IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


බලංගොඩ රාධ හිමියන්ගේ මහා සතිපට්ඨාන දේශනාව හෙට අනුරපුරේදී

බුදුන්වහනසේ වදාහළ ධර්මස්කන්ධය අවුරුදු 5000ක කාලයක් ඉක්බිතිවත් පවතින එකම දේශය මේ ලංකාධරණීතලය වශයෙන්  බුදුන් වහන්සේ විසින්ම දෙසූ අවස්ථා ඇති බව අප අසා ඇත්තෙමු.

බුදු සසුන ලංකාවේ ස්ථාපිත වීමෙන් අනතුරුව ක්‍රිස්තු පූර්ව දෙවන තුන්වන හතරවන ඈත කාලවලදී විසු රජ දරුවන්ගෙන් බුදු දහමේ චිරස්ථිතය උදෙසා විවිධාංශයන්හි කර්තව්‍යන් සිදු වී ඇති බවටද අතීත සාධක තිබේ. 

වෝහාරතිස්ස  රජුගේ කල රජුගේ අනුග්‍රහයෙන් රාජ්‍ය භාණඩාගාරයෙ මුදල් වැයකරමින් සෑම මාසයකටම වරක්  සොළොස්මස්ථාන හා අටමස් ස්ථානවල මහා ධර්මස්කන්දයේ ඇසුරෙන් දෙසුම් මහා සංඝරත්නය පිරිවරා පැවැත්වූ බව වව්නියාවට එපිටින් ඇති තෝනිගල නම් ප්‍රදේශයේ “ලබු ඇට බැඳිගල” ගිරිලිපියේ සඳහන්වේ

තාක්ෂණයෙන් හා විවිධාකාර දියුණු උපාංග නොමැති කලක මහ ජන ගංගා රැස් කොට පැවැත්වූ එවන් වූ අසිරිමත් පින්කම් අද වත්මනේ පවතින දියුණුව හා කොතෙක් නම් අත්‍යයෝත්තම ලෙස පැවැත්විය හැකිද යන්නට ඉතා ගෞරවණීය උදා හරණ සලසමින් අතිගෞරවණීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන මහා සතිපට්ඨා සූත්‍ර දේශනා බණවර අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදි ශ්‍රවණය කිරීමට මේවන විට සියළු කටයුතු සංවිධානය කර තිබේ.

එම සංවිධාන කර්තවයේ ජාතික සංවිධායක  උදය ශාන්ත ගුණසේකර මහතා මේ උතුම් කටයුත්තේ පෙළ ගැස්ම පිළිබඳව මෙසේ පැවසුවා.

 

දුක නිවන අමා වැස්සක්

 

සංසාර දුක් ගිනි නිවාලන්නට පුළුවන් අමාවැස්සක් හැටියට තමයි සාසන ඉතිහාසයේ මේ දේශනාව පැහැදිලි කරන්නෙ. මේ අතරින් මේ සතිපට්ඨාන සූත්‍රය ගිහි පැවිදි අපේ පිරිස් බොහෝ දෙනා ඉස්සර අපි අපේ ගම්වල ඇත්තෝ කටපාඩමින් දරා ගත් දේශනාවක් හැටියට තමයි මේක හඳුන්වන්නේ.   සිංහල අපේ පාලි මූලාශ්‍රවලින් එනමේ දේශනාව ඉතිහාසය කියවෙන්නේ එහෙමයි.

    

 ඉතින් ඒ නිසා පෙර රජ දවසේ ඉඳන් පැවත එන කුරු රට දී සිදුවුන භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාව නැවත සර්ව රාත්‍රික ව මේ දේශනාව ලංකාව තුළ ඉතිහාසයේ පළවෙනි වතාවට මෑත භාගයේ ලංකා ඉතිහාසයේ සිද්ධ වන්න වෙන්නේ. පොදු ජනතාවට භක්ත්‍යාදර ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට පුළුවන් අවබෝධයට පැමිණිලා සිත ගත සනසා ගන්න පුලුවන් රාත්‍රියක් තමයි මේ ජනවාරි මාසෙ 18 වෙනිදා උදාවෙන්නේ. මෙහි මුඛ්‍ය පරමාර්ථය ශාසනයේ ප්‍රබෝධයක් ඇති කිරීමත් ඒ වගේම ශ්‍රාවකයා නිවන් මාර්ගයට යන මාර්ගය විවර කරන්නත් තමයි අප ගෞරවණීය ස්වාමීන් වහන්සේගේ වීරියවන්ත උත්සාහය.

 

අභිජහිත දේශනාව නොනවත්වා පැය 13 ක්

 

උදය ශාන්ත ගුණසේකර මහතා 

අප ගෞරවණීය රාධ ස්වාමීන් වහන්සේ මේ සිදු කරන්නෙ 17 වෙනි සර්ව රාත්‍රික ධර්ම දේශනාව. මෙහි විශේෂත්වය තමයි හවස 6 පටන් ගෙන පසුදා උදෑසන 6.30 වනතුරු ඒකාසනිකව එකම ඉරියව්වකින් සිදු කිරීම එය උන්වහන්සේ සුදු කරන  ප්‍රාතිහාරයක් ආශ්චර්යයක්. මෙම සර්ව රාත්‍රික දේශනාව මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව තමයි අනුරාධපුරයේ ජේතවනාරාමයේදී. මේ දේශනා කරනු ලබන්නේ.

 මේ දේශනාවෙ ස්භාවය තමයි ලොව පහල වන තාක්කල් සියලු බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහැර පවත්වනු ලබන දේශනාවක් වීම  ඒය හඳුන්වන්නේ අභිජහිත දේශනාව කියල..

 

“අමාදොර විවර විය” සදහම් පදනම තමයි මේකෙ සංවිධානය.. මේ ධර්ම දේශනාව විද්‍යුත් ගුවන් විදුලි රූපවාහිනි මාධ්‍ය නාලිකා ගණනාවකම සජීවී විකාශය වෙනවා. ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම විවිධ රටවල් වලට මේ විකාශය වනවා.විශේෂයෙන් බෞද්ධයා රූපවාහිනියේ, මොනරා TV නාලිකාව ප්‍රඥා ටීවී නාලිකාව ඒවගේම නෙත් fm  සිත fm ලංකාදීප පුවත්පතත් මේකට මැදිහත් වෙනවා. එතකොට ලංකාදීප වෙබ් සයිට් එකේ මේක සජීවීව විකාශනය වෙනවා, අපෙ අමාදොර යූ ටියුබ් නාලිකාවෙත් සජීවීව විකාශනය වෙනවා.

 

ලංකාවේ බොහෝම ධර්මයට ශ්‍රද්ධාවට ශ්‍රද්ධාවන්තව ධර්මයටම ජීවිතය කැප කරපු පවුලක් ඇමරිකාවේ ජීවත් ජීවත් වෙන අනිල් පෙරේරා මහතා සහ චිත්‍රා පෙරේරා මහත්මිය තමයි මේ සඳහා පූර්ණ ධර්ම දාන දායකත්වය ලබා දෙන්නේ. මේ ව‌ගේ ධර්ම දානය බෙදා දීමට  එම දෙපළට බොහෝ කාලයක සිට තිබුණු ආශාවක් අනුව තමයි මේ පින් කමට දායකත්වය ලබා දෙන්නේ. ඒ නිසා ලංකාවේ පින්වතුන්ට අපි ආරාධනා කරන්නේ මේ දේශනාව බලන්න සජීවීව බලන්න අනුරාධපුරට එන්න. නොයෙක් පළාත්වලින් අපට කතා කරනවා. දුරකතන ඇමතුම් අපි ප්‍රසිද්ධ කරල තියෙනවා.

 

ආහාරපාන දන්සැල් සහ  ප්‍රවාහණ පහසුකම් සියල්ල සපයනවා

 

විශේෂයෙන් මේ සම්බන්ධීකරණයට අපේ ශීල සමාහිත බලංගොඩ බෙලිහුල් ඔය ශීල සමාහිත ආරණ්‍ය සේනාසනවාසී මහා සංඝරත්නය අතරින් සම්බන්ධීකරණයට අපේ පූජ්‍ය නිල්වල අනේජ කියල අපේ ස්වාමීන් වහන්සේ නමක් අපේ ගුරුදේව උත්තමයන් වහන්සේවන පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසින් පත්කර තිබෙනවා.

මේ වන විටත් දිවයිනේ විවිධ පලාත්වලින් පැම්ණෙන පිරිස වෙනුවෙන් විශේෂයෙන් දුම්රිය සේවාවක් යොදන්න අපි රජයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අනුව බෙලිඅත්තේ සිට අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය සේවයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ලංගම ඩිපෝවලින් ඉල්ලීමක් කරලා තියෙනවා

 

ඒ වගේම බස්රථ සේවාවන් වලින් මේ සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සහනදායි මිළකට ප්‍රවාහන පහසුව සලසන්න අවස්ථාව හදලා දෙන්න කියලාත් අපි ඉල්ලිමක් කරලා තියෙනවා.

 එමෙන්ම උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සියලුම ගම්බිම්වල ධර්ම ප්‍රචාරණ කටයුතු කරල තිබෙනවා. දිවයිනේ සෑම ගමක්ම නගරයක්ම ආවරණය වෙන්න ධර්ම ප්‍රචාරණය සිදු කරමින් තියෙනව.

