
(විමුක්ති එස් රුද්‍රිගු)
එල් නිනෝ දේශගුණික සංසිද්ධිය දුර්වල තත්වයේ සිට මධ්‍යම තත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එල් නිනෝ තත්වය දැඩි එල් නිනෝ තතත්වයක් දක්වා වර්ධනයවීමට සියයට 81 ක සම්භාවිතාවක් තිබෙන බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේය.
එළැඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් මෙරටට ලැබෙනු ඇති බවත් ඉන්දියානු ඩයිපෝලයද ධනාත්මක වෙමින් පවතින බවත් එම වර්ෂාපතනය දෙසැම්බර් මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.
එල් නිනෝ තත්වය මාස 8ත් 12ත් අතර කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් වත්මන් පුරෝකතනයට අනුව එල් නිනෝ තත්වය ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇති බවත් විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේය.
වත්මන් එල් නිනෝ තත්වය දැඩි එල් නිනෝ තත්වයක් දක්වා වර්ධනය වුවහොත් ලබන වසරේ වර්ෂාව අඩු වනු ඇති බවද ඔහු පැවසුවේය. සාමාන්‍ය එල් නිනෝ තත්වය ආරම්භ වන්නේ මාර්තු මාසයේදී වුවත් මෙවර එල් නිනෝ තත්වය ආරම්භ වූයේ ජූනි මාසයේදී බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් නිරිත දිග මෝසමට දැඩි බලපෑමක් එල්ල නොවූවත් තැනින් තැන සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමට එය හේතුවක් වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
එල්නිනෝ සහ ලා නිනා සමග රටේ අනාගතය යන තේමාව යටතේ කැළණිය විශ්ව විද්‍යාලය භූගෝල විද්‍යා අධ්‍යන අංශය, භූගෝල විද්‍යා විෂය සංගමය, සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සහ සන්නිවේදන හා මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ සංවාදාත්මක වැඩසටහන සහභාගී වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
මෙම වැඩසටහනට අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර සූදානම් සහ සැලසුම් කිරීමේ අධ්යක්ෂ චතුර ලියනාරච්චි මහතා ඇතුළු විද්වතුන් පිරිසක් සහභාගී වූවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd