ෆේස්බුක් මිතුරෝ පිරිසක් ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයට සහ වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයයට ගොස් ළමයින්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන උපකරණ බෙදා දුන්හ.
පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයේ සිසු සිසුවියන් 57 දෙනෙක් සහ ගුරුවරු හය දෙනෙක් ද, වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයයේ සිසුන් 34ක් සහ ගුරුවරු පස් දෙනෙක් සිටිති.
ධනේෂ් මදුරංග එදිරිසූරිය නම් තරුණයාගේ අදහසකට අනුව ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් ‘සමාජ සත්කාර ඩොට් එල්කේ‘ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඔවුහු මාස ගණනක සිට සමාජ සත්කාර කිහිපයක්ම සිදු කළහ.
දුර බැහැර දුප්පත් පාසලකට උදව් උපකාර කිරීමට අවශ්‍ය බවට ෆේස්බුක්හි පණිවිඩයක් පළකිරීමෙන් පසු ලැබුණු තොරතුරු අනුව ෆේස්බුක් මගින් හැඳින ගත් දිනේෂ් කුමාර විජේසේකර නම් මිතුරකු සමග ධනේෂ් යතුරු පැදියකින් ගලේවෙල ගොස් පාසල සොයාගෙන විදුහල්පති හමුවී සාකච්ඡා කළේය.
පාසලේ ඡායාරූප හා විස්තර ෆේස්බුක්හි පළකළ අතර එය දුටු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂකයන්ගේ එකමුතුව එම පාසලට හා ළමයිනට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සඳහා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පරිත්‍යාග කර තිබිණි.
තවත් ෆේස්බුක් මිතුරන් තුන් හාරසියයකගේ උදව්වෙන් අධ්‍යාපන උපකරණ රැගෙන පාසල් දෙකට ගිය ඔවුහු පාසල් දෙකේ සියලු සිසුන්ට අධ්‍යාපන උපකරණ බෙදා දුන් අතර එක් සිසුවකුට රුපියල් හය දහසක කට්ටලයක් ලැබිණි.
සෑම සිදුවකුටම පොත් බෑගයක්, සපත්තු ජෝඩුවක්, මේස් ජෝඩුවක්, පොත්, පෑන්, පැන්සල්, වතුර බෝතල්, කෑම පෙට්ටි, කතුරු ඇතුළු උපකරණ රැසක් ඇතුළත් කට්ටලයක් ලබා දුන් අතර ගුරුවරුනට කලිසම් රෙදි සහ සාරි පිරි නැමිණි.
ඊට අමතරව පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයට පුස්තකාල අල්මාරියක්, පරිගණකයක්, මුද්‍රණ යන්ද්‍රණක් හා වතුර පෙරුම් උපකරණයක් ද පරිත්‍යාග කළහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොද වැඩ (දී)
සියල්ල අනිත්‍යයි කියල තේරුම් ගෙන මෙකරන සත් ක්‍රියාව තව තවත් ඉහලින් කරගැනීමට ශක්තිය ධෛර්ය උදාවේව,,,,,ජය වේවා (දී)
තෙරුවන් සරණයි ඔබ සැමට! (නි)
ඔන්න මල්ලි, වැඩ කියන්නනේ මෙන්න මේවා. නියම ආදර්ශ. ජයවේවා! (නි)
හොඳ වැඩක්.අපේ හැම කෙනෙක්ම මේකට සහයෝගය දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි (නි)
කොච්චර හොඳද? (නි)
ඔබත් කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ ලින්ක් එකට එන්න. https://www.facebook.com/B.H.EdirisooriyaFoundation (නි)
ඔබ සැමට අපගේ උත්තමාචාරය! මෙවැනි දේවල් කරන්න ඔබට තවත් ශක්තිය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! (නි)
කොල්ලන්ගේ නියම වැඩක් (නදී)
බොහෝ දෙනා අපයෝජනය කරන ෆේස්බුක්, ඉතාම සද්කාර්යයක් සඳහා ප්‍රයෝජනයට ගෙන රටටම ආදර්ශයක් දුන් ඔබ සැමට ප්‍රණාමය. (නි)
මේ දෙයට සහභාගීවූ සියලු දෙනාට සර්වභලධාරී දෙවිඳුගේ ආශීර්වාදය පතනවා. (අ)
ඔය විදිහට ලංකාවේ රජයක් කියල දෙයක් ඕනේ කරන්නේ නැහැනේ.හැම දෙයක්ම පිට රටවල දුක් විදින මිනිසුන් ලවාම කර ගන්න පුළුවන්නේ. (අ)
මෙවැනි දේවල් දැකල කෝටි ගණනින් කොමිස් ගහල රට විනාස කරන දීශපාලකයන් ලජ්ජා වෙන්න ඕනේ . (අ)
පුංචි රටේ පාලනය කරන්න කියල අවරුද්දකට කෝටි ගානක් කාබාසිනියා කරලා ඇමතිවරු අකසිය ගානක් ජාතික අදායමෙන් නඩත්තු කලාට රටේ අසරණ දරුවන් ලක්ෂ ගාණක් ඉන්නවා කහට තේ කෝප්පය බීල පාසල් යන.සෙරෙප්පු දෙකක් නැතිව පාසල් යන. (අ)
ඉතාම හොඳ යහපත් වැඩක්. හරිම අගෙයි, නමුත් තොරණේ සඳහන් වචන දෙක ගැන පාසලේ සිංහල ගුරුතුමා පොඩ්ඩක් සැලකිලිමත් වුනා නම් තවත් අගෙයි. මොකද මේක දරු පරපුරකට දැනුම ලබා දෙන පාසලක් නිසා. (අ)
බොහොම හොඳයි දිනේෂ් (අ)
ඉතා හොඳ එකමුතු වැඩක් ආදර්ශය ඉතා උතුම් (නදී)
අගය කල යුක්තකි. බොහෝ ෆෙස් බූක් මිතුරන්ට මෙය ආදර්ශයකි ලොකු පිනක් (අ)
ඉතා සතුටුයි ! සැමට යහපත සැලසේවා ! (අ)
ඉතාම අගය කළ යුතු සමාජ සත්කාරයක්. බලධාරින්ගේ ඇස් අන්ධ වී ඇති කාලයක මෙය උතුම්කොට සළකමු. (නි)
අපි ලංකාවට එන්නේ මේ අවුරුද්දේ අවසානයේදීයි. ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි ඉන්නේ අබුඩාබි වල. (නි)