IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’අගමැතිනිය කෝටි 32ක් රජයට ඉතිරි කරලා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අගමැතිනි  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය අගමැති කාර්යාලයේ විවිධ වියදම් කපා හැරීමෙන් රුපියල් තිස් දෙකෝටි නවලක්ෂයක පමණක් මුදලක් රජයට ඉතිරි කරදී  ඇතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (27)  පැවසීය.

අගමැතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට 65 දෙනකු  බඳවා ගත හැකි වුවත් ඇය සත්‍ය වශයෙන්ම යොදාගෙන ඇත්තේ හත් දෙනකු පමණක් බවත් මාධ්‍ය අංශයට හතළිස් හත් දෙනෙකු  අනුමත වුවත් ඇය යොදාගෙන ඇත්තේ දස දෙනකු පමණක් බවත්  ඔහු කීවේය.

නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ජනාධිපති,  අගමැති,  උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුව ඇතුළු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.



අදහස් (11)

’’අගමැතිනිය කෝටි 32ක් රජයට ඉතිරි කරලා’’

karolis Thursday, 27 February 2025 04:08 PM

එහෙනම් එයා ඒ කාළේ කොටුවේ ස්ටේෂන් එකේ උද්ඝෝෂණය කරලා ඉල්ලපු අධ්‍යාපනයට 6% අයවැයෙන් දුන්නේ නැත්තේ මොකෝ? තඹුත්තේගම ස්ටේෂන් එකට නම් මිලියන් 100 ඔක්කොම බොරුකාරයෝ.

:       62       18

ලූට මූස්Thursday, 27 February 2025 05:35 PM

මේ කරෝලිසා අඩු මාසෙන් ඉපදිච්චි කෙනෙක්ද කොහේද?

:       15       21

karolisThursday, 27 February 2025 07:13 PM

ඔහේගේ නමේ හැටියට වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය කෙනෙක් වෙන්න බෑ. ඒ හින්දා අධ්‍යාපනයෙන් වැඩක් නෑ. වැසිකිළි හෝදන්න දැන ගත්තාම ඇති...

:       17       13

සිල්වා Thursday, 27 February 2025 04:49 PM

කොපමණ ඉතිරි කලා යයි කීවත් මහජන අපේක්‍ෂාවන් භංගත්වයට පත්වෙමින් තිබෙන්නේ. බොහොම කණගාටුදායකයි.

:       22       18

Neel Thursday, 27 February 2025 05:06 PM

මේ අයවැයෙන් තමයි වැඩිම මුදලක් අධ්‍යාපනයට ලංකා ඉතිහාසයේ වෙන්කරපු අයවැය ලේඛනය හොඳට කියවාගන්න බලන්න. දේශපාලන පක්‍ෂයකට කඩේ යන්න ඉස්සර හොඳ ශ්‍රී ලාංකිකයෙකු වන්නට බලන්න...!

:       11       26

karolisThursday, 27 February 2025 07:21 PM

හලෝ නීල් 2025 වෙන් කලේ රු. බි. 271ක් කියන්නේ 3% ආණ්ඩුවේ වියදමෙන්. වෙන ආණ්ඩු කරන කාලේ 6% වෙන් කරන්න කියලා මැරෙන්න හැදුවා. ජනාධිපතිත් කියෙව්වා මිසක් අයවැයේ තිබ්බේ මොනවාද කියලා දන්නේ නෑනේ. කඩේ යන සෙට් එකත් ඒ වගේම හරක් තමයි...

:       21       9

විපරමා Thursday, 27 February 2025 05:59 PM

හිටපු දූෂිත නායකයින්ගේ වන්චා, දූෂණ, නාස්තිය ගැන නම් කියලා වැඩක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, ලන්කාව බන්කොලොත් කරපු එකයි කෙරුවේ...

:       8       20

abeygunasekarasampath95 Thursday, 27 February 2025 07:37 PM

එක් පුද්ගලයෙකුට රුපියල් 16 යි...

:       4       7

ගුණරත්න Thursday, 27 February 2025 11:30 PM

මේ ඇමතියෝ ආණ්ඩුව සුද්ද කරන්න උත්සාහ දරනවා විනා වැඩක් කරනවා කියල පේන්න නැහැ, එකත් හොඳයි, මුන් වැඩ බැරි නිසා වැඩක් කරන්න ගිහින් අනාගන්නවට වැඩිය ඔහොම ඉන්න එකත් හොඳයි. නැත්නම් මේ තව පච වුනොත් ආපහු පෝලිම්වල තපින්න තමයි වෙන්නේ.

:       1       2

Perera Friday, 28 February 2025 07:52 AM

කරෝලිස්, රට කාපු එවුන්ගේ කටු දන්කුඩ කකා ජීවත්වන එකෙක්.

:       3       0

රුවන් Friday, 28 February 2025 08:56 AM

සෞඛ්‍යට බිලියන 604, අධ්‍යාපනයට බිලියන 619. (විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බිලියන 135, පාසල් අධ්‍යාපනයට 456) 6.9% ලංකාවේ අඩු අධ්‍යාපනය ලබපු අයට අනුව 6>6.9%

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site