රට සූරා කන දූෂිත දේශපාලනයට එරෙහි වීමට ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට කොන්දක් හෝ පණ නැතැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කුලියාපිටිය අස්වැද්දුමේදී පැවසීය.
‘අද රටේ ඇත්තේ නාමික ප්‍රජාතන්ත්‍රවාදයක්. ඡන්දයකදී කතිරය ගැසීමට පමණක් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදයක්. ඉදිරියේදී ඒකත් අහිමි වී යාවි. අධිකරණයේ ස්වාධීනත්වය අද දේශපාලනයට යට වෙලා. රට කරවන නායකයන්ගේ විනෝදාංශය පළිගැනීමයි.‘
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රංගෙ බන්ඩාර මහතා කතා කරමින් එක්සත් ජාතික පක්ෂයට ආකර්ශනීය නායකයකු අවශ්‍ය බවත්, සරත් ෆොන්සේකා පක්ෂයට බඳවා ගත යුතු බවත්, පක්ෂ නායකත්වයට පන ඇති කොන්දක් ඇති කෙනකු අවශ්‍ය බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ හොඳම කතාව (ස)
කට . කට. කාටවත් බැන බැන ගිහිල්ලා දික් කරනවාට වඩා හොදයි නේද ජනතාව අතරට ගිහින් ජනතාවට හිතට දැනෙන දෙයක් කරනඑක. එතකොට කාගෙවත් පසු පස යන්න අවශ්‍ය නැහැ. (ස)
කොන්ද කියන එක තියෙන්නේ අවශ්‍ය තැනදී දිග ඇරෙන්නයි නැවෙන්නයි දෙකටම පුළුවන් විදියට. හැම වෙලේම කෙලින් තියන් ඉන්න බැහැ. ඕන තැනදී නවන්න බැරිනම් කැඩෙනවා. මේ ටිකත් දැනගෙන ඔය කොන්ද කතාවට වඩා වැදගත් දේවල් ඕන තරම් තියනවා කියන්න. අනික ඔබතුමාමනේ කිව්වේ එකතුඋනොත් විතරයි දිනන්න පුළුවන් කියල. මේ එක එක්කෙනාට බනින දේශපාලනය තියනකම් මේ රටට යහපතක් වෙන්නේ නැහැ. එයාල බැනල බැනල වාහනේ නැගල යනවා. ජනතාව තියන දුක් කන්දරාව මදිවට තියන ලේ ටිකත් පුච්චගන කන්න තියන් තුට්ටු දෙකත් බේත් වලට දීල අන්තිමේ මැරිලා යනවා. ජනතාවට කොන්දක් තියෙන්න ඕන රටගැන හිතල එකතුවෙලා වැඩ කරන්න බැරි මේ රට කන සේරම දේශපාලකයෝ ප්‍රතික්ෂේප කරලා අවංකව රට ගැන හිතල කැප කිරීම් කල හැකි නායකයෙක් වටා එක්වීමට.(ස)
දේශපාලනය කියන්නේ ඉන්නකම් අනෙක් අයව පතුරු ගහන එක තමයි. (ස)
ආණ්ඩුව පෙරලන්නේ මොකටද කියලා කියල දෙන්න බැරිද අර පස්සේ එක්කොම හරි යයි නේද ? ඔය ගොල්ලොනේ බලයට එන්නේ. ජයවේවා. ! (ස)
කවුරුන් රනිල්ව පතුරු ගැහුවත් රටේ ඉන්න බුද්ධිමත්ම නායකයා ඔහු විතරයි කියලා රටේ බුද්ධිමතුන් පිළිගන්නවා. (ස)
ලාල් ගලබඩ මහත්තයාට දේශපාලන පළපුරුද්දක් තිබුණා නම් මෙහෙම කතා කියාවිද? (නි)
