
(මනෝප්රිය ගුණසේකර)
රහස් පොලිස් අත්අඩංගුවෙන් පලායැමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ලැබ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුJ විත්තිකරුවන්ට එරෙහි නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකණ විනිසුරු බුද්ධික සී” රාගල මහතා අද තීරණය කළේය.
‘හරක් කටා’ ඇතුළු විත්තිකාරුවන්ට එරෙහි නඩු විභාගය ආරම්භ කිරීමට සුදානම් වු අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑමට පැමිණීල්ලට හැකියාවක් නොමැති බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා ඇතුලු නීතීඥවරු ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගනිමින් විනිසුරුවරයා එලෙස තීරණය කළේය.
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට අමරතව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ පොලිස් කොස්තාපල්වරයකු වන රවිඳු සංදීප ගුණසේකර” දිනේෂ් තරංග” රුවන් චාමර සහ සංජය අබේසිංහ නමැත්තන්ය.
2023 සැප්කැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ රහස් පොලිසිය බාරයේ රඳවා සිටියදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීයාට පහර දී රහස් පොලිසිය බාරයෙන් පළායෑමට තැත් කිරීම” පහරදී තුවාල කිරීම ඇතළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීතී සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd