ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් පොලිසිය ගෙන ආ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවමින් පැනවූ අතුරු තහනම ජූලි දෙවැනිදා දක්වා යළි දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය.
එම නඩුව අද කැඳවු අවස්ථාවේදී ජූලි මස 02 වන දින දක්වා අදාළ අතුරු තහනම ක්‍රියාත්මක වන පරිදි අභියාචානාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ මඩවල යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගයක් ලබා දුන්නේය.
පෙත්සමට එරෙහිව විරෝධතා දැක්වීමට කල් අවශ්‍ය බව නඩුව වෙනුවෙන් පෙනී සිටින රජයේ නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම යළි කැඳවීම ජුනි මස 30 වනදා සිදුකිරීමට නියමිතය.
අදාළ නීතිය ක්‍රියාත්මක වීමට එරෙහිව නාලක ඉන්ද්‍රජිත්, චානක දිසානායක ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතංග, අමාත්‍ය රංජිත් මදදුමබණ්ඩාර, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆුල් ෆේස් තහනම් කරන්න. ඉන්පසුව මුහුණ වැහෙන ඇඳුම්... (නි)
දිනෙන් දින රටතුල අලුත් අලුත් නීති රීති ගෙන එන්නේ වෙන මොකවත් නිසා නොව රටේ පාලන තන්ත්‍රයේ තියෙන අඩු ලුහුඩුකම් නිසයි. (ම)
ජනතාවගේ යහපත වෙනුවෙන් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කල යුතුමයි.සාමාන්‍ය හෙල්මට්වත් නොදා දඩ ගෙවීම් කරන අය ෆුල්ෆේස් ඉල්ලනවා.රටේ සොර බිය නවතින තුරු ෆුල්ෆේස් රටට එපා.(කේ)
මේක හරියට එ්දවස් වල හදිසි නීතිය මාසෙන් මාසේ දික්කළා වගේ. (බ)
වම කරන දේ දකුණ නොදන්නා පාලනය (බ)
දත් කැඩිලා මුණ කට සමතලා වෙන දහස් ගානකට රජය වන්දි ගෙවිය යුතයි.මේ නීතිය පනවන්න යන අයට නම් ප්‍රශ්නයක් නෑ ඔවුන්ගේ වාහනවල එයා බැග් 8 යි.යතුරු පැදි පාවිච්චි කරන අය ලෝකේ කිසික රටක නැති නීතියට විරුද්ධ විය යුතයි.(හේ)