සරත් ෆොන්සේකා කියන දේ කරන කරන දේ කියන නායකයෙක් කියලා මට හිතෙනවා. (ස)
කවුද දරුවෙකටු සේලලම් කාර් එකක් දුන්නම් ඒක එහාට මෙහාට දුවවලා සංතෝෂ වෙනවා වගේ මෙයාටත් වෙඩි නොවදින කාර් එකක් දීලා සංතෝෂ කරලයි තියෙන්නේ. ඒ නිසා එයා ඒක එහාට මෙහාට දුවවනවා. රටම දුක් විදිනවා. (ස)
අයුක්තිය අසාධාරණය ඉදිරියේ දණින් නොවැටෙන කොන්ද තියෙන ශිරානි බණ්ඩාරනායක අනෝමා මැතිණිය වගේ ගැහැණු කෙනෙක් විපක්ෂ නායක උනානම් කියල හිතෙනවා. (ස)
ආණ්ඩුව පෙරලන්නේ අහවල් දෙයකටද ආයුබොවන්. එතකොට ඔක්කොම හරි යයිද? (නි)
ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණයේදී ඔහොම කිව්වේ නැහැනේ. ඔබ අපේ රටට අවශ්‍ය නායකයෙක්. නමුත් මේ යන විදිය ගැනනම් ගැටළුවක් තියෙනවා. (ස)
මන්ත්‍රීතුමනි. විපක්ෂනායක කම ජනාධිපතිතුමාට දුන්නනම් ඉවරයිනේ. (ස)
කුඹුරට පඹයෙක් ඕන වෙලා තිබුණා. (ස)
අපි නම් කැමති රනිල් වගේ බුද්ධිමත් අවංක, පක්ෂ භේද ජාති භේද නැතුව හැමෝටම හොඳින් සළකන නායකයෙක් ඊළඟට රටේ නායකත්වයට පත්වෙනවට. (නි)
පවු රනිල් මහත්තයා. ලෝක දේශපාලනයේ එතුමා තරම් බැණුම් අහපු කෙනෙක් තවත් නැතුව ඇති. (නි)
අයියෝ රනිල්
ෆොන්සේකා මහත්තයාට හොද කොන්දක් තිබෙනවා. රනිල් මහත්තයාට හොද ඔලුවක් තිබෙනවා. සජිත් මහත්තයාට හොද කකුල් දෙකක් තිබෙනවා. මේ තුනම එකතු වු තැන හොද පක්ෂයක් බිහිවෙනවා. ජය වේවා. (නි)
අපිටත් ඔය දෙන්නා ගැනත් තියෙන්නේ ඔය වගේම අදහසක් තමා (අ)
කොන්ද පමණක් පණ තිබිලා අනික්වා අප්‍රාණිකනම් අහවල් දෙයක් කොරන්ටද ආයුබොවන් මෙහෙම යමු. (ස)
රට බේරා දුන් සේනාපතියනි. මේ වැඩිවෙන බඩු මිළ අපට දරාගැනීමට බැරිය.(නදී)
අනේ මන්දා (දී)
මේ තුන්ගොල්ලෝම එකතුවුනොත් තමයි ආණ්ඩුව පෙරලන්න පුළුවන් වෙන්නේ. එකිනෙකාට දෝශාරෝපනය කිරීමෙන් පලක් නැත. (ස)
ඒ දෙදෙනා විතරක් නොවෙයි. මුළු රටේම යූ.එන්.පී. එකේ වැඩි පිරිසක් බනිනවානේ. (ස)
බැන බැන කාටකාටත් ජෝලිවෙන රංග බණ්ඩාර මහතාට වෙන මොනවද පුළුවන්. රනිල් කලාවට වෙලාවට බලය ගන්නවා. බොරුවට හැමදාම හැමදෙනාම රවටන්න බැ. හොරෙක් නොවන නායකයෙක් ජනතාව ළඟදීම හොයාවි. (නදී)
රනිල්ගේ උත්සාහය හැමදාම විපක්ෂ නායකයා වෙලා ඉන්නයි. (ස)
මගේ දේශපාලන පළපුරුද්ද අනුව ෆොන්සේකා මැතිතුමා ලංකාවට විශාල මෙහෙයක් කළ හැකි පුද්ගලයෙක්. (ස)
කොන්දක් තියෙනවා ද දන්නේ නෑ (අ)
ෆොන්සේකා මහත්තයා නිවැරදි (දී)
රනිල් මහත්තයා වට්ටන්න කාටවත් බැහැ (දී)