(නිමල කොඩිතුවක්කු)

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී අද පැවසීය.

අදාළ ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යවරයා සමග තමන් මහනාහිමිවරු බැහැදැක කරුණු පැහැදිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.