තමා දේශපාලනයට පිවිසෙන බව සඳහන් කරමින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කට කථා සාවද්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කියයි.
දේශපාලනය සම්බන්ධයෙන් තමාගේ කිසිදු උනන්දුවක් නොමැති බවත්, එම ආරංචි පදනම් විරහිත බවත් දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නැති බවත් සංගක්කාර තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දන්වා සිටියි.
පසුගිය 20 විස්ස ලෝක කුසලානයෙන් පසු ක්‍රිකට් බලධාරීන්ට ඍජුව චෝදනා කිරීම හා එංගලන්තයේ පැවති කොලින් කවුඩ්‍රි දේශනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කිරීම හරහා කුමාර් සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවට කට කථා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචි පැතිර ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට නම් යන්න එපා සංගා. ඔබ අපිට ගෞරවයක්! (නි)
ඔහු මහත්මයෙක් නිසයි දේශපාලනයට සුදුසුකම් නැත්තේ (නි)
කවදාවත් දේශපාලනයට එන්න එපා. (නි)
ඔබ මුළු රටම ආදරය කරන මහත්මා ක්‍රීඩකයෙක්. දේශපාලනයට ඇවිල්ලා ඒ ගෞරවය නැතිකර ගන්න එපා. (නි)
තණපිටියෙන් පොරපිටියට එන්න අපේ සංගාට ඕනෑ නැහැ (නි)
ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියාට පස්සේ දේශපාලනය තෝරගත්තට කමක් නැහැ. හැබැයි ලංකාවේ නම් නෙමේ. මොකද ලංකාවේ සංගාට ගැලපෙන මහත්මා දේශපාලනය නැහැ. (නදී)
ඒ මනුස්සයා කැමති නෑ කොහොමත් මඩ වලේ බැහැල නාන්න. (ර)
ඔබ දේශපාලනයට එන්න එපා. ඔබගේ අබිමානය, ගෞරවය සැමදා තියේවි. මඩ වගුරට බහින්න එපා. (ර)
අපි කැමැති සංගක්කාර දේශපාලනය කරනවට වඩා ක්‍රීඩකයෙක් විදිහටි. ඔබගේ ගත් තීරණය හොදයි. (ර)
ඔබගේ නම පාවිච්චි කරනවා මිනිස්සු ලං කරගන්න. (ර)
මේ බොරු ලියන අය මොනවද එකෙන් හම්බ කරන්නේ.? (ර)
සංගා ගෙන් ඉල්ලන් කාපු දෙවෙනි පාර. (ර)
සංගා කියන්නේ ඉතාමත් අවංක බුද්ධිමත් නිරහංකාර කාගේත් ආදරයට ගෞරවයට ලක්වෙන පුද්ගලයෙක්. එයා කවදාවත් ' ශ්‍රී ලංකා දේශපාලනය' කියන ජරා ගොඩට බැහැලා එයාගේ අභිමානය නැතිකරගන්නේ නැහැ. (ර)
ප්‍රභාත්, දන්නේ නැද්ද බොරු වලින් හම්බ කරන මුනුපොතේ කට්ටියක් අපේ රටේ ඉන්නවා කියලා. (ර)
දිගටම ක්‍රිකට් සමග ඉන්න. ඔබට රට වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුලුවන් (නදී)
සංගා අයියා, ඔබ උගත් බුද්ධිමත් නියම මහත්මයෙක්, ඔබ ක්‍රීඩාවට සමුදුන්නට අපි වගේ ලක්ෂ ගණන් හදවත් වලට සමුදෙන්න ඔබට බැහැ. අපි ඔබට ආදරෙයි.අපේ සනා අයියා කරගත්ත වගේ ඔබත් දේශපාලනයට ඇවිල්ලා ඒ ගෞරවය නැතිකර ගන්න එපා... (බ)
ඔබට ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් හා ජාත්‍යන්තර වශයෙන් කළහැකි දේවල් බොහොමයක් තිබෙනවා. ඒ සඳහා ඔබට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම මේ වගේ දේවල් වලින් නැතිකරගන්න එපා. (නි)
සිගිරි ගලේ කුරුටු ගී වලට හානි කරන අය ඉන්න රටේ.ඔබ වගේ අපේ රටට වස්තුවක් වෙලා ඉන්න අයටත් නමට හානි කරන එක ගැන පුදුමයක් මට නම් නැහැ.(දිල්)
හොඳ තීරණයක් (නි)
සංගා, ඔයාගේ සුදුසුකම් මදි දේශපාලනයට. (නි)
අනේ පොලිටිකල් වලට එන්න එපා. ක්‍රිකට් වලට මොනවහරි දෙයක් කරන්න. (ර)
ඒ සුහද ක්‍රීඩකයාට තිබෙන, දේශපාලනයෙන් තොර අසීමිත ආදරය සුනුවිසුනු කරන්න කළවැඩක් වෙන්න ඇති ඕක (නි)
සංගා කවදත් බොරු ඕපාදුප වලට අතදිගහැරලා 6 පාරවල් ලෝබ නැතුවම දීලා දානවා . (නි)
ආදරණීය සංගා, හැමදාමත් මුළු රටේම ගෞරවය රැකගෙන අසහාය ක්‍රීඩකයෙක් ලෙසට ඉන්න. ඔබ මුළු රටේම වටිනා වස්තුවක් මිස දේශපාලකයෙක් නොවේ.ඔබට ජය. (නි)
මහත් හොරුන්ගෙන් ගහණ දේශපාලන ක්‍රීඩා පිටියට මහත්මයෙක් එන්නේ නෑ. ඔබේ අනාගතය ඔබ කවුදැයි තීරණය කරාවි.(නදී)
ෆේස්බුක් හොඳදේට වගේම වැරදි වැඩවලටත් යොදාගත හැකියි (නි)