IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘කුෂ්‘ සමඟ මත් ජාවාරම්කරු අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් , සිය නිවසෙහි සගවා ගෙන සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු , දීර්ඝ විමර්ශනයකින් පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

34 හැවිරිදි මොහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විවිධ පුද්ගලයන් යොදවා විදේශ වලින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඒවා රට පුරා අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවන්නෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අඩංගු ගමන් මල්ල වෙනත් පුද්ගයෙකු අත එවා ඇති අතර එය කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන මෙම ජාවාරම්කරුවාගේ නිවසට රැගෙන ගොස් භාර දී ඇති අතර , මෙම ජාවාරම්කරුවා  අත් බෑගයක් පමණක් රැගෙන  තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබුණි .

මේ සියල්ල හොදින් නිරීක්ෂණය කරමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් , මෙම ව්‍යාපාරිකයා නිවෙසට පැමිණි පසු , නිවෙස වටලා ඒ වනවිටත් , සිය නිවසෙහි විවෘත නොකළ ගමන් මල්ල තුළ ඇසුරුම් 20 කට සකස් කර තිබූ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 යි ග්‍රෑම් 668 ක තොගය අත් අඩංගුවට ගෙන තිබේ .

මීට අමතරව මෙම ජාවාරම්කරුවා  සන්තකයෙහි රුපියල් පහළොස් ලක්ෂ දහ නව දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,900 ක මුදලක් ද තිබී අත් අඩංගුවට ගෙන තිබේ .



අදහස් (0)

‘කුෂ්‘ සමඟ මත් ජාවාරම්කරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site