අනුරාධා නන්දසිරි සහ සෙව්වන්දි රණතුංග යන මේ සොයුරියන් දෙදෙනා ගැන කාටවත් අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවෙයි. අනුරාධා, සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි ප‍්‍රවීන ශිල්පිනියගේ එකම දියණියයි. එමෙන්ම සෙව්වන්දි රණතුංග යනු නැසීගිය සංගීතඥ විජේරත්න රණතුංග සහ ප‍්‍රවීන ගායන ශිල්පිනී විශාරද නිර්මලා රණතුංගගේ එකම දියණිය වන්නීය. තවත් විදිහකට කිවහොත්, මල්කාන්ති සහ නිර්මලා සොයුරියන්ගේ පරපුරේ ඊළඟ ප‍්‍රවේශය අනුරාධා සහ සෙව්වන්දි රණතුංග සොයුරියන් වන්නේය. එහෙත් අම්මලා තරමට සංගීතයෙන් මේ දෙදෙනා යමක් නොකරන්නේ ඇයි? සෙව්වන්දි සහ අනුරාධා සැඳැල්ලට ඒ ගැන කියාවි.
අනුරාධා අද දවසේ ඔබගේ කටයුතු මොන වගේද?
පසුගිය කාලයේදී මම මගේ මහත්තයා එක්ක පදිංචිව සිටියේ පිටරට. ඒ නිසා මට මගේ අම්ම ගැන වගේම තාත්තා ගැන බලන්න බැරිවුණා. ඒ නිසා දැන් නැවතත් මට අවස්ථාව ලැබී තිබෙන්නේ අම්මා තාත්තාට උදව් වෙන්න. ඒ දෙන්නගේ කටයුතු වලට මම දායක වන්නේ බොහෝම ආසාවකින්. ඒ වගේම උනන්දුවකින්. ඊට අමතරව බාහිර උපාධිය (ජ’පුර) සඳහා සූදානම් වෙනවා. ඊටත් අමතරව පාසැල් විෂය නිර්දේශයට අනුව සංගීත පංති පවත්වාගෙන යනවා. අමතරව තාත්තා පවත්වාගෙන යන පංතිවලටත් උදව් වෙනවා.
සෙව්වන්දි කොහොමද ඔබගේ අද දවස?
දරුවෝ දෙන්නගෙ වැඩ කටයුතු, මහත්තයාගේ වැඩ කටයුතු වගේම ගෙදර දොර වැඩකටයුතු සමග කාලය ගෙවෙනවා. දියණිය මේ වසරේදී ධරැුඛ කරන නිසා එයාට සහයෝගය දෙනවා. ඊට අමතරව අපේ අම්මා දැන් සිටින්නේ අපි එක්ක. තාත්තා නැතිවුණාට පස්සේ අම්මා ගැන වගකීම තියෙන්නේ අයියටයි, මටයි. ඉතින් අම්මාගෙ වැඩකටයුතු ආදරයෙන් බලා කියා ගන්න මම කැමැතියි. පුද්ගලික ජීවිතයේ ඒ විස්තරවලට අමතරව පොඩි ළමුන්ට සංගීත පංති පවත්වනවා. අද දවසේ ළමා ගී අංශය ගැන දැනුම අඩුයි. ඒ නිසා ඒ අංශයට දායකව ළමුන්ට යමක් සංගීතය වෙතින් ලබාදීම අපේ වගකීමයි.
ඇයි ඔබ ගායනයෙන් යමක් නොකරන්නේ?
පුද්ගලික ජීවිතයේ කටයුතු සමග වසර 10ක් විතර නිහඬව සිටියා. නමුත් මෙතෙක් ගැයූ ගීත කීපය මිනිසුන්ට හොඳට මතක බව පෙනෙනවා. පසුගිය කාලයේදී තීක්ෂණ අනුරාධ සහ ජගත් වික‍්‍රමසිංහ එක්ක යුග ගී දෙකක් කළා. එම ගීත වලට අමතරව තව මගේම ගීතයක් නිර්මාණය කළා. මොනවත් නොකර සිටි කාලයේදී සංගීතය වැඩිදුර හැදෑරුවා.
අනුරාධා මේ දක්වා ඔබ ගැයූ ගීත ඉතා අල්පයි නේද?
කවුරුත් නොදන්නවා වගේ වුණාට මා ගැයූ ගීත ගොඩක් තියෙනවා. සරල ගී වගේම ගුවන්විදුලි ශ්‍රේණිගත ශිල්පිනියක ලෙස ගැයූ ගීතත් ඊට ඇතුළත්. ඊට අමතරව මා ගැයූ ගීත තවත් තිබේ. නමුත් ප‍්‍රචාරය නොවේ.
ඇයි ඒවා ප‍්‍රචාරය නොවන්නේ?
සමහර ඒවායේ රූගත කිරීම් පවා කර තිබෙනවා. සමහර ගීත ගුවන් විදුලි නාළිකාවලට දීලත් තියෙනවා. ඉඳලා හිටලා සමහර වෙලාවට ඇහෙනවා. නැත්නම් නැහැ. හේතු දන්නෙ නැහැ.
ඔබගේ ජනප‍්‍රිය වූ ගීත තිබෙනවද?
තාත්තා එක්ක නිර්මාණය කළ ඒවා වගේම තනියම ගැයූ ගීත කීපයකුත් ජනප‍්‍රිය වුණා.
කොහොම වුණත් ඇයි ඒවා අසන්නන් අතර වඩාත් ජනප‍්‍රිය නොවුණේ?
වසර 8ක් විතර මම ලංකාවේ හිටියෙත් නැහැනේ. ඉන්පසුව ලංකාවට එනකොට ගායන ක්ෂේත‍්‍රයේ වෙනස් සම්ප‍්‍රදායක් ඇතිවෙලා තිබුණා.

තාත්තා, අම්මා තරමට ඔබ ජනප‍්‍රිය වුණේ නැහැ. එහෙම නේද?
ඒ දේවල් එහෙම වෙන්නේ පතාගෙන, ලබාගෙන ආ විදිය නිසා වෙන්න ඇති. අපේ කාලයේදී තරගකාරීත්වය වඩා වැඩිවෙලා ලෝකයට ජනමාධ්‍ය විවර වීමත් එදාට වඩා පුළුල් වෙලා. ඒ සියල්ල සමග තරග කරන්න අපට සිද්ද වෙනවා. සම්ප‍්‍රදාය රැකගෙන අපි යමක් කරන්න උත්සාහ ගන්න නිසා හැලෙන්න වෙනවාත් ඇති.
සෙව්වන්දි ඔබත් ඔබගේ අම්මා තරමට ජනප‍්‍රිය වුණේ නැහැ. ඇයි එහෙම නොවුණේ?
මගේ අම්මා ගායනයෙන් ගමනක් ආවේ හරිම හෙමින්. මටත් ඒ පසුබිම තමයි තියෙන්නේ. ඇත්තටම මගේ මූලික සහ එකම අරමුණ වුණේ වෛද්‍යවරියක වීමටයි. මොකද මට වගේම අනුරාධා අක්කටත් අපේ දෙමාපියන් නිසා ජනප‍්‍රියත්වයේ අඩුවක් තිබුණේ නැහැ.
නමුත් ගායිකාවක ලෙස ඔබට ඉල්ලූමක් ඇතිවුණේ නැහැ?
එක් රැයකින් ජනප‍්‍රිය වෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. අපේ අම්මගෙ ගීත ශ‍්‍රවණය කරන්න වින්දනය හඳුනන පිරිසක් සිටිනවා. ඒ පසුබිම තමයි මටත් ලැබුණේ. ඒ නිසාම ගීතයක් නිර්මාණයට පෙර බොහෝ දේ ගැන හිතනවා. ඉක්මණට ඇවිත් ඉක්මණට නැතිවෙලා යන්න කැමති නැහැ. ‘‘සිනාමල් ගොඩක්’’ ගීතය ගැයුවේ වයස අවුරුදු 14 දී විතර. ඉන්පසුව සුබ මංතලයේ ගීතය ගැයුවා. ඒ ගීත ගැන අදත් බොහෝ දෙනා කතා වෙනවා.
ඇයි ඔබට සහ අනුරාධාට එක්ව ගීත එකතුවක් නිර්මාණය කරන්න බැරි?
අක්කා ගොඩාක් ගී නිර්මාණය කරලා තියෙනවා. මගේත් ගොඩාක් ගීත තියෙනවා. ඔව්, අපි ඒවා ක්‍ෘ ලෙස එළිදක්වන්නයි සූදානම.
කොහොමද ඔබ සහ අනුරාධා අතර තියෙන බැඳීම?
ඇත්තටම ලොකු බැඳීමක් තියෙන්නේ ලොකු අම්මගෙ - පුංචිගෙ දූලාට වඩා සහෝදරියන්ට වඩා, හොඳ මිතුරියන් වගේ බැඳීමක් තියෙන්නේ. පාසැල් යන කාලයේ මම බොහෝ විට හැන්දෑවෙනකල් හිටියෙ ලොකු අම්මගෙ ගෙදර.
අනුරාධා, ඔබ තාත්තා ගැයූ ගී අතරින් කැමතිම ගීය සඳහන් කළොත්?
එක් එක් කාලවලදී එක් එක් ගී තිබුණා. නවාතැනින් ඇය යනවා, දූරාතීතේ, සොවින් පිරි, ඒ වගේ ගීත වගේම, වැඩිය ප‍්‍රචාරය නොවූ ‘‘මිය යමු දවසක එකම වෙලාවක’’ ගීතයටත් මම ගොඩාක් කැමතියි.
සෙව්වන්දි ඔබගේ ප‍්‍රියතම ගායන ශිල්පිනිය කවුද?
විශාරද නන්දා මාලනිය, අපේ අම්මාගේ ගීත වලට වගේම නිරංජලා පුංචිගේ ගීතවලටත් තවත් බොහෝ දෙනාගේ ගීතවලටත් කැමතියි. අම්මා ගැයූ මහාමෙරක් ලෙස, ඔබ ගැන සිතුවෙමි, සහ විශාරද නන්දා මාලිනියගේ අහස සේ ඔබ අනන්තයි, විශාරද දීපිකා ප‍්‍රියදර්ශනීගේ, පිතු සෙනෙහේ සහ පුංචිගේ ගීත ඔක්කෝටම වගේ ආසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩ්වර්ඩ් පෙරේරා මහත්තයා මේ ලියුමකින් කියන්න ඕනෑ දෙයක්නේ ලියලා තියෙන්නේ. (නි)
අචාර්ය එඩ්වඩ් පෙරේරා පාසල් යන කාලේ මල්කාන්තිට ප්‍රේම කල බවක් හා ඒ මල නෙලාගන්න අසමත් වූ බවක් ඔහුගේ කතාවෙන් හැගී යනවා.(නදී)
තර්ජන ගර්ජන විතරක් නොවෙයි මගේම රටේදී මගේ ජීවිතයත් උදුරාගන්න හදුපු උත්සාහයන් වලටත් මුහුණ දුන් අපිට මේ තීරයේ "නිදහස භුක්ති විඳින්න" කැමති පුද්ගලයෙක් අවලාද නැඟුවා කියා පොළව ගිලා බසින්නේ නැත. නමුත් ලියා ඇති භාෂා ශෛලියෙන්ම පැහැදිලි වෙනවා මේ "උත්තමයාගේ" ප්‍රශ්නය තිබෙන්නේ එඩ්වර්ඩ් නම් පුද්ගලයා සමඟ නොව ඔහු ශාස්ත්‍රීය පර්යේෂණ තුළින් ලබාගත් ආචාර්ය උපාධිය සමඟ බව. මේක අපේ ලංකාවේ බොහොම දෙනෙකුට නුතන යුගයේ සෑදුන හීන මානසික රෝගයක් (නි)
හිතවත් ධම්ම, ඔබ ලියා ඇති දෙය අහිංසකයි. එහි අන්තර්ගතය කුමක් වුවත් එය ලියා ඇති ආකාරය මා සිත්ගත්තා. මිනිසුන්ට ගරහන, නින්දා අපහාස කරන පහත් මානසිකත්වයක් ඇති මිනිසුන් ඉන්නා ලෝකයක ඔබ තවත් එක් සෞම්‍ය මිනිසෙක්! (නි)
ලෝකය හිස් තැනක් කරන්න උත්සාහ කළ අතරමංවූ පුද්ගලයෙකුගේ "විලාපයට" සංයමයෙන් හා වියත් බවින් පිළිතුරු දුන් මෙල්බර්න් නුවර චින්තක හා ලන්ඩන් නුවට රොෂාන් යන මහත්වරුන්ට මාගේ ප්‍රණාමය.(ම)
අනුරාධා දුව! ඔයාගේ ආදර අම්මා මගේම පාසැලේ මයි ඉගෙන ගත්තේ. පාසැලේ ප්‍රසංග වලදී ඉඳහිට මමද ගී ගැයූ නිසාත් අැයගේ සංගීත හැකියාවට අමතරව ඈ තුල තිබු සෙනෙහෙබර හා ලෙන්ගතු කම තුලින් අප අතර හොඳ මිත්‍රත්වයක් තිබුනා. පසු කාලෙක ඇය ලංකා සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ විශාරද සරත් නන්දසිරි (වර්තමානයේ මහාචාර්ය) සමග විවාහවී දේශීය සංගීත කලාවට කළ විශිෂ්ඨ සේවාව ගැන මා ආඩම්බර වෙනවා. මමද තරුණ අවදියේම විදේශ ගත වූ නිසා අපට එක්වී යමක් කිරීමට ඉඩක් නොලැබුනත් ඔයාගේ පියාගේ ගීත නිතර ගැයීමෙන් මා අපමණ වින්දනයක් ලැබුවා. ඔයාව මා කිසිදිනක දැක නැති උනත් සංගීත කලාව වෙනුවෙන් යම් කිසි කැප කිරීමක් කරන බව අසා මා ඉතාමත් සතුටු වුනා. සෙවන්න්දීගේ පියාත් පණ්ඩිත් අමරදේව ත් සමග මිතුරෙකුගේ නිවසේ පැවති සාදයකදී එක්ව ගී ගයන්න අවස්තාවක් මට ලැබුනා. ඒ අවස්තාවේදී සෙව්වන්දීගේ පියාත් කොතරම් නිහතමානී පුද්ගලයෙක්ද කියා තේරුම් ගන්න අවස්තාවක් ලැබුනා. ඔයාලාගේ ආදරණීය දෙමව්පියන් වෙනුවෙන් මමද පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු වශයෙන් ඔයාලා දෙදෙනාට සුභ අනාගතයක් පතනවා. (නදී)
