චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කළුගල් කියුබ් කෝටි ගණනක් අවශ්‍ය බවත්, එම අවශ්‍යතාවය සපුරා ගන්නේ කෙසේද යන්න යහපාලන ආණ්ඩුව රටට වහා හෙළි කළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පරිසර විරෝධී සංවර්ධන ව්‍යාපෘති නිසා මිනිසුන් ලක්ෂ ගණනින් බැට කමින් සිටින මේ මොහොතේ වරාය සංවර්ධන නගර ව්‍යාපෘතියත් දියත් කළ හොත් එහි බලපෑම අද මෙන් දහ දොළොස් ගුණයකින් මුළු රටටම නුදුරේම එල්ල වෙනු ඇති බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ලංකාදීපයට පැවසීය.
සිය මැතිවරණ දේශපාලනය වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නම ඇසූ ජාතික හෙළ උරුමය සියල්ලට ප්‍රථමයෙන් මේවාට උත්තර දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද දීපු උත්තරයම මේ ආණ්ඩුවත් දෙයි. බැරිවෙලාවත් ඔයාලට රට කරගෙන යන්න ලැබුනොත් කොහෙන්ද කළුගල් ගන්නේ? (නි)
ඕකත් ලොකු කජ්ජක්ද? ඔය චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පටන්ගන්න යෝජනා කරනකොටම චීන්නු දැනගෙන හිටියා මෙතරම් කළුගල් තොග ශ්‍රී ලංකාවේ නොමැති බව. අතරමඟ නතර නොකර මේ වැඩේ දිගටම කරගෙනයාම සඳහා චීනෙන් කළුගල් තොග පිටින්, නැව් පිටින් අපේ රටට විකිණීම මේ ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් අත්සන් කිරීමට චීන්නු කට අැරගෙන බලා හිටියා. අපේ අයත් මේ චීන උගුලට අහුවුණා.... (නි)
කවදා ඉඳලාද "පෙරටුගාමීන්" ජාතියේ මුරදේවතාවුන් වුණේ? (නි)
මෙතෙක් බලයට පත්වූ බොහෝ ආණ්ඩු යැපුණේ පරිසරය විනාශ කරන අය සපයන ප්‍රතිපාදන වලින්. ඇත්ත කියන්න, වගකීමක් ගන්න, නැත්නම් උත්තර දෙන්න පුළුවන් අය දැන් රට අතහැරලා දාලා ගිහිල්ලා. ලූලා නැතිවලට කණයා පණ්ඩිතයලු. (නි)
අනේ මේ රටේ මිනිස්සු කියන විදිහට මේ රටේ මොකුත්ම කරන්න බැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ මහින්ද හදපු දේවල් විතරයි. පඩි ගෙව්වම වෙන දෙයක් කරන්න සල්ලි නැහැ. බොරුවට රාජපක්ෂලාට බනිනවා තමුන්ගේ බැරිකම වහගන්න. (නි)
චීන වරාය වැඩබිමේ පෙරටුගාමී පක්ෂයේ රැස්වීමක් පවත්වන්න. එවිට ප්‍රශ්න නිකම්ම විසඳෙයි (නි)
මහින්දගෙන් අහන්නකෝ එයා කොහොමද කළු ගල් දෙන්න සැළසුම් කරගෙන හිටියේ කියලා. උගන්ඩාවෙන් හරි ස්වාසිලන්තෙන් හරි ගෙනෙන්න හිතාගෙනද දන්නෙ නැහැ හිටියේ (නි)
රටට මහා විනාශයක් කරන ඔය ව්‍යාපෘතිය පටන්ගත් හිටපු රජයේ ලොක්කන්ට දඬුවම් දියයුතුයි. (නි)
කතාකරන්න නිදහස ලැබුනහම කටට ආව දේ කියවනවා. ගිය ආණ්ඩුව කාලයේ කටවල් වැහිලා. (නි)
චීන වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට කළුගල් කියුබ් කෝටි ගණනක් ලංකාවේ සියලුම කඳු කඩලා, නායයවලා, පුපුරවලා ලබාගන්න වුණත් සූදානම් අය ඇති (නි)
මොන ප්‍රශ්නයක්ද අපේ දේශපාලඥයින්ට? සීගිරිය, යාපහුව, ඇතුගල වගේ ගල් තියෙන්නේ! (නි)
කුහක වෙන්න එපා. ඔය දේශපාලනයට වැඩිය හොඳයි හිඟාකෑම (නි)
මොකද දන්නේ නැහැ හදිසියේම කළු ගල් මතක් වුණේ. අපිත් ඉන්නවා කියන්න මොනවාහරි කියන්න එපායැ. (නි)
ලංකාවේ පිඩිත පන්තිය නැතිවුණොත් සමහර අයට යන එන මං නැතිවෙනවා නේද? (නි)
රටේ කඳු කඩලාද ඕක හදන්නේ? (නි)
මේ කළුගල් කඩන නිසා තමයි කඳු නායයන්නේ (නි)
මහින්ද කරනකොට කොහෙද හිටියේ? දැන් වීරයෝ වගේ කතා කරනවා (නි)
තව කාලයක් කතාකරන්න හොඳ මාතෘකාවක් (නි)
දැන් ඉතින් ප්‍රචාරයක් ගෙනියයි සීගිරි ගල ඩෝසර් කරලා තමයි කළුගල් ප්‍රශ්නේ විසඳන්න යන්නේ කියලා. අනේ මන්දා මහා පුදුම කට්ටියක් (නි)
තව තව ගල් කඩලා, තව තව කඳු කපලා මේ රට ඉවරම කරන්න. හොර දේශපාලුවොයි හොර ව්‍යාපාරිකයොයි සල්ලි හොයාගෙන පිටරට පදිංචි වෙයි. ඡන්දදායකයෝ මුහුදට පනින්නෙ නැතෑ (නි)
ගංවතුර අස්සේ මේගොල්ලෝ කොනක් හොයාගෙන ටික දවසක් යනතුරුු ගැටගහගන්න. මම අහලා තිබුනා කලින් අාණ්ඩුව කාලේ මෙම ව්‍යාපෘතියට වැලි පවා චීනයෙන් ගෙන්වන්න තමයි සැළසුම් කර තිබුනේ. බොරුවට කෑගහන්න කලින් ටිකක් හොයලා බලලා අපිටත් අැත්ත එළිකරන්න. (නි)
ලංකාවේ නැත්නම් රටින් ගෙන්වා ගමු. (ර)
මේ කියන දේත් ඇත්තක් තියනවා. (ර)
පිටරටින් ගෙන්වමු. (ර)
සංවර්ධනය අත්‍යවශ්‍යයි. මේ සංවර්ධනයත් සමඟ රැකියා සහ මිනිසුන්ගේ ජීවන තත්වය රඳා පවතී. නව ලෝකයේ පරිසරය සමඟ සහජීවනයෙන් ව්‍යාපෘති සිදුකළ හැකිය. හොඳින් සොයාබලා හඳුනාගත් ප්‍රදේශයකින් කළුගල් ලබාගැනීම කළයුතුයි. කොළඹ හැකි ඉක්මනින් ජ්‍යාත්‍යන්තර තත්වයේ ආර්ථික මධස්ථානයක් කළයුතුයි. අප වටේ සිටිනා අසල්වැසියන් මේ ව්‍යාපෘතියට කැමති නැත. ඉතින් ඉත්තෝ යොදාගනිමින් මෙය කුමන ආකාරයකට හෝ කඩාකප්පල් කිරීමට ඔවුන්ට උවමනාය. අපේ රටේ වැසියනි, පරිසරය ගැන ප්‍රශ්න ඇසීම මෙම ව්‍යාපෘතියට පරිසර හිතකාමී ලෙස කිරීමට උදවුවෙන ලෙස කරන්න. (නි)