
(නිමල් ජයරත්න)
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජිත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි නිවාස සංවර්ධන හා ඉදිකිරීම් ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් මහතාට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමඟ ඒ මහතා අද(02)වන දා එම ස්ථානයෙන් පිටව ගියේය.
හිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ දැඩි පරිසර ගැටලු මතුවන බවට පවසමින් දොරදෙක,කිඹුලාවල,ගම්පොළවත්ත,දොරහතර,මාරසිංහවත්ත,හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල ජනතාව අද 02 වෙනිදා දහවල් විරෝධතාවක නිරත වූහ.
හිඟුරක්ගොඩ සමුපකාර වී ගබඩාව අසල මෙම කසල ප්‍රතිචක්‍රීකිරීමේ කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ගඩොල් වැලි ගෙනත් දමා තිබෙන අතර ඉදිකිරීමට යෝජිත කසල ප්‍රතිචක්‍රිකරණය කරන භූමිය ද මේ වන විටත් සූදානම් කර තිබේ.
විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ දොරදෙක ප්‍රදේශයේ කසල ප්‍රතිශක්තීකරණ මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ස්ථාපිත කිරීමට යන බැවින් කරුණාකර එම ස්ථානයෙන් එය ඉදිකිරීම වහාම නවතා දමන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd