IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නාවත් භෝජනාගාරයට ඇවිත්‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාව වර්ජනය කළද එම පක්ෂයේ මන්ත්‍රීවරුන්  34 දෙනකු පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දැනට උදේ  ආහාරය ගත් බවට  තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී  අද (6) පැවැසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මන්ත්‍රී භෝජනාගාරයෙන්  හොඳට ආහාර ගෙන ඇති හෙයින්  පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන්  ගැටළුවක් ඇතැයි ඔවුන් පවසන චෝදනාව ප්‍රතික්ෂේප වන බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  විශේෂ ප්‍රකාශයක් කරමිනි.පාර්ලිමේන්තුවේ අද කවුරුත් නැතැයි පවසමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රටට වැරදි පණිවිඩයක් දීමට උත්සාහ දැරූ බවද  මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී   පැවසුවේය.

මේ අවස්ථාවේදී අලුත්ගමගේ  සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර උණුසුම් බහින් බස්වීමක් ඇතිවිය. දෙදෙනා අතර ඇතිවූ එම ගැටුම සංසිඳවීම සඳහා කතානායකවරයා දැඩි උත්සාහයක් දරනු දැක ගත හැකිවිය.



 

 



අදහස් (5)

‘සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු නාවත් භෝජනාගාරයට ඇවිත්‘

Nuwa Monday, 06 December 2021 02:44 PM

කන වෙලාවට සතෙකුට වුණත් හිංසා කරන්න එපා කියලනේ කියන්නෙ.. ඒක වෙන්න ඇති... අනේ මෙහෙමත් සත්තු ටිකක්...

:       0       0

යෝගා Monday, 06 December 2021 03:14 PM

ඔය 225 ට සියලු වරප්‍රසාද ඉවත් කරලා සුදුසු මාසික පඩියක් විතරක් දෙන්න බැරිද. හුඟක් ප්‍රශ්න විසඳෙයි

:       0       0

මහසෙන් Monday, 06 December 2021 03:43 PM

පිනට කන්න හම්බවෙන එක අතහැරලා කොහොමද? ඒ නිසා කාලා ඉන්න ඕන මොනදේ කලත්.

:       0       0

nimal Monday, 06 December 2021 05:30 PM

මේ ඔක්කොම බොරුකාරයෝ මල්ලි. රටේ ජනතාව රැවටීම තමා එයාලගේ ලොකුම ජොබ් එක

:       0       0

Sk Monday, 06 December 2021 06:49 PM

නොකා නොබී කොහොමද අපි ගැන බලන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 149 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 59 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 453 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 618 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 345 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 280 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site