔවුන් සමග බුද්ධිමත් කථිකාවක යෙදෙන්න...

:       1       3

බද්රානි Monday, 05 February 2024 10:59 PM

තානාපති සේවය කෙසේවෙතත්, උත්සව සමරන්න නම් කියාපු ජාතියනේ අපි..? මම මේ නොදන්නා නිසයි අහන්නේ, ඔය මිලාන් නගරයේ පන්සල් කීයක් තියනවාද? දායකයින් එහෙම ගොඩාක් එකමුතු ඇති නේද..? ඔය කියන අනෙක් ජාතීන්ට ප්‍රඥාව පහළ වෙන්න කලින් බහුතර සිංහලයින්ට ප්‍රඥාව පහළ වෙන්න ප්‍රාර්ථනා කළා නම්, ලංකාවේ සියලුම ජනවර්ගයාට සතුටින් ඉන්න තිබුණා... මේ රටේ ජීවත් වෙන්න බැරිව පිටරටවලට පැනගෙන සුද්දන්ගේ රටවල ඉඳගෙන නිදහස් උත්සව සමරනවා දැක්කාම නම් අපට අර කොහෙන්ද මන්දා හිනායනවා.?

:       1       2

චතුරිFriday, 09 February 2024 06:13 AM

සුද්දන්ගෙ රටවලට. පැනගන නිදහස සමරන නවා කියන කතාව වැරදියි ලෝකේ හැමරටකම අපේ ජස්තිය ඉන්නවා. අපේසින්හල ජාතිය ඇර අනිත් හැම ජාතියක්ම එකතුවුනාම හරිම ලස්සනයි. ඉරිසියාව. කේලම්ම් කියන්නයි. ඇද හොයන්නයි. ඒවාට හිනහ වෙන්නයි උපන් හපන් ජාතියක් අපි රටේ වැරැද්ද නේමේ. ඒක. අපේ ජාතියේ හැටි. සුද්දන්න්ගෙ රටවල ට යන්නබැරි කට්ටිය. මැද පෙරදිග යනවා මේ ලේඩේම තමයි එහෙත් තියෙන්නෙ. ගිය තැන ඉවරයි. එකතුවුනොත් රන්ඩුවක්. බලන්නකො මුස්ලිම් ටිකක් ඉන්න තැන. හරි එකමුතුයි. එකට ඉදන් වටවෙලා කන්නේ. අපේ අයට බේදාගන කන්න දන්නවාද

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site