IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ෆ්ලෝටින් මාර්කට්ටුවත් අරගල කරුවන්ට

 

(සුජිත් හේවාජුලිගේ )

මැනිං පාවෙන වෙළෙඳසල්  පරිශ්‍රය (ෆ්ලෝටින් මාර්කට්)අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

අරගලකරුවන්ගේ   කලා කටයුතු වෙනුවෙන්ද ඒ ස්ථානයේ   ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.



අදහස් (10)

ෆ්ලෝටින් මාර්කට්ටුවත් අරගල කරුවන්ට

SUNIL MILANO Saturday, 06 August 2022 02:55 PM

ඉල්ලගෙන කන්න හදන්නේ...!

:       1       94

කිරි පුතා Saturday, 06 August 2022 03:18 PM

මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කළ නාටකයේ දෙවැනි කොටස... රටට අයත් සම්පත් නොවටිනා දේ බවට පත් කරලා ලෝකය පුරා හිඟාකෑමේ අරමුණු ඇතිවිට මෙවැනි දේ සිදුවේ...! 

:       7       60

mahee Saturday, 06 August 2022 03:21 PM

අන්න ඒක හොඳයි. ජෙප්පන්ගේ, පෙරෙට්ටන්ගේ අතකොලු නොවුණු සෙට් එකක් කියලා හිතුණා...

:       52       8

UPALI Saturday, 06 August 2022 06:18 PM

බොහොම හොඳයි. කුඩු, අරක්කු එහෙමත් ඔය හරියේ තියනවනේ... ජෙප්පන්ට රජමඟුල්.

:       0       0

Bamunuarachchi Saturday, 06 August 2022 06:31 PM

එක හොඳ අදහස. පොලිස්සියෙන් පැන්නොත් එක්කෝ වතුරට පනී නැතිනම් වතුරට තල්ලු කරාවී.

:       8       40

sena Saturday, 06 August 2022 10:51 PM

අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // කදුළු ගෑස්‌ // ජල ප්‍රහාර සොයාගෙන යමූ // එක්වීලා// වෙන්විලා// තැනින් තැනට අපි යමූ // අරගලයත් ගෙන යමූ // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ // අරගල පිළිබද සිත් ඇදිලා යයි මේ සිරිබර රටේ // සන්තෝසයි දුකයි සැපයි // සදා දෙන්නේ අපේ සිතයි // මර්දනයට බය නැතී // අරගල කරුවන් අපී // අරගලයකී ජීවිතේ // කරදර පිරිලා තිබේ //

:       0       0

චන්දන Sunday, 07 August 2022 07:22 AM

හොඳයි . එයාලට නාන්න හොඳම වතුර තිබෙනවා .

:       1       2

Saman Sunday, 07 August 2022 07:34 AM

නියම තැන. අරගල ප්‍රතිඵල අවුල් නම් ලේසියෙන් බේරෙ වැවට පනින්න පුළුවන්.

:       1       2

Perera Sunday, 07 August 2022 01:05 PM

විරුද්ධ වෙන්න එන අය බේරේ වැවට බස්සලා නාවන්න ලේසි නිසා වෙන්න ඇති.

:       0       0

BT Sunday, 07 August 2022 01:43 PM

මෙම තීරණය, මෙරට විධායක ජනාධිපතිට ලබා දී ඇති අනිසි බලයට තවත් එක් නිදසුනකි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටි සමයේ මෙරට වේලාව වෙනස් කිරීම ඊටත් වඩා බරපතල නිදසුනකි. වේලාව වෙනස් කිරීමට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ විදුලිබල අර්බුදයට පිළියමක් ලෙස විදුලිය භාවිතා කෙරෙන පැය ගණන අඩු කරගැනීමයි. වසරේ විවිධ මාසවලදී සූර්යාලෝකය ඉතා කෙටි කාලයක් හෝ දීර්ඝ කාලයක් හෝ ලැබෙන සෘතු ඇති රටවල, ඒ-ඒ කාල සීමාවලදී වේලාව ඉතිරි කරගැනීමට daylight saving time නම් ක්‍රමය යෙදුවත්, මෙරටට උචිත ලෙස එය නොකෙරුණි. සැබවින්ම සිදු වූයේ සෑම නිවසකම පාහේ උදෑසන කාලයේ වැඩිපුර පැයක් පමණ විදුලිපහන් භාවිතා කිරීමට සිදුවීමයි. ඊට හේතුව, වේලාව වෙනස් කිරීම ඒ-ඒ මාසවල සූර්යාලෝකය ලැබෙන කාල පරාසයන්ට අනුව සිදු නොකිරීමයි. ආර්.ප්‍රේමදාස ජනාධිපතිගේ සමයේද බොහෝ දේ ජනාධිපතිගේ අණින් වෙනස් කෙරුණි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙරට හැඳින්වීමට එතෙක් භාවිතා වූ Sri Lanka වෙනුවට Shri Lanka යයි යෙදීමට නියම කිරීම ඉන් එකක් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site