
(අංජුල මහික වීරරත්න)
තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට දිගටම භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙමින් පවත්වාගෙන යන්න හැකියාවක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (13)පැවසීය.
ආසන්න වශයෙන් ඩීසල් ලීටලයක මිල රුපියල් 720 ක් බව ඛනිජතෙල් සංස්ථාව පවසා තිබෙන බව කී ජනාධිපතිවරයා නමුත් ඩීසල් ලීටරයක් ජනතාවට දෙන්නේ රුපියල් 392කට බවත් ඒ ගණනට දීම සඳහා ආණ්ඩුව හැම ඩීසල් ලීටරයකටම රුපියල් සියයක වැය බරක් දරන බවත් සඳහන් කළේය.
ඒ කියන්නේ තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් ලැබෙන්නේ 492ක් බව කී ජනාධිපතිවරයා එයින් ඔවුන්ට විශාල පාඩුවක් සිදුවන්නේ යැයිද ඒ පාඩුව පියමං කරගන්නත් අවශ්‍ය බවද කීය.
පසුගිය කාලයේ නිසි කළමනාකාරීත්වයක් නොමැති වීම නිසා තෙල් සංස්ථාවට බිලියන 84ක පාඩුවක් සිදු වූ අතර ඒ ණය දැන් භාණ්ඩාගාරය විසින් ගෙවන්නේ බවද එම ආයතන තවදුරටත් අකාර්යක්ෂම වී පාඩු වෙන්න ඉඩ දෙන්න හැකියාවක් නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd