මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මලයාසියාවේ සිට මරණ තර්ජනය කළ බවට වරද පිළිගත් සුමල් ලක්මනට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඔහු මුදා හළේය.
ඔහු දින 25ක් මේ නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියේය.
මීට පෙර ඇමැති සමයේ සිරිසේන මහතා ඝාතනය කරන්නට ආ කොටි සාමාජික ශිවරාජා ජෙනීවන් සිරගෙට නියමවූ නමුත් ජනපතිවරයා ඔහුට සමාව දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද ඉස්සරත් දැන් යහපාලනය අතරත් තිබෙන වෙනස. (නි)
අපොයි දේශපාලකයන්ට විරුද්ධව ෆේස්බුක් එකේ පලවෙන දේවල් දැක්කම පුදුමවිය යුතුත් නැහැ. (අ)
ඉසුරන්දි, සමාජ ජාල වල දේශපාලකයන්ට විරුද්ධ බොහෝ දේවල් පලවෙනවා. නමුත් මරණීය තර්ජනය කියන එක ඉතා බරපතල වැරද්දක්. (ර)
හොඳ මතක හිටින පාඩමක් ඉගෙනගන්න ඇති. (ර)
මරණීය තර්ජන නොකර කියන්න දේවල් බොහොම තිබෙනවා. එ්ත් ඉතින් මේගොල්ලෝ කරන කියන දේවල හැටියට අනේ මන්ද (බ)
ජයම්පති ඔබ හරි ඕනෑම තැනක දේශපාලකයන්ව විවේචනය කරන්න පුළුවන් උපහාසයට ලක්කරන්න පුළුවන් නමුත් මරණ තර්ජන කරන්න බැහැ ( කාටවත්ම එහෙම කරන්න නීතියෙන් ඉඩක් නැහැ ) (බ)
මෛත්‍රීගේ මිනිසත් කම නිසා ඔහුට මරණ තර්ජන මරණ ක්‍රියා කල සැමට නිදහස (හේ)
දවස් විසි පහක් මදැයි ඉතින් , තවත් මොන දඬුවම්ද ? (ර)
නව තාක්ෂනය අයුතු ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව දැඩි නීති ගෙන ආ යුතුයි. (ර)