ලියන ශෛලිය අනුව නම් මෙල්බර්න් නුවර චින්තක හා ලන්ඩන් නුවට රොෂාන් යන නම්වලින් ලියලා තියෙන්නෙත් එඩ්වර්ඩ් පෙරේරා මහතාමයි කියලයි මට හිතෙන්නේ(නදී)
ඒ කලේ අපි මේ රෝස කුසුමට පිස්සු වැටිලා හිටියේ ............! දවස තවමත් තරුණයි (නදී)
පුද්ගලික දෙයක් ලියන කොට මොන ආචාර්ය නාමද මහත්තයෝ. ඔබගේ අම්මා තාත්තා ඔබට කතා කරන්නෙත් ආචාර්ය පුතා කියලද? (නදී)
පෙරේරා මහත්තයා ගෙදරට ලියුමක් යැව්වත් අන්තිමට ලියිනනේ මීට "ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය " කියලද? (නදී)
ඒ පාර තව ආචාරියෙක් එඩ්වඩ් පෙරේරාලු. නිකනුත් නෙවෙයි පදිංචිය ජර්මනියේ ඕක ලියුමකින්ම එයාට ලියල යැව්වා නම් හොඳ නැද්ද, මොකද පත්තරේ දාල ප්‍රසිද්ධ කරන්ඩ තරං, අනිත් අයට වැඩක් නෑ ඔයාගේ ඔය කතාව (නදී)
මේ දෙන්නගෙම ගී මම අහල තියෙනවා. කට හඬත් හරිම මිහිරියි. එ්ත් ඒවා මාද්‍ය වලින් ප්‍රච්රය නොවීම ප්‍රේක්ෂක අපට කරන ලොකු අසාදාරනයක් (නදී)
ලස්සන වගේම හොඳ හැදියාවක් තියෙන කෙල්ලෝ දෙන්නෙක්. ඔයාලට සුබ ඉදිරි ගමනක් පතනවා. (නදී)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහත්මාණනි, මමද මෙල්බර්න් නුවර වාසය කරන සංගීත හිතකාමී තරුණයෙක්. ඔබතුමා පැවසූ දෙය සත්‍යයි. ලංකාවේ බොහෝ දෙනෙකුට ඇත්තේ මෙම කුහක මානසිකත්වය සහ උද්දච්ච කමයි. කෙනෙකුගේ දියුණුව,උගත්කම දරා ගැනීමට නොහැකි "මාටින්" නම් ව්‍යාජ නම් වලින් පැමිණ උත්සහ දරන්නේ එම අසීමිත ඊර්ෂ්‍යාව කෙසේ හෝ පිට කිරීමටයි. එවැනි කීම් බස් වලට හිත කිලිටි කර නොගන්න.ඔබ තුමා පිළිතුරු දුන් ආකාරයම ඔබගේ උගත් කම ප්‍රදර්ශනය කරයි.පිටරට එන ලාකිකයයන් බොහොමයක් නැවත තම රටට යාමට බිලි වන්නේ මෙවැනි දුෂ්ට මිනිසුන්ගේ කුහක බව නිසයි. ඔබතුමාට ජයවේවා. (බ)
ආචාර්ය, වෛද්‍ය, ඉංජිනේරු වගේ නාම ගන්න හැමෝටම බැහැ. ගත් අය භාවිතා කළා කියලා සමහරු ඊර්ෂ්‍යාවේ මැරෙන්න හදනවා. (නි)
හරිම සුන්දරයි (නි)
ඔබලගේ යහපත් පවුල් ජීවිතවලට මම සුබ පතනවා (ම)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාණෙනි,මමත් එංගලන්තයේ වාසය කරන තරුණයෙක් වෙමි.ඔබ ලියා තිබු ඉතාම සෞම්‍ය වචන පේළියවත් තේරුම්ගන්න බැරි කුහක මිනිසුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.ලියන්නට දෙයක් නැතුව සියලු දේ ගැනම වැරදි දෘෂ්ටි කෝණයෙන් බලන කුහක මිනිසුන් පිරි ලොවක ඔබේ ගමන නවතා නොදමන ලෙස මා ඉල්ලා සිටිනවා.ඔබට චිරන් ජයතු! (නි)