ෆේස් බුක් ගිණුම් මගින් ලොව පුරා සිදුවීමට ගිය සමාජ ව්‍යසනයක් සම්පුර්ණයෙන්ම අඩපණ කැර දැමීමට ඇමෙරිකාවේ ෆේස්බුක් මුලස්ථානයේ බලධාරීන් පියවර ගත් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
ෆේස් බුක් ගිණුම් වලට අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය තොරතුරු රැගත් ලින්ක් (සබැඳියක්) සටහන් කිරීම මෙම සමාජ ව්‍යසනයයි.
මේ බවට දැක්වෙන පැමිණිලි පහක් පමණ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී තිබිණි.
මේ පිළිබඳව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ අදාළ ෆේස්බුක් ගිණුමේ හිමිකරු තම ගිණුමේ සටහන් වු තමන් නොදන්නා ඡායාරූප සහ ලින්ක් (සබැඳියන්) කිසිදු සොයා බැලීමකින් තොරව ක්ලික් කිරීම හේතුවෙන් අනවශ්‍ය ගැටළු පැන නැඟි ඇති බවයි.
එසේ ක්ලික් කිරීම නිසා අදාළ ගිණුම හා සම්බන්ධ සෙසු ගිණුම් අතරේද මෙය පැතිර යාම නොවැළැක්විය හැකි කරුණකි.
මේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් නිලධාරීන් වෙතට දැනුම් දීමක් කළේය. ලෝකයේ තවත් රටවල් කිහිපයක්ම මේ ගැන වාර්තා කර තිබෙන බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
අවසානයේදී මෙම අර්බුදය අඩපණ කිරීමට ශක්තිමත් පියවරක් යෙදීමට ෆේස්බුක් බලධාරීන් සමත් වී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන ලෙසට සියලුම ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි . මොනම හේතුවක් නිසාවත් තමන් නොදන්නා ඡායාරූප හෝ ලින්ක් ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි තොරතුරු සංසදය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයකට මූණදෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතිව ක්ලික් නොකර හරියන්නේ නැහැ නේද ?(නදී)
මොනා හරි හොදකට අවවාදයක් කියපුවාම මාර පණ්ඩිත දේවල් ලියන්නේ. අපේ අය කොහොමත් අසභ්‍ය දේවල් බලන්න මාර අාසයි එ්කයි මේ (නදී)
ඇත්තටම මේකේ හොද පැත්තක් හෝ නරක පැත්තක්ද ඇත එම නිසා මෙහි සිටින සියලු දෙනාට කියා සිටින්නේ බොභෝ සෙයින් මෙය හොඳ අතට පාවිච්චි කරන ලෙසටය මෙය නරක ලෙස පාවිච්චිය නිසා ලංකාව තුළ ජීවිත රාශියක් මේවන විට වීනාශ වී ඇත ,මේ ගැනත් සැලකිලිමත් වන්න (බ)
සමහර සබදතා නැති එක කාට-කාටත් ගුණදායක වේ. (ර)
සම්බන්දතා නැතුව ලෝකයක් පවතින්නේ නැහැ. (ර)