මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවත්වන ලෙස පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට උපදෙස් දුන් බව නීතිය හා සාමය අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියයි.
මීට පෙර ද එම නීතිය පනවා කෙටි කාලයකින් ඉවත් කර ගැනිණි.
අද (9) උදේ වෙඩි තබා පුද්ගලයකු ඝාතරනය කරීමට සැකකරුවන් පැමිණ ඇත්තේ ෆුල් ෆේස් හෙල්ටම් පැළඳගෙන බවත්, අද (09) සවස පනාගොඩ කොල්ලයට සැකකරුවන් පැමිණ ඇත්තේ ද ෆුල්ෆේස් හෙල්මට් පැළැඳගෙන බවත් කියති.
ෆුල්ෆේස් හෙල්මට් නීතිය පැනවීමෙන් පසු තරුණයෝ ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ ඊට එරෙහිව විවිධ දෑ ප්‍රචාරය කළෝය.
යූටියුබ් වීඩියෝ නිර්මාණය කරන කුෂාන් හා ශ්‍රීමාල් ඒ වෙනුවෙන් සැකසූ වීඩියෝව පහත දැක්වේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆුල් ෆේස් හෙල්මට් නීතිය ඉවතට
මහේෂ් ද සිල්වා Tuesday, 10 March 2015 10:10 AM
මුලින්ම කරන්න ඕන දෙය තමයි අර කළු පාටින් මුළු ශරීරෙම වහන් ඉන්න ගෝනිබිල්ලොන්ට තහනමක් දාන්න ඕන මොකද එහෙම ඇවිත් කීයක් මරල තියෙනවද (බ)
අනුරුද්ධ Tuesday, 10 March 2015 12:08 AM
හා බන්දුල පෙරේරා, ලංකා තිලක් කියන නමින් ඉන්න කෙනා ඔයාම නේද? ඔය වගේ අයට ලැජ්ජාවක් නැහැ කියලා අපි දන්නවා. ඔය ආයේ එන්නේ නැහැ කිව්වට මේ ඇවිල්ලා තියෙන්නේ. (නි)
ධනංජය Tuesday, 10 March 2015 01:41 AM
ඩුබායි තිලක්ගේ කතාව නම් මල් හතයි (නි)
එඩ්වර්ඩ් Tuesday, 10 March 2015 02:16 AM
ගමන අතරතුර යතුරුපැදියෙන් බහිනකොටම හෙල්මටයත් ගැළවියයුතු බවට නීතියක් ගෙනෙමු. සමහරු බඩු ගන්න කඩේ ඇතුළට යන්නෙත් හෙල්මට් දාගෙන. (නි)
කලන Tuesday, 10 March 2015 03:01 AM
මුහුණ වැහෙන්න අඳින ඇඳුම් එහෙමත් නවත්වන්න. (නි)
රංග Tuesday, 10 March 2015 03:30 AM
අපේ අයට හරියට නීතියක්වත් හදාගන්න බැහැනේ! (නි)
පැතුම් Tuesday, 10 March 2015 04:44 AM
හොරකම් කරන්න ඕනි මිනිහට ෆුල් ෆේස් තහනම් කලත් එකයි නැතත් එකයි.. මොකද ඕක තහනම් කළා කියලා බැංකුවක් කඩන්න එන මිනිහට ඕක දාගෙන එන එක කජ්ජක්ද..(නදී).
සාලින්ද Wednesday, 11 March 2015 01:45 AM
හොරුන් අල්ලා ගන්න බැරුවද ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්නේ? (නි)
දුමින්ද Monday, 09 March 2015 02:01 PM
හොද ඔලුවකින් හරි තීන්දුවක්. නොමවේවි මුහුණට හිසට අනතුරක්. (නදී)
දර්ශා Monday, 09 March 2015 02:13 PM
කපටි තීන්දුවක් ! (බ)
ගයාන් Monday, 09 March 2015 02:28 PM
සම්පූර්ණ වැසුණු හෙල්මට් මගින් ජිවිතයට ආරක්ෂාව මෙන්ම අලුයම හා රාත්‍රියට බයිසිකල් පැදවීමට පහසුය.නමුත් මෙමගින් සිදුවන අකටයුතුකම් නැවතීමට හෙල්මටයට ඇලවිමට අංකයක් ලබාදීම වැනි දෙයක් නරකද? (අ)
තිලක් -ඩුබායි Wednesday, 11 March 2015 04:14 AM
රටේ හොරකම් අඩු කරන්න කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරලා ලෝකය හිනස්සන්න එපා.මොකද අපේ හිටපු දෙශප්‍රේමීන් මහා දවල් මහජන මුදල් කොටි ප්‍රකෝටි ගණනින් හොරකම් කළේ ඔය කියන ෆුල් ෆේස් හෙල්මට් පැළදගෙන ඇවිත්ද? (අ)
තිලක් -ඩුබායි Wednesday, 11 March 2015 04:14 AM
රටේ හොරකම් අඩු කරන්න කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරලා ලෝකය හිනස්සන්න එපා. (ර)
තිලක් -ඩුබායි Monday, 09 March 2015 02:39 PM
මගේ නිවාඩුවට ලංකාවට ඇවිත්,250 යතුරු පැදියේ 120 ක වේගයෙන් ගිහින් වැලි සහිත තාර පාරේ ලිස්සල ගිහින් තාර පොලවේ දෙපාරක් ඔලුව අනිලත් අද මට ජිවත් වෙන්න පුළුවන් වුනේ වුසස් වර්ගයේ "ෆුල්ෆේස් හෙල්මට්"එකක් පැළදගෙන සිටිය නිසයි."ෆුල්ෆේස් හෙල්මට්" එකක් ගැලවෙන්න තිබෙන වාසිය අඩු නිසයි. (අ)
තිලක් -ඩුබායි Wednesday, 11 March 2015 04:23 AM
මෙච්චර කල් රටේම ධනස්කන්දය හොරා කෑවේ ෆුල් ෆේස් පැළදගෙන ඇවිත්ද? (ම)
ජයේ Monday, 09 March 2015 03:05 PM
තාවකාලිකව අත් හිටුවලා ? (නදී)
චමින්ද Monday, 09 March 2015 03:06 PM
මුලින්ම ෆුල් ෆේස් හෙල්මට් ආනයනය තහනම් කරන්න. පස්සේ අවුරුද්දකින් විතර හෙල්මටයට හඳුනා ගැනීමේ අංකයක් මුද්‍රණය කරන වැඩ පිළිවෙලක් යොදන්න. දැන් පාවිච්චි කරන සහ කඩ වල විකුනන්න තියන හෙල්මට් අඩුවෙන විදිහේ දේවල් කරලා , මේක තහනම් කරන්නම ඕන කරනවා. ප්‍රතිපත්ති සම්පාදකයෝ මිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කරනවා (නදී)
පිවිතුරු යහපාල Monday, 09 March 2015 03:10 PM
අපරාදේ..කලින් මේ නිතිය නොදැම්මේ..අම්මප ඩුබායි තිලක්ගේ කතාව ඇහුවම මට එහෙම්මමයි හිතුනේ..මේ නීතියට ඔරෝප්පුවෙන් හිටපු මට එහෙම කොහොම හිතුනද මන්ද..හැබැයි ඉතින් එක අතකට ඩුබායි තිලක්ට මොන හෙල්මට්ද..ඔලුවක් තියෙන්න එපැයි බේරගන්න..මේ මනුස්සයට ඔලුවක් නැති බව එසැන පුවත් කවුරුත් දන්නවනේ..(නදී)
ලංකා තිලක් Monday, 09 March 2015 03:12 PM
හිතුව හරි..හෙල්මට් එක හින්ද ජිවිතේ බේරුනාට මොලේ හෙල්ලිලා අනිත් පැත්ත ගහල..පවු ඩුබායි තිලක්..(නදී)
සෙනෙවි Monday, 09 March 2015 04:04 PM
මේ වර්ගයේ හෙල්මට් පැළඳ හෝ අතැතිව බැංකු වලට පැමිණෙන අයට වෙඩි තබා මරා දැමීම වඩා සුදුසුයි (නදී)