මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවත්වන ලෙස පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන් බව නීතිය හා සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියයි.
මීට පෙර ද එම නීතිය පනවා කෙටි කාලයකින් ඉවත් කර ගැනිණි.
අද (9) උදේ වෙඩි තබා පුද්ගලයකු ඝාතරනය කරීමට සැකකරුවන් පැමිණ ඇත්තේ ෆුල් ෆේස් හෙල්ටම් පැළඳගෙන බවත්, අද (09) සවස පනාගොඩ කොල්ලයට සැකකරුවන් පැමිණ ඇත්තේ ද ෆුල්ෆේස් හෙල්මට් පැළැඳගෙන බවත් කියති.
ෆුල්ෆේස් හෙල්මට් නීතිය පැනවීමෙන් පසු තරුණයෝ ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ ඊට එරෙහිව විවිධ දෑ ප්‍රචාරය කළෝය.
යූටියුබ් වීඩියෝ නිර්මාණය කරන කුෂාන් හා ශ්‍රීමාල් ඒ වෙනුවෙන් සැකසූ වීඩියෝව පහත දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම කරන්න ඕන දෙය තමයි අර කළු පාටින් මුළු ශරීරෙම වහන් ඉන්න ගෝනිබිල්ලොන්ට තහනමක් දාන්න ඕන මොකද එහෙම ඇවිත් කීයක් මරල තියෙනවද (බ)
හා බන්දුල පෙරේරා, ලංකා තිලක් කියන නමින් ඉන්න කෙනා ඔයාම නේද? ඔය වගේ අයට ලැජ්ජාවක් නැහැ කියලා අපි දන්නවා. ඔය ආයේ එන්නේ නැහැ කිව්වට මේ ඇවිල්ලා තියෙන්නේ. (නි)
ඩුබායි තිලක්ගේ කතාව නම් මල් හතයි (නි)
ගමන අතරතුර යතුරුපැදියෙන් බහිනකොටම හෙල්මටයත් ගැළවියයුතු බවට නීතියක් ගෙනෙමු. සමහරු බඩු ගන්න කඩේ ඇතුළට යන්නෙත් හෙල්මට් දාගෙන. (නි)
මුහුණ වැහෙන්න අඳින ඇඳුම් එහෙමත් නවත්වන්න. (නි)
අපේ අයට හරියට නීතියක්වත් හදාගන්න බැහැනේ! (නි)
හොරකම් කරන්න ඕනි මිනිහට ෆුල් ෆේස් තහනම් කලත් එකයි නැතත් එකයි.. මොකද ඕක තහනම් කළා කියලා බැංකුවක් කඩන්න එන මිනිහට ඕක දාගෙන එන එක කජ්ජක්ද..(නදී).
හොරුන් අල්ලා ගන්න බැරුවද ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්නේ? (නි)
හොද ඔලුවකින් හරි තීන්දුවක්. නොමවේවි මුහුණට හිසට අනතුරක්. (නදී)
කපටි තීන්දුවක් ! (බ)
සම්පූර්ණ වැසුණු හෙල්මට් මගින් ජිවිතයට ආරක්ෂාව මෙන්ම අලුයම හා රාත්‍රියට බයිසිකල් පැදවීමට පහසුය.නමුත් මෙමගින් සිදුවන අකටයුතුකම් නැවතීමට හෙල්මටයට ඇලවිමට අංකයක් ලබාදීම වැනි දෙයක් නරකද? (අ)
රටේ හොරකම් අඩු කරන්න කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරලා ලෝකය හිනස්සන්න එපා.මොකද අපේ හිටපු දෙශප්‍රේමීන් මහා දවල් මහජන මුදල් කොටි ප්‍රකෝටි ගණනින් හොරකම් කළේ ඔය කියන ෆුල් ෆේස් හෙල්මට් පැළදගෙන ඇවිත්ද? (අ)
රටේ හොරකම් අඩු කරන්න කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරලා ලෝකය හිනස්සන්න එපා. (ර)
මගේ නිවාඩුවට ලංකාවට ඇවිත්,250 යතුරු පැදියේ 120 ක වේගයෙන් ගිහින් වැලි සහිත තාර පාරේ ලිස්සල ගිහින් තාර පොලවේ දෙපාරක් ඔලුව අනිලත් අද මට ජිවත් වෙන්න පුළුවන් වුනේ වුසස් වර්ගයේ "ෆුල්ෆේස් හෙල්මට්"එකක් පැළදගෙන සිටිය නිසයි."ෆුල්ෆේස් හෙල්මට්" එකක් ගැලවෙන්න තිබෙන වාසිය අඩු නිසයි. (අ)
මෙච්චර කල් රටේම ධනස්කන්දය හොරා කෑවේ ෆුල් ෆේස් පැළදගෙන ඇවිත්ද? (ම)
තාවකාලිකව අත් හිටුවලා ? (නදී)
මුලින්ම ෆුල් ෆේස් හෙල්මට් ආනයනය තහනම් කරන්න. පස්සේ අවුරුද්දකින් විතර හෙල්මටයට හඳුනා ගැනීමේ අංකයක් මුද්‍රණය කරන වැඩ පිළිවෙලක් යොදන්න. දැන් පාවිච්චි කරන සහ කඩ වල විකුනන්න තියන හෙල්මට් අඩුවෙන විදිහේ දේවල් කරලා , මේක තහනම් කරන්නම ඕන කරනවා. ප්‍රතිපත්ති සම්පාදකයෝ මිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කරනවා (නදී)
අපරාදේ..කලින් මේ නිතිය නොදැම්මේ..අම්මප ඩුබායි තිලක්ගේ කතාව ඇහුවම මට එහෙම්මමයි හිතුනේ..මේ නීතියට ඔරෝප්පුවෙන් හිටපු මට එහෙම කොහොම හිතුනද මන්ද..හැබැයි ඉතින් එක අතකට ඩුබායි තිලක්ට මොන හෙල්මට්ද..ඔලුවක් තියෙන්න එපැයි බේරගන්න..මේ මනුස්සයට ඔලුවක් නැති බව එසැන පුවත් කවුරුත් දන්නවනේ..(නදී)
හිතුව හරි..හෙල්මට් එක හින්ද ජිවිතේ බේරුනාට මොලේ හෙල්ලිලා අනිත් පැත්ත ගහල..පවු ඩුබායි තිලක්..(නදී)
මේ වර්ගයේ හෙල්මට් පැළඳ හෝ අතැතිව බැංකු වලට පැමිණෙන අයට වෙඩි තබා මරා දැමීම වඩා සුදුසුයි (නදී)