කොළඹ ගාලු මුවදොර ෆොර්ට් සිටි ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීම නිසා 945 දෙනකුට රැකියා නැතිවෙන බව එහි සේවකයෝ පැවසූහ.
ඔවුන් අද මාධ්‍යවේදීන් එහි කැඳවූහ.
එය අත්හිටුවීමෙන් ආර්ථික, සමාජීය බලපෑම් ඇති කරනවා පමණක් නොව ඔවුන්ගේ පවුලේ හා යැපෙන්නන්ට ද විශාල බලපෑමක් එල්ල කරන බව ඔවුහු කීහ.
මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාල ආයතනවලින් මාසයක් ගානේ ගත් තත්ත්ව සහතිකවලට අනුව පරිසර හානියක් නොවන බව දැක්වෙන්නේ යැයි ද සේවකයෝ පවසති.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගලි මහින්දට පුදුම බයක් තියන්නේ හැමදාම පරද වෙච්ච එක්කෙනාට වැඩිය එකපාරක් පැරදුණ එක්කෙනා හොදින් (දිල්)
යහ පාලනයේ ප්‍රතිඵල නේද ? උත්තර දෙන්න (ම)
වෙනසකට ගියාම ඔහොම වෙනවා (දිල්)
රැකියා නැතිවීම ප්‍රශ්නයක්. හැදුවොත් ඒකත් ප්‍රශ්නයක්. (නි)
මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ බොහොම ළඟදී. මීට කලින් ඔවුන් කොහොමද හිටියේ? මේ විශාල වපසරියක මහා මුහුද ගොඩකරන්න කළු ගල් ගන්නේ කොහෙන්ද? (නි)
ඇත්ත. ඒ මිනිසුන්ට මොකද වෙන්නේ? (නි)
ව්‍යාපෘති වලට වැඩට ගන්නේ කොහොමත් තාවකාලික සේවයට. ව්‍යාපෘතිය අවසන් වුණොත් හෝ නැවතුනොත් සේවකයන්ගේ සේවය අවසන්වෙන නිසා ටිකක් වැඩිපුර ගෙවලා කොන්ත්‍රාත්තුවක් මතයි ගන්නේ.මෙය දැනගෙනයි වැඩට යන්නේ (නි)
දැන් ඉතින් ඕවා විඳදරා ගන්න වෙයි.වෙනසක් බලාපොරොත්තු වුණ මිනිසුන්ට ඒ වෙනස හොඳින් අත්විඳින්න ලැබේවි.මිනිසුන්ගේ හිත වෙනස් කළාට දවසින් දවස ඒ වෙනස්වුණ හිත්වලට සත්‍ය කාවදිනවා. ගෙදර යවපු මහින්ද මහත්තයාව සියලු කුමන්ත්‍රණ පරදවා අපි නැවත බලයට ගේනවා.ඒක සත්තයි. සහතිකයි.. (නි)
ජනප්‍රිය තීරණ ගන්න ගියාම මෙහෙම වෙනවා. බයවෙන්න එපා. ඕක නවතින්නේ නැහැ. ඕනෑ ඔට්ටුවක්! (නි)
පිවිතුරු, කාලය සෑමදෙයම වෙනස්කළා. ජනතාව ආදරය කළ අය බලය නිසා වෙනස්වුණා (නි)
මේවා අපිටත් හොඳ පාඩම්. අපිත් රැවටුනා. අපායක් වගේ තිබුන කොළඹ ලස්සන කරලා,යුද්දෙත් අවසන් කරලා ලෝකයේම ආර්ථිකයන් වැටෙමින් තිබෙන වෙලාවක ණයවෙලා හරි රට පුරා සංවර්ධන ව්‍යාපෘති මඟින් විරැකියාව අවම කරමින්, රට ඉදිරියට යමින් තිබුන මොහොතක රත්තරන් බිජු දමපු කිකිළියගේ බඩ පලා එකවර පොහොසත් වෙන්න ගියා වාගේ වැඩක් අපි කරගෙන තියෙන්නේ. හිටිගමන් සංවර්ධන ව්‍යාපෘති නවත්වනවා කියන්නේ,විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා. (නි)
කණ්ඩලම හෝටලය හදද්දීත් ඔයවගේ උද්ඝෝෂණ තිබුණා. පස්සේ තේරුම් ගත්තා. ඇත්තටම මේකත් ඔය කියන තරම්ම භයානකද?දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ ..... (නි)
අනුර කියපු කතාව සහතික ඇත්ත. බඩ ගැන විතරක් හිතන රට සංවර්දනය කරන්න උවමනාවක් නෑ. (ර)
පිවිතුරු, ඔබ රට විනාශකරලා හරි තමන්ගෙ මඩිය තරකරගන්න අයගැන හොඳ උදාහරණයක්. (නි)
දුමින්ද, ඔයා හරිම උත්තරය පිවිතුරුට දීලා තියෙනවා. සන්තෝෂයි. (නි)
මේක ගැන පාට කණ්ණාඩි දාගෙන බලලා හරියන්නේ නැහැ. අපේ රටේ කොටසක් පිටරටකට අයිතිවෙන එක කොයිතරම් භයානකද කියලා හිතලා බලන්න. අනිත් පැතිවල මුහුද කිට්ටුව ඉන්න අයගේ ඉඩම් මුහුදු ඛාදනයට ලක්වෙලා මුහුදට ඇදිල ගියාම ඒවාට වන්දි ගෙවන්නේ කවුද? දේශපාලන කුහකත්වයෙන් මිදිලා ඇත්තටම රට ගැන හිතලා වැඩ කරන්න ඉගෙනගන්නේ කවදාද අපේ මිනිස්සු? (නි)
අනුර කියපු කතාව සහතික ඇත්ත. බඩ ගැන විතරක් හිතන කෙහෙල්මල් යහපාලනෙට රට සංවර්ධනය කරන්න උවමනාවක් නෑ. පසු ගිය රජයෙන් කරපු සංවර්ධන වැඩ වලින් කාලක් මේගොල්ලන්ට කරන්න බෑ.දැන් රටේ සංවර්ධනය සම්පුර්ණයෙන් නැවතිලා, (බ)
ඇයි මේ වගේ හොඳ ව්‍යාපෘතියක් නවත්වන්නේ? (නි)
පෙර රජය යම්කිසි වැඩක් ආරම්භකළා නම් පත්වුණ රජය එය ඉදිරියට කරගෙන යන්න ඕනෑ. මේ රටවල නම් සිද්ධවෙන්නේ එයයි. එවිටයි රටක් දියුණුවන්නේ. (නි)
ගිරව් වගේ පරිසර හානි ගැන කියවන කෙනෙක් පැහැදිලිව කියන්න බලන්න මොකද්ද මේකෙන් වෙන හානිය කියලා (බ)
කුම්බලා මාළු කෑවා නම් විඳවන්න වෙනවා (නි)
රටක ආණ්ඩු මාරුවුණාට ප්‍රතිපත්ති මාරුකරන්න ගියොත් රටක් දියුණු කරන්න අමාරුයි. (නි)
පවතින විෂමතා සමතයකට පත්කර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා යුතුයි. මෙහි වටිනාකම සහ ඵලදායීතාවය තිබෙන්නේ ඉදිරියේදී අනාගත දරුවන්ටයි. මේ වගේ ව්‍යාපෘති ලෝකයේම 200ක් විතර තිබෙනවා. (නි)
මේ ව්‍යාපෘතියේ 2/3 ක් වැඩ ඉවර කරලා තියෙන්නේ. දැන් වෙන්නට ඕන පරිසර විනාසය වෙලා ඉවරයි. නැවත මෙතන යටකරපු ගල්, මුදල්, දහදිය මහන්සිය නැවත ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙම උනොත් එ්කත් ගෙවන්නට වෙන්නේ මහජනයාටමයි. මේ ව්‍යාපෘතියේ ඉතුරුත් ටිකත් ඉවරකරලා, රටට හානිකර වගන්ති ගිවිසුමෙන් ඉවත්කර ගැනීමයි කලයුත්තේ.(නදී)
අපි පිටරට වැඩ කරන්නේ කොන්ත්‍රාත් පදනම මත කොන්ත්‍රාත්තුව ඉවර උනාම මාධ්‍ය වේදීන් ගෙනත් සන්දර්ශන තියෙනවාද? ගෙවල්වල උදවියට ජීවත් වෙන්න නැහැ කියලා පිළියමක් හැටියට අපි කරන්නේ වෙන කොන්ත්‍රාත්තුවක් හොයාගන්න එක පරිසරයට හෙනගැහැවුවත් කමක් නැහැ බඩවල් රැකෙනවානම් මේ උදවියට (කෞ)
නන්ද 2/3 කියන්නේ කොපමනද කියලා දන්නවද? තවම මුහුද ගොඩ කරලා භුමිය හදල ඉවරත් නෑ. කොහොමද 2/3 ඉවර උනේ? සමහර විට 2/3 කොමිස් නම් ගෙවල ඉවර ඇති. (නදී)
මිනිස්සු යහපාලනයට ඡන්දෙ දුන්නේ බඩ ගැන හිතලනේ. කරගෙන ගිය ව්‍යාපෘති නවතා අඩුවට කන්න දෙන්න ගියොත් නම් රටම නැවතෙනවා (නදී)
දයාන් කියන කතාවට මමත් එකඟයි (නි)
මෙක ඈත්තම තත්වේ මොකක්ද රජයට වඩා මෙක නවත්තන්න ජනතාවට උවමනා නම් නිවරදි තිරනය කොහොමද ගන්නේ.(නදී)
බොරු හේතු පෙන්න පෙන්න රටේ සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරනවද කියලත් ජනතාව අතර කසුකුසුවක් තියෙනවා .(නදී)
පිවිතුරු එ්ක තමා ඇත්ත. නමුත් නන්ද ගේ කතාව හරි, ඉන්දික කියන්නෙත් එ්ක තමා (නදී)
අනේ ඇත්තටම අපේ අග නගරේ ගාව දුපතක් තව රටකට සින්නක්කර දෙනවා කියල කියන්නේ මොන මෝඩ වැඩක්ද? ඕක හැදුවට පස්සේ ඒ අයගේ කොටසේ හොදම ගොඩනැගිලි හදල අඩුවට දුන්නහම ඔක්කොම ව්‍යාපාර එ්කට යයි. අපේ කොටසට ගමෙන් ගෙනා අහිංසක යුවතියෝ ටික දාල මඩුවක් නටන්න තමයි වෙන්නේ (නදී)
මුහුද ගොඩ කරල පෝර්ට් සිටි හැදුවාම වෙන තැන් වලින් මුහුදු වතුර රට ඇකුලට එනවා. හොඳම උදාහරණය ගෝල් ෆේස් එක. දැන් බැම්ම ලඟටම වතුර එනවා. ඕක හැදුවොත් ලංකාව විනාශ වෙනවා. (කෞ)
ව්‍යාපෘතියෙන් වෙන හානිය ගැන ඇයි කවුරුත් කතාකරන්නේ නැත්තේ? (නි)
නන්ද, දන්න දෙයක් කියන්න. මේකේ තවම හදන්න පටන් අරගෙන තියෙන්නේ පිවිසුම් මාර්ගය. ඒකත් ව්‍යාපෘතිය සම්පුර්ණ වුණාට පසුව ඉවත් කිරීමට ඉඩ තිබෙනවා. තවම එම මාර්ගයේ වැඩවත් 2/3 ක් අවසන් නැහැ. අනික මෙයාලට රැකියා නැතිවෙනවා කියල රටට සිද්ධවෙන්න යන විනාශයට ඉඩදෙන එක ලොකු වැරැද්දක්. (නි)
තව ඔය වෙන්න පටන්ගත්තා විතරයි. මේ වගේ සංවර්ධන ව්‍යාපෘති එපා කියන අයට ටිකක් ඇස් ඇරලා ලෝකයේ වෙන දේවල් බලන්න වටිනවා. එහෙම නැත්නම් කටුමැටි පැලක් අටවාගෙන, ගිනි මැලයක් ගහගෙන, සතෙක් එළාගෙන, කොළ අතු ඇඳගෙන තමයි ඉන්න වෙන්නේ (නි)
ඔය වෙන්න පටන්ගත්තා විතරයි හොඳේ (නි)
මේක නවත්වපු අයව සිංගප්පුරුවට ගෙනිහින් පෙන්නන්න ඕනේ මුහුද ගොඩ කරලා හදලා තියන ගොඩනැගිලි දුපත් උද්‍යාන. රට දියුණු වෙනවට කැමති නෑ සමහරු ඒකයි ඔය (දිල්)
අපේ මිනිස්සු පිට රටවල් ගිහින් ඒ රටවල් හදලා තියෙන මේ වගේ නිර්මාණ බලලා හුඋල්ලනවා අපේ රටේ මේව නෑ කියලා. වියදම් කරගෙන ඩුබායි යනවා එහෙ හදලා තියෙන මේ වගේ දේවල් බලන්න. (දිල්)
ඉතින් කවුද දැන් මේවට වගකියන්න ඕනෑ (නි)
වරින්වර නවත්වන, ඒ වාගේම ආරම්භ කරන වරාය නගරය ව්‍යාපෘතිය තුළින් අතිවිශාල ලෙස පරිසර හානියක් වේ නම් එය නැවැත්විය යුතුය.ඒ වාගේම මෙයින් සිදුවන පාරිසරික බලපෑම් අවම කරගැනීම සදහා වන ක්‍රියාමාර්ග ගැන සළකා බැලිය යුතුය. මක්නිසාදයත් අද නොව තවත් වසර 15 කින් පමණ කොළඹ බිම් ප්‍රමාණය සීමාසහිත තත්ත්වයට පත්වේ. එසේ නොමැති වුවහොත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තිබෙන කුඹුරු හා තෙත්බිම් ගොඩකර අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණ සකසා ගැනීමට සිදුවේ.එසේ වුවහොත් වර්ෂා කාලවලදී කොළඹ ඇතිවන ජලගැලීම් පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත්වේ .ඒ වගේම රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන රැකියා කප්පාදුව පිළිබද අවධානය යොමු කළයුතුය. (නි)
මේ අය යොදවන්න ඇත්තේ ඉදිකිරීම් සමාගමකින්නේ. මේ අයගේ වගකීම ගන්න ඕනෑ ඒ අයයි. අනික මේක නැවැත්තුවේ නැතිවුණත් තව ටික දවසකින් අවසන් වෙනවනේ. එතකොට මොකද කරන්නේ? මේ රජය බලයට පත්වෙන්න කලින්ම කිව්වා හරි වාර්තාවන් ලැබෙනතුරු මේක නවත්තනවා කියලා.මිනිස්සු බහුතරය එකට එකඟ නිසා තමයි ඒ පැත්තට ඡන්දෙ දුන්නේ. මිනිස්සු ටික දෙනෙක්ගේ කෙටිකාලීන වාසිය වෙනුවෙන් රටේම වෙරළ තීරය අනතුරේ දාන්නද කියන්නේ (නි)
ඔවුන්ට යම් සාධාරණයක් කළයුතුයි නේද? (නි)
ඔය පරිසර වාර්තාව ප්‍රසිද්ධ කරලා මිනිසුන්ට ඇත්ත තත්වය පැහැදිළි කළොත් හොදයි. එක් පැත්තකින් මුහුද ගොඩ කරනවිට තව පැත්තකින් අනිවාර්යෙන්ම කඩන්න වෙනවා. මේවා ජනතාවට පැහැදිළි කළයුතුයි.(දිල්)
අනිල්ගේ කතාව හරියටම හරි. අනික මේ ගහක් කොළක් හොයා ගන්නන හරියේ මොනවගේ විශාල පාරිසරික හානියක්ද වෙන්නේ කියලා කියල හිතා ගන්න බැහැ මට නම්. (දිල්)
මම නම් කියන්නේ මෙහි වැඩ නැවත පටන්ගනීවි. (නි)
ඇසළ කියනවා වගේ සිංගප්පුරුවයි ඩුබායි රටයි දැන් නැතිවෙලා තියෙන්න ඕනෑ මුහුද ගොඩකරලා ව්‍යාපෘති කරනකොට. අපි සල්ලි දීලා ඒවා බලලාහරි ෂෝක් කියලා එනවා. මෙහෙ හදනකොට ඒවා වැරදියි. (නි)
මුහුද ගොඩ කරන සල්ලි වලට අපේ රටේ වෙනත් පළාත් වල නගර දෙක තුනක් දියුණු කළානම් කොච්චර හොදද මං හිතන්නේ අපේ රටට අවශ්‍ය වෙන්නේ එවැනි දේවල් (දිල්)
දැන් ඉතින් ඕවා විඳදරා ගන්න වෙයි. වෙනසක් බලාපොරොත්තු වුණ මිනිසුන්ට ඒ වෙනස හොඳින් අත්විඳින්න ලැබේවි. මිනිසුන්ගේ හිත වෙනස් කළාට දවසින් දවස ඒ වෙනස්වුණ හිත්වලට සත්‍ය කාවදිනවා. මහින්ද මහත්තයාව අපි නැවත බලයට ගේනවා. ඒක සත්තයි. සහතිකයි. (ර)
ලංකාවේ මිනිස්සු නිකන් බොරුවට නැති ප්‍රශ්න උලුප්පලා පෙන්නන්න දක්ෂයි. පාරේ තොටක හරියට හදාගන්නේ නැති, කුණු ටිකක් හරියට කළමනාකරණය කරගන්න බැරි, වැසි වතුර ටික හරියට කළමනාකරණය කරගන්න බැරි මිනිස්සු බොරුවට පරිසර විනාශය ගැන කතාකරනවා. ඔය වගේ සංවර්ධන කටයුතු කලේ නැත්නම් කවදාවත් දියුණු වෙන්න බෑ. (ර)
කවුරු කැමති උනත් අකමැති උනත් වැඩක් නෑ. මේ ඉඩම් ටික චීනයට අයිති උනාම චීනය කැමති දේවල් කරන්න පුළුවන්,උදා. ලෙස එයාලගේ සබ්මැරීන් එහෙම නවත්වන්න කාගෙවත් අවසරයක් ඕන නෑ. ඒක ජාත්‍යන්තර වශයෙන් ගත්තම ඉන්දියාවටයි, අමෙරිකාවටයි විශාල තර්ජනයක්, ඒ හින්ද කවුරු අකමැති වුනත් මේක නවතින එක වලක්වන්න බෑ, මේක ඉන්දියාවට හරි ඇමෙරිකාවට හරි දෙනවනම් හැර. (ස)
රටේ පාලන අදිකාරියේ වැරදි තීන්දු තීරණ නිසා දුක් විදින්නේ රටේ ජනතාවයි. උමා ඔයෙත් පලහිලව්ව මේ හා සමානයි. කෙනෙක් රැකියාව නැතුව මැසිවිලි නගද්දී තව කෙනෙක් ඒ තුලින් වෙන විනාසය නිසා දුක් අදෝනා නගති. (නදී)
මෙවන් ව්‍යාපාති නැවත්වීම චීන ලංකා මිත්‍රත්වයටත් ප්‍රශ්ණයකි. අනික් පැත්තෙන් මහින්ද ජයගත්තා නම් නිහඩව නිමාවට පත් වෙනු ඇත. කෝට්ටේ පාර්ලිමේන්තුව ජේ.අර් රජය හදනවිට එදා විරුද්ද පක්ෂය කොපමණ චෝදනා කලද පසු කාලීනව විරුද්ද පක්ෂය බලයට පත් වූ පසු කෝට්ටේ අවට තවත් අලංකාර කරන ලදී (නදී)
යහ පාලනයේ ප්‍රථිඵල නේද ? උත්තර දෙන්න.(නදී)
මට මතකයි අපි පොඩි කාලේ තමයි "කන්දලම" හෝටල් ව්‍යාපෘතිය පටන් ගත්තේ. මේකටත් පරිසර කාරයෝ ආගමික නායකයෝ ගොවියෝ මොනතරම් විරුද්ද උනාද නමුත් අද එ්ක ලෝකයේ හොදම පරිසර හිතකාමී හෝටල් වලින් එකක් මේකත් ඒ වගේ තමයි.(නදී)
වසන්ත, අනුරුද්ධ වගේ හිතන අය තමයි හැමදාමත් මේ රට ආපස්සට යවන්න වැඩ කලේ. අපිට හැමදාමත් අන්තිම ටික තමයි ඉවසන්න බැරිම උනේ. 77 උනෙත් එ්ක. 2015 උනෙත් ඒකමයි. හරියට ශ්‍රීපාදේ මහා ගිරි දඹ පාමුලටම ගිහින් අම්මෝ බැහැ කියල ආපහු හැරිලා එනවා වගේ.(නදී)
ඕක මෙහෙම වෙන්න බැරිද ? දැන් ඕකේ කොමිස් අරන් ඉවර ඇතිනේ යහපලානේ කට්ටියට මුකුත් නැති හින්ද බොරුවට පස්සට අදිනවා කොමිස් එකක් සෙට් උනාම ඕක පටන්ගනී (නදී)
මහින්දව ගෙදර යැව්වේ ජනතාව. අනික දෙපාරක් ඉල්ලලා අායේ ඉල්ලන්නත් බැහැ. මහින්දව ආයේ ගේනවා කියනවා නම් ඒක හීනයක් විතරයි.(නදී)
සංවර්දනය වෙන්ඩත් ඕනා. පටන් ගත්ත ඒවා මග නතර කරනවිට ඒ වියදම් කොහොමත් අපරාදේ. පරිසර වේදිනුත් කතා කරලා හොඳම විදියට කලොත් හැම පැත්තටම හොඳක් වේවි. රටට බලපාන ගිවිසුම් ගැනත් බලන්ඩ වේවි (නදී)
රටක් හැදෙනවට අකමැති කුහක මිනිස්සු මේ වගේ දේවල් කරනවා දේශපාලන වාසි තකා. අහිංසක මිනිස්සු දුක් විඳිනවා. ඔච්චර හිතනවා නම් ඔව්වා නෙවේ නවත්වන්න ඕනේ.(නදී)
සිංගප්පුරුව වතුර ගන්නේ මැලේසියාවෙන් සල්ලි වලට. ඩුබායි වතුර ගන්නේ මුහුදු වතුර පසු ආස්රුතියෙන්. ඒ රටවලට තවත් වෙන්න දෙයක් ඉතුරුවෙලා නෑ. විශාල සාරවත් ගොඩ බිමක් නැති, මිලදී ගැනීම - විකිණීම ආර්ථිකය කරගතිපු නගර රාජ්‍ය කරන දේවල් ලංකාවට සුදුසු නෑ. එමීර් රාජ්‍යයේ වැඩිපුර තියෙන්නේ කාන්තාර බවත් අමතකයි වගේ සමහරුන්ට. වර්ග කිලෝමීටර් 65000 ක් පමණ තිබෙන අපේ රටේ මුහුද ගොඩකරලා දුපත් හදල ව්‍යාපෘති නොකලොත් රට ආපස්සට යනවා කියල කියන එක නම් හාස්‍යයට කරුණක්. අනික චීනය කියන්නේ සංවර්ධනයේදී වැඩිම පරිසර දුෂණයක් සිද්ද කරගත් රට. කරුණු බාගෙට දැනගෙනයි ෂෙහාන් කියන්නේ අපි රට ආපස්සට ගෙනියනවා කියල. (බ)
අපේ රටේ මුහුද පුරවල ඉඩම් හදන්න තරම් ජපානේ වගේ ඉඩම් හිඟයක් තියනවද ? (බ)
මුහුද හාරලා වැලි ගද්දි , හරපුව ආපහු පිරෙන්නේ අපේ වෙරළම හෝදගන ගිහින් තමා. ඊළඟට කෑගහනවා මුහුදු ඛාදනය වෙනවා කියලා .(දිල්)
ඒ මිනිසුන්ට සාධාරණයක් කරන්න (නි)
දැක්කද වෙනස .යහපාලනයේ ප්‍රතිපල කොහොමද ? (දිල්)
මෙතන දැනට වැඩ කරන්නේ 300 දෙනෙක් විතර , ඒගොල්ලන්ට වෙන රැකියා හොයලා දුන්න නම් හරි .(දිල්)
අරලිය මැදුරේ මල්පෝච්චි විසිකරලා තියන හැටි දැක්කම මේකට යන කල හිතා ගන්න පුළුවන් (දිල්)