
(ෂේන් සෙනෙවිරත්න)
වත්මන් ආණ්ඩුව දිගටම රට කරවනු ඇති බවත් ජනාධිපතිවරයා වෙනස් වුවද ආණ්ඩුව වෙනස් නොවනු ඇති බවත් අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා මහනුවරදී අවධාරණය කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. මින් ඉදිරියට තමන් කිසිදු දිනයක මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වන්නේ නෑ.
රටට සේවය කිරීමට දේශපාලනය කිරීම හෝ පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය නෑ. මහනුවරින් ඡන්දයට ඉදිරිපත් වූයේ ජනාධිපතිවරයා ඒ සඳහා බලකර සිටි නිසායි.
පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා කිසි දිනක ඡන්දය ඉල්ලා නෑ එහෙත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වනවා.
තමන් කිසිදු දිනයක පක්ෂය අතහැර යන්නේ නෑ පක්ෂය කඩාගෙන කිහිප දෙනෙක්ම ගියද එහෙත් පක්ෂය හෙල්ලීමටවත් ඔවුන්ට හැකි වූයේ නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd