IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


’’ගේ ගිනි තියපු එක්කෙනෙක් දැන් කැනඩාවේ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරගලය කාලේ තම ගේ ගිනි තියන්න ආ කෙනෙක් එහි සිට සෙල්ෆි ගසා දැන් කැනඩාවේ  පදිංචියට ගොස් සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමහරුන් විදේශ රටවල සරණාගත වීසා ලබා ගැනීමට අරගලය  පාවිච්චි කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා තම ගේ ගිනි තැබූ තැනැත්තා  දැන් නැවත මේ රටට එන්න බැරි බව ඒත්තු ගන්වා එහි ම ඉන්න උත්සාහ කරන බව සඳහන් කළේය.

බුද්ධි ගලනය යන වචනය තමා ඉගෙන ගත්තේ හතේ පන්තියේදී බවද බුද්ධි ගලනය අද ඊයේ පටන් ගත්ත දෙයක් නොවේ යැයිද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා බුද්ධි ගලනය විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙන බව කීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන්  රට හැර යාමේ  ප්‍රවණතාවය පිළිබඳව සභාව කල් තැබීමේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (12)

’’ගේ ගිනි තියපු එක්කෙනෙක් දැන් කැනඩාවේ’’

Aravinda Monarawila Friday, 06 October 2023 04:07 PM

දැන් බත් කනවද?

:       9       22

Sujith Friday, 06 October 2023 06:04 PM

මුළු රටටම දශක ගණනාවක් තිස්සේ නොනවත්වා ගිනි තියමින් ඉන්න ඔය උන්නැහේලා ටික තවමත් ලස්සනට කිසි ගින්නක් නැතුව පාර්ලිමේන්තුවට වෙලා ඉන්නේ...!

:       7       18

Rukmal Saturday, 07 October 2023 02:43 AM

අරගලය කළේ ඇ. ඩොලර්වලින්...

:       1       1

chandima Friday, 06 October 2023 06:31 PM

අපේ පන්තියෙත් උන්නද? මට මතක තිබුණේ හයේ පන්තියේදී හැළුණා වගේ...? හැබැයි අටේ පන්තියේ නම් උන්නේ නැහැ. ඒක හොඳටම ශුවර්...

:       6       13

මැක්ස් Friday, 06 October 2023 06:46 PM

ගෙවල් ගිනි තියන අයට උල්පන්දම් දීලා කොමෙන්ට් ලියන අය ගෙයක් දොරක් හදන්න මහන්සි වූ අය වෙන්න බෑ...!

:       12       16

අරවින්ද මොනරවිලFriday, 06 October 2023 08:21 PM

රටේ මහජන ධනය හොරා කෑව අයට හා හොරා කන අයට උල්පන්දම් දෙන අය මනුෂ්‍යයෝ වෙන්න බැහැ...

:       0       1

athula Friday, 06 October 2023 09:33 PM

මිනිහට කොක්ක දාන්න එපා. ඕනෑම නම් තවත් පින්තූර ටිකක් යවන්න දේශපාලන රැකවරණය ගන්න. මිනිහාට හරිගියාම ගෙවල් දෙකක් හදන්න සල්ලි එවයි.

:       0       1

Mohan Mapa Saturday, 07 October 2023 12:08 AM

ගිනි තියන එක කිසිම වෙලාවක අනුමත කරන්න බෑ.

:       1       1

Bunny Preena Saturday, 07 October 2023 09:49 AM

රටවැසියන් රට හැර යන එක නවත්වන්න ඕනෙ නම් රට ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් ලෙස දියුණු කරන්න. එතකොට රටවැසියන් රට අතහැරලා යන්නේ නැහැ. හැබැයි සංචාරයක් සඳහා විතරක් පිටරට ගිහින් ආයෙත් එයි.

:       0       3

kavidhu Saturday, 07 October 2023 11:54 AM

ගෙයක් ඕනෑනෑ. ඔය ජීවත්වෙලා ඉන්න එකගැන අරගල කරුවන්ට ස්තූතිවන්ත වෙන්න.

:       1       2

Rata Perata Saturday, 07 October 2023 01:59 PM

ඕක මොකක්ද බන්? හොරෙන් මාල ගෙනාපු අය... එතනෝල් කාරයින්, මිනී මරුවන් පාර්ලිමේන්තුවේත් ඉන්නේ. අනිත් එක මහබැංකුව කඩපු අය අපේ සල්ලිවලින් ලෝකය වටේ ගිහින් පින්තූර දානවා දන්නේ නැද්ද?

:       0       1

Bamunuarachchi Sunday, 08 October 2023 09:46 AM

නම ගම විස්තර දන්නවා නම් JVP ත්‍රස්තයෙක් හැටියට කැනඩා රජයට හඳුන්වා දෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site