පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස වසර 10ක් කටයුතු කළ තමාට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා ෆේරියල් අශ්රොෆ් මහත්මිය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
වැන්දඹු විශ්‍රාම වැටුප් ලැබීම නිසා විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තමන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප අහිමි කිරීම අසාධාරණ බවද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක, නියෝජ්‍ය පාර්ලිමේන්තු මහ ලේකම් ආර්.ඒ.රෝහණධීර සහ නීතිපති එයින් වගඋත්තරකරුවන් කර ඇත.
තම සැමියාවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.අෂ්රොෆ් ගේ මරණයෙන් පසු ඔහුට හිමි විශ්‍රාම වැටුප ලැබුණද ඉන්පසු වසර 10ක් තිස්සේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තමාට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් නොලැබුණු බව කියමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යොමු කළ බවත් වැන්දඹු හෝ මන්ත්‍රීධූරයට හිමි විශ්‍රාම වැටුප් දෙකින් එකක් තෝරාගන්නා ලෙස දැනුම්දුන් බවත් ඇය පෙත්සමින් කියයි. තමා වෙනත් විවාහයක් කර නොගත් බැවින් තමාට විශ්‍රාම වැටුප් දෙකම හිමිවිය යුතු බව අෂ්රොෆ් මහත්මිය පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම වැටුපක් දියයුත්තේ කළ සේවය කාලය සළකා මිස,විශ්‍රාම වැටුපකින් පොහොසත්වීමට නොවේ. වැටුප් කීපයක් එකතුකර දීම ලොව වෙනත් රටක නොකරයි. (නි)
රජයේ සේවක ගේ විශ්‍රාම වැටුප් 55 පසු , වයස 20 දී පාර්ලිමේන්තුවට ගිහින් 5 කින් ගෙදර ගියත් ගොඩ. මේවට පනත් නැද්ද , මේවා සල්ලි විනාස වෙන වැඩ නෙවෙයිද ? (නදී)
මහජනයා සහ රට වෙනුවෙන් සේවය කරන්න නේද ආවේ? අයි දැන් විශ්‍රාම වැටුපක්? විශ්‍රාමික ගුරුවරු සහ රජයේ සේවකයන් මුළු ජිවිතකාලයෙන් අඩක්ම සේවය කලත් හම්බවෙන සොච්චම් වැටුප දන්නවා නම් නුඹලා මෙහෙම ඉල්ලයිද කියල හිතෙනවා! (නදී)
විශ්‍රාම වැටුප් සම්බන්ධව රටේ නීතියක් ඇතිනේ. නීතියට අනුව කටයුතු කරන්න. එච්චරනේ (නි)
පාර්ලිමේන්තු යන අයට අවුරුදු 5 න් විශ්‍රාම වැටුප් දෙන එක වැරදියි. එන්නෙ ජනතාවට සේවය කරන්න කියලා. ඇවිල්ලා බහුතරය කරන්නේ හමිබ කරන එක. ඒ ඇවිල්ලත් දැන් විශ්‍රාම දෙකක් ඉල්ලනවා. මේක වැරදියි. නිතිය වහාම වෙනස් කරන්න (නදී)
දෙකක් කොහොමවෙතත් එකක්හරි දෙන්න පුලුවන් නම් ඒකත් හොඳයි (නි)
මම නම් කියන්නේ මේ ඉල්ලීම හරි (නි)
රජයේ සේවකයන්ට නම් මේ වගේ වෙලාවට විශ්‍රාම වැටුප් දෙකම ලැබෙනවා. මෙතනදීත් ඒක වියයුතුයි නේද? (නි)
විශ්‍රාම වැටුප් දෙකක් ගත් කෙනෙක් පාර්ලිමේන්තුවට සම්බන්ධ නමුත් මන්ත්‍රී කෙනෙක් නොවන අයෙක් සිටියාද? (ර)
කොහොමද මේ දෙකම හරි වෙන්නේ? එක විශ්‍රාම වැටුප කට පමණක් දිය යුතු. තන්හාවක තරම!(හේ)
වෙනත් විවාහයක් කර ගත්තත් විශ්‍රාම වැටුපෙන් අර්ධයක් ලැබිය යුතුය. (නදී)
මමත් හිටපු රජයේ සේවකයෙක්. අවුරුදු 21 ක් කරලත් අන්තිමට වුණේ විශ්‍රාමත් නැතුව ඉල්ලා අස්වෙන්න. අවුරුදු 5හෙන් විශ්‍රාම වැටුප් දෙන එක සියළු රජයේ සේවකයින්ට දෙන්න බැරිද. (නි)
මෙච්ර කතා කරන්න මේක ජාතික ප්‍රශ්නයක් ද? (ම)
රජයේ සේවයේ සිට විශ්‍රාමගිය කාන්තාවගේ සැමියාත් රජයේ සේවයේ සිට මියගියා නම් එම කාන්තාවට මියගිය පුරුෂයාගේ සහ තමාගේ විශ්‍රාම වැටුප් දෙකටම හිමිකම් ඇත (නි)