
(විමුක්ති එස් රුද්රිගූ)
අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු ඉතා ඉක්මනින් නිදහස් කරගෙන නැවතත් ආරක්ෂිතව ඉන්දියාවට පිටුවහල් කර ගැනීම සඳහා විවිධ ද්වී පාර්ශ්වික යාන්ත්‍රණයන් ඔස්සේ අඛන්ඩව මධ්‍යම රජය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යය ආචාර්ය එස්.ජයිශංකර් මහතා එරට පාර්ලිමේන්තවේදී ප්‍රකාශ කළේය.
ඉන්දීය ධීවරයන්ගේ විශේෂයෙන් තමිල්නාඩු ධීවරයන්ගේ ආරක්ෂාවට මධ්‍යම රජය සැම විටම ප්‍රමුඛතාව ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු ඉක්මනින් මුදාගැනීමට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවද ඔහු කීවේය.
ඉන්දියාවේ ස්ථාවරය නම් මෙම ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය අයුරින් බැලිය යුතු බවත් එයට හේතුව මසුන් ඇල්ලීම තමිල්නාඩු ධීවරයින්ගේ ජීවනෝපාය බවත් යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරට ආරක්ෂක අංශ ඉන්දීය ධීවරයන් 119 ක් සහ බෝට්ටු 17ක් අත්අඩංගුවට ගෙන ඇත.
එසේම පසුගිය වසරේදී මෙරට ආරක්ෂක අංශ ඉන්දීය ධීවරයන් 317ක් සහ බෝට්ටු 43ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 2024 වසරේදී ඉන්දීය ධීවරයන් 526ක් සහ බෝට්ටු 72ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd