
(ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ)
ආරක්ෂකක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා මහතා කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති වූ සංකූලතාවයක් පසුගියදා අභාවප්‍රාප්ත වු අතර ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.
එම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටි අතර ඔවුන් දෙදෙනා එහි දී එකිනෙකාට ආචාර කරගත් අයුරු




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වගේ බරපතල විදියට දූෂණ, වංචා වෙන රටක සිදුවුණා නම් ඒ රටවල හමුදාව මෙලහකටත් රටේ බලය අල්ලා ගෙන රට විනාශ කරන හොරු ටික හිරේ දාලත් ඉවරයි. අපේ රටේ ඉතින් හැම එකටම අතිගරු අතිගරුගාමින් පස්සෙන් යන අය තමයි ඉන්නේ...
යුද්ධය අවසන් කරපු වීරයෝ මෙන්න.
මෑතකාලයේ මා දුටු සුවිශේෂීම පුවතක්. මාධ්‍ය ඉතිහාසයේ රන් පිටුවක්...
ලස්සන සිදුවීමක්... කාලෙකින් දැකපු ලස්සන ප්‍රවෘත්තියක්.
ශ්‍රී ලංකා වීරයින්... සතුටු දායක අවස්ථාවක්... දෙවි පිහිටයි..!!!
හමුදා ආචාරයකට සුදුසුම නිල ඇඳුම තමා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ඇඳගෙන සිටින්නේ.අපේ ගමේ ඔවැනි ඇඳුමකට අපි පොඩි කාලේදී කිවුවේ සිල් රෙද්ද සහ සිල් බැනියම කියලයි.එයාගේ පදක්කම් ටිකත් පැළඳ සිටියා නම් මේ චායාරූපය තව්ත් වර්ණවත් වෙන්නත් තිබුනා
අද දැකපු ලස්සනම පින්තූරය...
සිංහයා, සිංහයාම තමයි නේද
මේ අයට බොහොමත්ම ස්තුතියි.. අපි නිදහසේ හුස්ම ගන්නේ මේ අය නිසායි..
ඇසට ප්‍රිය උපදවන දර්ශනයක්. සජබේ ඇසට කටු අනින දර්ශනයක්.
අපි එකම රෑනේ කුරුල්ලෝ... මේ පාරාදීසේ...
ඉතා සුන්දර සහ සතුටු හමුවක් සහ පිංතුරක්.
මෙන්න මේ අය තමයි මේ සුන්දර දිවයින පාලනය කල යුත්තේ.එතකොට නීතිය කාටත් එකයි.ගැහිලි නැහැ.බැනිලි නැහැ.වැනිලි නැහැ.ඔබෙන් එක් එයෙක් ජනාධිපති වී අනිකා අගමැති වන්නේ නම් මේ රට මේ අපරාධයන් වලින් වලකා ගත හැකි යයි මා විශ්වාස කරන්නෙමි.දැන් ඉතිං වෙලාව හරි. වැඩේට බහින්න.මම දිවිය ලෝකෙ ඉදගෙන බලා සිටිනවා.විජය ගාමිණී දෙන්නම මට හමුවානා.කාලෝ කීවෙත් මම කියන ටික තමයි.ඇන් ඇම් මල්ලියි,කොල්වින් මල්ලියි,සොලමන් අයියයි,සිරිමා අක්කත් මගේ අදහස අනුමත කලා.නැත්නම් තව නොබෝ කලකින් මේ පුංචි දිවයින ලෝක සිතියමෙන් ඉවත්ව යාවි.
විනයක් සහිත යුද හමුදාවක් බවට ක්‍රියාවෙන්ම පෙන්නුම් කළ අවස්ථාවක් වශයෙන් මගේ පුද්ගලක අදහස. හරිම අගෙයි... සතුටුයි. මේක තමයි අවශ්‍ය... මේක තමයි නැත්තේ...
සුපිරියි.. පිදිය යුත්තන් පිදීමයි.. ඉතාමත් සුන්දර දසුනක්.. දුක උපදවන ස්ථානයක සතුට රැඳුණු මොහොතක්..!!!
නටන්න දෙයක් නැහැ... බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් (Band of brothers) බලපු අය දන්නවා සීන් එක..
මෙතුමන් දෙපළම අපේ ශක්තීන්. මේ දෙන්නා එකතු වෙන්න ඕනෑ පාදඩ දේශපාලුවන්ට කඩේ යන්න නෙමෙයි. මෙතුමන් දෙපළට තියෙන දැනුමයි, පෞරුෂයයි දේශපාලුවන් එකෙකුට වත් නෑ. මිනිස්සුන්ටත් ඒ දැනුම නැති නිසා පාදඩයින් බලයට එවලා දුක් විඳිනවා. අනේ සාදු...!!!
යුද හමුදාවේ විනය මේ ෆොටෝ එකෙන්ම පේනවා.මේක අපේ පාලිමන්ට් එකටත් අරන් යන්න .225 ට කියලා දෙන්න .මෙය අපේ හැදෙන පරම්පරාවට වටිනවා.රණවිරුවනි ඔබට ජය වේවා
අද මව්බිම රකින මල්ලීගෙන් එදා මව්බිම රැකදුන් අයියාට සිදුකළ ගෞරවය ශ්‍රී ලාංකික අපිටත් ගෞරවයකි...
ඔන්න ඉතින් දැන්වත් වැඩේට සෙට් වුණා නම් කියලා වැඩක් නැහැ බුදු සරණයි...! දෙවි පිහිටයි...!
යහපත් වැඩක් .
රණවිරුවන්ට ජයවේවා
මේවා ලංකාව වගේ දුප්පත් මානසිකත්වයක් තියන මිනිසුන්ට මැජික්...