ඒ වගේම අපේ සියළුම පුද්ගලික ජාතික මට්ටමෙ මාධ්‍ය ආයතන රූපවාහිනිය මාධ්‍ය වලින් ගුවන් විදුලි මාධ්‍ය වලින් ඉදිරි සති කීපයේදී ඉදිරි දවස් 15 වගේ කාලයකදී සියලුම ආයතන වලින් අපි ඉල්ලීමක් කරලා තියෙනවා ඒ වැඩසටහන් හරහා මේ රටේ  ලෝකයේ මිනිස්සුන්ට දැනුවත් කරන්න කියල. ඒ සඳහා පොදු මහජනතාවට බොහොම ගෞරවයෙන් සෙනෙහසින් මෛත්‍රියෙන් මෙත් සිතින් යුතුව ආරාධනා කරනවා.

 

සැදැහැවතුන්ගේ ආරක්ෂාව

 

පැමිණෙන සැදැහැවතුන්ගේ  ආරක්ෂාව පිළිබඳව දැනට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. පොලීසියෙ විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් ජනතාවට ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

එමෙන්ම අනුරාධපුර දිසාපතිතුමා ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල සහයෝගයත් අපිට ලැබෙනවා සම්පාදන මණ්ඩලයෙන්, ඒ වගේම නගර සභාවෙන් නාගරික කොමසාරිස්තුමාගේ අධීක්ෂණයෙන් වැසිකිලි කැසිකිලි පද්ධතියෙන් නිශ්චිතව පිළිවෙලකට සකස් කරන ලෙසට අප ඉල්ලීම් කර තිබෙනවා.

පානිය ජලය සහ පැමිණෙන පිරිසට සුවපහසුවෙන් අසුන්ගෙන දේශනාව ශ්‍රවණය කිරීමට පහසුකම් පවා අපි සලසලා තියෙනවා.

එලිමහනේ  අසුන් ගෙන බිම වාඩිවෙලා හොඳට ධර්ම දේශනා අහන්න පුළුවන් ලෙස ආලෝක පද්ධති සහ ඩිජිටල් පුවරු පහසුකම් ඇතුළු අති නවීන ශබ්ද විකාශන යන්ත්‍ර සමඟින් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සැලසුම් කරලා තිපෙනවා.

 මෙවැනි කටයුතු එකක් දෙකක් හරි කරලා ලංකාවේ බුද්ධ ශාසනයෙ චිරස්ථිතිය වෙනුවෙන් අලුත් ජාතික ශාසනික ප්‍රබෝධයක් ඇති කරන්නට අපේ ගුරුදේව උත්තමයන් වහන්සේ පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන තිපෙනවා.

 ලංකා ද්වීපයට විතරක් නෙමෙයි මුළු මහත් ලෝක තලයේදි අනාගතයේදී මෙවැනි වැඩසටහන් කරලා ලෝකයාම බුද්ධ ශාසනය පිලිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කරන්නට දායකත්වය දෙන්න අපි අමා දොර විවරවිය සදහම් පදනම නායකත්වය ලබා දෙන්න සූදානමින් සිටිනවා.

 

අනිල් පෙරේරා මහතා සහ චිත්‍රා පෙරේරා මහත්මිය 

 

ඒ වගේම, බුද්ධ දේශනාවේ කියනවා "මහණෙනි සත්වයන්ගේ පාරිශුද්ධිය පිණිසද ශෝකය හා හැඬීම් වැලපීම් දුරු කරුණු පිණිසද දුක් දොම්නස් නසා දැමීම පිණිස ද නිවන් මඟ හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශය පිණිසද නිවන් අවබෝධය පිණිස ද පවත්නා වූ මේ සතර සතිපට්ඨානයෝ නිවනට යන ඒකායන මාර්ගය වේ"  යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. ඒක දේශනා කරල තියෙන්නෙ මේ දේශනාව දඹදිව් තලයේ කුරු රට දී කොම්මාසධම්ම නියම් ගමේදී තමයි සිව්වනක් පිරිස අමතා භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන  සිව්වනක් පිරිස සඳහා කළ දේශනාවක් තමයි මේ බුද්ධ දේශනාව. ඒ කියන්නේ අභිජහිත සිංහ නාදයක් කියලා තමයි දේශනාවේ සඳහන් වන්නේ.

 

විශ්ව ගැමුණු ප්‍රියංකර 

 

 



අදහස් (0)

බලංගොඩ රාධ හිමියන්ගේ මහා සතිපට්ඨාන දේශනාව හෙට අනුරපුරේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29947 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12088 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10892 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 757 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 228 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 877 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site