නාය යෑමෙන් අවතැන් වී බණ්ඩාරවෙල අයිස්ලැබි දෙමළ විද්‍යාලයයේ අවතැන් වුවන්ගේ කඳවුරේ නැවතී සිටින 150 ක් පමණ වැසියනට මුල්ලේරියාව අනුර එස් ලියනගේ ටාගට් නිවුස් ෆේස් බුක් සාමාජික එකමුතුව වියලි ආහාර,ඇඳුම් පැළැඳුම් පිරිනැමීය.
ශෙරෝන් ලියනගේ ,චරිත් ලංකා එන්ටර්ප්‍රයිසස් අධිපති චරිත් හා සෙව්වන්දි ලියනගේ,මිහිදු ෆොන්සේකා ,රුවන් චාමර ගජසිංහ ද මේ සත්කාරයට අතහිත දුන්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු දැනට දේශපාලනයේ නිරත වන හෝ ඉදිරියේදී දේශපාලනයට එන්න උත්සාහ කරන හෝ කෙනෙක් විය නොහැකිද? (ර)
බෝඩ් ගසාගෙන කරන අය තමයි ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ. (ර)
වැරදි ආකාරයට ෆේස් බුක් පරිහරණය කරන සැමට ලොකු පාඩමක්. විශේෂයෙන් පාසල් සිසුන්ට. (නදී)
ඔබ කල සත්කාර්ය මහගු පින්කමකි. ඔබ සැමට නිරෝගී බල සම්පත් ලැබේවා.! (ර)
ඉදිරියේදීත් මෙවැනි උපකාර කිරීමට ධෛර්ය ලැබේවායී ප්‍රාර්ථනා කරමු. (ර)
මේ සමාජ සත්කාරය කරපු හැම දෙනාටම පින්. අවාසනාව කියන්නේ මෙවන් හොද දෙයක් කරපු ඔබලා ගැන කිසිම් කොමෙන්ට් එකක් දාල නැහැ. මොනවා හරි ෆේස්බුක් වලින් නරකක් උනා නම් කියවන්න ඕනෑතරම් අය ඉන්නවා. නොමිනිසුන් අතරේ මිනිසුන් සිටින බව මතක තබා ගනිමු. ඔබලාට තෙරුවන් සරණයි. (ර)
යහපත් මාධ්‍ය භාවිතය ගැන සෑබෑ උදාහරණයක් පෙන්වාදීම ගැන ලංකාදීපයට තුති. (ර)
මගේ උණුසුම් සුභ පැතුම් .(අ)
අසරණ අයට සරණක් වුණ ඔබලාට ගොඩාක් පින් ! (අ)
තනතුරු නම්බු නාම නැතිව සමාජයට හොදක් කරන්න දක්ෂයෙක් (නදී)
විපතේදී සරණවූ මිතුරණි, ඔබට පිං සිදුවේවා. මේවා තමයි මූනු පොතේන් සිදුවන හොඳ දේ. නැවතත් ඔබ සියලු දෙනාට යහපතක්ම වේවා......!(හේ)
සැබෑ අසරණයන් හඳුනාගෙන පිහිටබ වන්න. (ස)
ඔබ සියළු දෙනා සිදුකල මෙහෙය ඉතාමත් අගය කරමි. ඔබට ජය.. (ස)
බෝඩ් එකේ තියෙන්නේ සමාජ සත්කාරය කියල. ඡන්දෙ ඉල්ලලා නෙවේ. ඔබලාට බොහෝ පින්! (ස)
හොඳ දෙයක් දැකීමත් සතුටක් (දී)