
(සුජිත් හේවාජුලිගේ )
ෆයිසර් එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසාදී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
දරුවන් හැරුණු විට අනෙකුත් අයට ෆයිසර් එන්නත් මාත්‍රාව මෙතෙක් ලබා දුන්නේ තෙවැනි මාත්‍රාව (බූස්ටර් ) ලෙස පමණි.
සාමාන්‍යයෙන් ඇතැම් රටවලට යෑමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම විශේෂ වාසියක් වන හෙයින් එවැනි අයට නව අවස්ථාවෙන් ලොකු පහසුවක් ඇති වනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.
සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට දැනට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා බොහොමයක් ලබන අගෝස්තු මාසයේදී පමණ කල් ඉකුත්වීමට නියමිතය.
මෙරට මුළු ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
තෙවැනි මාත්‍රාව (බූස්ටර් ) ලබා ගෙන ඇති සංඛ්‍යාව ලක්ෂ 76 කි.
මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට ඇති ජනතා උනන්දුව ඉතා විශාල ලෙස පහත වැටී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් ඉපැයීම අරමුණු කොට ලෝකයේ ඇති බාලම එන්නත් වන චීන එන්නත් ගෙනත් මේ රටේ ජනතාවට විද්දා. ෆයිසර් එන්නත ඒ වෙලාවේ ගහගන්න බොහෝ දෙනා නොගත් උත්සාහයක් නැහැ. රජ වාසල අයට හා තවත් වරප්‍රසාද ලත් අයට ෆයිසර් විද්දා. දැන් කල් ඉකුත්වීමට තිබෙන නිසා ෆයිසර් එන්නත විදින්න හරිම හදිස්සියක් තමයි තියෙන්නේ...!