
(ටී.කේ.ජී.කපිල )
රුපියල් දස කෝටි අසූ ලක්ෂයක් වටිනා " කොකේන් " මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු , කටුනායකට ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද(15) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 60 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකි
ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් 05/15 දින උදෑසන 10.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ , සහතික පත්‍ර බහාලන ෆයිල් කවර 02 ක් තුළ සූක්ෂම ලෙස සගවා , මෙම " කොකේන් " මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150 ක් රැගෙන විත් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd