
ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතුරින් ෆින්ලන්තය, මෙම 2026 වසරේ ද අඛණ්ඩව 9 වැනි වරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පළමු ස්ථානයට පත් වී ඇත.
ෆින්ලන්තය අයත් වන්නේ යුරෝපයටය. ලෝකයේ සතුටුම රට ලෙස ශ්‍රේණිගතකිරීම් සිදු කරන්නේ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ‘වෙල්බීංග්’ පර්යේෂණ ඒකකයයි.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා සිදුකරන සමීක්ෂණවලින් ලෝකයේ සතුටුම ශ්‍රේණිගතකිරීම් සිදු වෙයි.
ෆින්ලන්තය, නෝඩික් රටකි. ලෝකයේ සතුටින්ම සිටින රටවල් 10 අතරේ අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍යය ද ඇත. මේවා ද නෝඩික් රටවල්ය.
නෝඩික් රටවල් යනු උතුරු යුරෝපයේ සහ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි භූගෝලීය සහ සංස්කෘතිකමය වශයෙන් එකිනෙකට සමීප රටවල්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිස්ට් එකේ හැමදාම වගේ උඩින් තියෙන රටවල ප්‍රධානතම ලක්ෂණයක් තමයි බහුතරය නිරාගමිකයන් වීම. ආගමික උන්මත්තකයන්ට ඕනනම් හොයල බලන්න පුළුවන්.