
වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
පුනර්ජනනීය බලශක්තිය දිරිමත් කිරීම රජයේ ජාතික ප්‍රතිපත්තියක් බවද අමාත්‍යවරයා කියා සිටියේය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
2024 සිට 2026 දක්වා ජනන දත්ත අනුව රට පුරා සූර්ය බලශක්ති උත්පාදනය වර්ධනය කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටිනවා.
පසුගිය වසර දෙක තුළ පමණක් වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති මගින් මෙගාවොට් 1,513ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා.
තවද, 2029 වසර වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කරන සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 4,585.7කින් ඉහළ නැංවීමට රජය සැලසුම් කර තිබෙනවා.
වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සම්බන්ධයෙන් පැතිර යන වාර්තා බොරු බව ද අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd