තමා ගැන ලිපි ගොණු ඇත්නම් පැය විසි හතරෙන් එළියට දමන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.
‘එහෙම තියෙනවා නම් කරුණා කර ඒවායේ ඇත්තේ මොනවාදැයි හෙළි කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ෆයිල් තිබෙනවා නම් ඇයි තියාගෙන ඉන්නේ? මේ රටේ ජනතාව දැන් ඒවා අනුමත කරන්නේ නෑ. එහෙම ෆයිල් තිබෙනවා නම් ඒවායේ ඇත්තේ මොනවාදැයි හෙළි නොකිරීම සදාචාර විරෝධීයි.
මේ රටේ ජනතාවට දැන් වෙනසක් ඇති වී තිබෙනවා. ඒ වෙනස අපි ඇති කරමු කියන තේමාව උඩ තමයි අපි මෙතනට ආවේ.
මැති ඇමැතිවරු සියයට පනහකට වැඩිය මගේ මතේ ඉන්නවා. මං ඔවුන්ට විවිධ තාඩන පීඩන නිසා දේශපාලන පීඩන නිසා එළියට එන්න බයයි. මං හිතන්නේ තව පිරිසක් අනාගතයේ ඉදිරියට එනවා.
2007 අපි ආණ්ඩුවට යනකොට තිබුණු තත්වේ නොවෙයි අද තියෙන්නේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල උමතුවෙන් පිස්සු කියවනවා. කමක් නැහැ. කියවන්න තව ටික දවසනේ. (ස)
"කාලයක් සෙවන දුන්න මහා වෘක්‍ෂයක අතු කපලා,ගිනි තියල විනාස වෙනවා දකින්න තියන ආසාවක්".අපිට හිඟා කන්න සිද්ද වෙලා තියෙන්නෙත් ඔය මහා වෘක්‍ෂය නිසා තමයි. (ස)
අහන්න ආසයි කියන්න .............? පව්. (ස)
අවුරුදු ගනනක් හම්බ කරගෙන දැන් හංසයා වෙලා. මහරජු දිනපුවාම හිරේ විලංගුවේ යන්න බලාගෙන ඉන්නත (ස)
මම අභියෝග කරනවා මහින්ද ඇරෙන්න ජනාදිපතිවරනෙට දාන්න පුළුවන් කෙනෙක් ආණ්ඩුව පැත්තේ නෑ. (නදී)
ලොක්කගේ ෆයිල් එක කා ලගද? (නදී)
ඔයා ගැන නම් මම හරියටම දන්නේ නැහැ. එ්ත් වැඩිහිටියෝ කරපුවා නම් හුඟක් අය දන්නවා. (නදී)
ලාල්, එ්කෙන් ලොක්ක ඇන ගත්තා නෙවේ. ඒක කිව්වට පස්සේ එන්න හිටපු අය නැවතුණා. එතකොට දුෂණයට විරුද්ධව එන්න හැදුවේ ඒවගේ හංගන්න දේවල් තියෙන අයද? දැන් ආපු අයත් බයවෙලා ඇති (නදී)
ටිකිරි බණ්ඩා, ට මතක නෑ වගේ. කී දෙනෙක් ගියත් අන්තිමට අපේ ජනාධිපතිතුමා තමයි දිනන්නේ. ඒක වළක්වන්න කාටවත් බෑ. (ර)
සරලවම බැලුවොත් මේ කියන කතාව ඇත්ත. ෆයිල් තියෙනවා නම් එවායේ තියෙන්නේ ඒ මැති ඇමතිවරුන්ගේ දූෂණ වංචා. එතකොට එවා හංගන් ඉන්නවා නම් ඒ පුද්ගලයා කරන්නේ දූෂණයට උදවුවක්. එයා කරන්නේ වැරදි කරුවන් ආරක්ෂා කිරීමක්. කල යුත්තේ ඒවා එලියට දාලා වැරදිකරුවන්ට දඩුවම් දීමයි. (ර)
හොරු ඉතුරුවෙලා රට ගැන හිතන මිනිස්සු ඉවත් වෙනවා මේ ආණ්ඩුවෙන් (නදී)
එතකොට සෙත්මි අනෙක් පක්ෂ වල ඉඳල සන්ධානයට ආපු කට්ටිය ගැන මොකද ඔයා කියන්නේ. ? ඒ උදවිය කලෙත් මේකම නේද ? ඔයිට වැඩිය ද්‍රෝහී කමක් තමයි හිටපු පක්ෂ නායිකාව කපල දාපු එක. ඇගේ මොන තරම් වැරදි තිබුනත් ඒක අලුත් නායකයා කල යුතු දෙයක් නෙවෙයි. ඔයා උඩ බලාගෙන කෙල ගහනවා. (නදී)
අපි ලොක්කව බලයට පත් කලෙත් ආරක්ෂා කලෙත් ලොක්ක ළඟ මහත්මා ගති ඇතියි කියලා. නමුත් ලොක්ක රටට වැඩ කරනවා වෙනුව රට කන්න දුෂිත ගෝල බාලයින්ට ඉඩදීලා ඒ ගැන ෆයිල් හදල කොට්ටය යට තියාගෙන ඉන්නවා. මේකද සදාචාරය (නදී)
ලැජ්ජා නැති කම මහා මුදලිකමටත් වැඩිය ලොකුයි කියලා කතාවක් තියනවා. එ්ක සහතික ඇත්ත නැත්නම් මෙහෙම කතාවල් ප්‍රසිද්දියේ කියන්න පුලුවන්ද ? පක්ෂයේ කට්ටියම එ්කට දක්වපු ප්‍රතිචාරේ දැක්කම හිතාගන්න පුළුවන් රටේ ජනතාව මොනවද කියන්නේ කියලා. (නදී)
thhytha නොකල දයේ පුතා නොකලොත් උ නොට්ය්ගයේ පුතා ක්ය්වලු.
අනේ යන්න අනේ යන්න. අපි නොදන්න චෙස් (නදී)
ෆයිල් කථාවෙන් ලොක්ක නියමෙට ඇනගත්ත නේද? (අ)
යන්නේ නේ කියනවා..යනවා කියනවා..දැන් වත් හරියටම ගිය ද? (අ)
ජනාදිපතිතුමාගේ ෆයිල් එක ජනතාව ලඟ. (නදී)
කාගේ කාගේත් ෆයිලුත් මහජනතාව ළඟ තියෙනවා. ජනවාරි 8 වෙනිදා උදේට එ්කත් එලියට දානවා (නදී)
දැන් නිකන් බයිලා කියෝනව ඇතුලේ ඉන්න කලේ මීයෝ වගේ ඉන්නවා කටවල් පුට්ටුවෙලා ජනාදිපති ක්‍රමේට කැමැති නෑලු (අ)
සැලූන් දොර, ෆයිල්, ජාතියන්තර යුද අපරාද අධිකරණය, ජාතියන්තර කුමන්ත්‍රණය, කොටි, ඊළාම් රාජ්‍ය, දේශප්‍රේමී, දෙෂදුරෝහී මේවා සේරම මෙදා පාර වලන්ගුවන්නේ. දැනටමත් මේවා අතේ පත්තුවෙලා. (අ)
සෙවන දීපු වෘක්ෂය කෙසේ වෙතත් පවුල් ගහක් නම් අතු පතර දමා පළාතම වසාගෙන බොහොම සරුවට වැඩෙන බව නම් අපිට පෙනෙනවා සෙත්මි. (නදී)
ෆයිල් එළියට දැම්මා කියලා වැඩක් වෙන්නේ නෑ.(හේ)
සමන් ඔයාගේ කතාව හරි. මම හිතන විදිහට නම් උගත් මහත්මා ගති ගුණ තියන අය මේ විදිහට හැසිරෙන්නේ කතා කරන්නේ නැහැ. බලයට තියන ආසාවට කාලයක් සෙවන දුන්න මහා වෘක්‍ෂයක අතු කපලා,ගිනි තියල විනාස වෙනවා දකින්න තියන ආසාවක්. ගියාට කමක් නැහැ. නිහඩව පිරිසිදු දේශපාලනයක නිරත වෙන්න. කවදා හරි ඔය ගිය අය ආපසු එන්නෙත් ඉන්න පක්ෂයේ අයගේ වැරදි කියාගෙන. (නදී)
මෙතුමන්ලා මේ ජන්දේ දින්නත් එන මහා මැතිවරණෙ දිනන්නේ සන්දානය. සමහර සන්දාන පාක්ෂිකයෝ මෙතුමන්ලට ජන්දේ දෙන්නේ විදායක ක්‍රමය අහෝසි කරලා අත්තටු කපල දුෂණය වංචාව අවම කරන්න මිසක් සන්දානය සදහටම ගෙදර යවන්න නෙමෙයි. මේ මැතිවරණයේදී මෛත්‍රීට ජන්දය දෙන අය පාර්ලිමේන්තු මැතිවරනේදී ජන්දේ දෙන්නේ සන්දානයට (නදී)
මම දැක්ක කව්ද කියලා තියනවා කියල දැනටමත් සමහර චීන වෙබ් අඩවි වල ලංකාව ඔවුන්ගේ රටේ කොටසක් විදිහට ඇදල තියනවා කියලා. මෛත්‍රී මැතිතුමනි ලංකාව බේරා දෙන්න.(ම)
නවින්, ඔබ නියම කොන්දක් තියෙන මන්ත්‍රීවරයෙක්. මේ ආණ්ඩුවේ කාලය දැන් නිම වෙලා (ස)