
(යොහාන් භාසුර)
ආපදාවට පත්වූ පවුල් වෙනුවෙන් ආරම්භ කළ “Healing Sri Lanka” වැඩසටහනට අපි උපරිම සහයෝගය සපයන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වොර්ත් මහතා පැවසීය.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වොර්ත් මහතා අතර කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේදී විශේෂ හමුවක් අද (10) පැවැත්විණි.
මෙහිදී මහකොමසාරිස්වරයා ඕස්ට්‍රේලියාව තුළ ස්ත්‍රී - පුරුෂ සමාජභාවී සමානාත්මතාව වර්ධනය සඳහා සකස් කර ඇති උපාය මාර්ගික සැළස්ම සහ මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳ පැහැදිළි කළේය.
රජයේ කාන්තාවන් පිළිබඳ වන දැක්ම සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය සඳහා වන පස් අවුරුදු බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැළැස්ම පිළිබඳව අමාත්‍යවරිය විස්තර කළ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි භෞතික සංවර්ධන කටයුතු තුළදී ස්ත්‍රී - පුරුෂ සමාජභාවී සංවේදිතාව පවත්වා ගැනීම පිළිබඬ වැඩි අවධානයක් යොමුවිය.
දීප ව්‍යාප්තව පවතින කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පහසුකම් පුළුල් කරමින් අවමය දිස්ත්‍රික්කයකට එක බැගින් වන ලෙස රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාව සහ ඒ හරහා හිංසන්යේ වින්දිත කාන්තාවන්ගේ ජීවිත යළි පනගැන්විමට හැකි වන බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සහ ස්ත්‍රී - පුරුෂ සමාජභාවී සමානාත්මතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළට සහ ආපදාවට පත්වූ පවුල් වල කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ “Healing Sri Lanka” වැඩසටහන සඳහා සහය දීමට අමාත්‍යවරිය කළ ආරාධනය පිළිගනිමින් උපරිම සහය දීමට මහකොමසාරිස්වරයා එකගත්වය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd