හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබී ඇති නිසා ඔහුට යථා කාලයේදී ඡන්ද අයිතිය ද හිමිවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
සරත් ෆොන්සේකා මහතාට යළි ඡන්ද අයිතිය ලබාදිය හැකි කාලය පිළිබඳව තමා සිය නීතිඥයින්ගෙන් විමසූ බවද කොමසාරිස්වරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී සරත් ෆොන්සේකා මහතාට එය ලබාදීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව විමසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා තමාගෙන් ලිඛිත විමසීමක් කර තිබෙන බවද දේශප්‍රිය මහතා කීවේය.
මේ බව කියමින් මන්ත්‍රීවරයා තමාට පසුගිය 21 වැනිදා ලිපියක් එවා තිබූ බව කී මැතිවරණ කොමසාරිස්වරයා එසේ කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා තමන් එය දෙපාර්තමේන්තුවේ නීති අංශයට යොමු කළ බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු බලමු අපි ඉදිරියට.... (නි)
ජෙනරාල් සරත් ෆෙන්සේකා සෙන්පතියාණෙනි, නීතිය, සාමය රජයන ලොවකට අපි රැගෙන යන්න. (නි)
ජෙනරාල් සරත් ෆොන්සේකා සෙන්පතියන්ට අපි කෘතගුණ දැක්විය යුතුය (නි)
වීරෝධාර රණවිරුවන් ජයග්‍රහණය කර මෙහෙය වූ මේ නියම යුද වීරයාට දේසපාලන මඩගොඩත් නියම ලෙස තරණය කිරීමට හැකි වේවා! (නි)
බොහොම හොඳයි (නි)
මෙයාව ඉක්මනට ආරක්ෂක ඇමති කරන්නකෝ (නදී)
මමත් බලාගෙන ඉන්නේ ඔයතරම් විශ්වාසවන්ත කෙනෙකුට දෙන තනතුර මොකක් වේවිද කියලයි (නි)
මැතිවරණ කොමසාරිස් තුමනි ඉහත සදහන් කරුණු දෙකම නීති උපදෙස් ලබීමෙන් පසු නොපමාව ඉටුකර දෙන්න.(දිල්)
ඉක්මනින් සාධාරණය ඉටු වේවි (දිල්)
කරුණාකර දැන්වත් ජනරාල් කියල දාන්න ඡන්ද අයිතියත් ළඟදීම ලැබෙනවා (දිල්)
අනේ මැතිවරණ කොමසාරිස්තුමනි, තවත් පමාවට කරුණු සොයන්න එපා කියලා නීති අංශයට කියන්න. ඉක්මනින් යුක්තිය පසිඳලන්න.(දිල්)
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඔබ හැමදාමත් දේශප්‍රිය පුද්ගලයක් (දිල්)
කල් නොයවා වැරැදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න (දිල්)
සෙන්පතියානෙනි වසර ගණනාවක් දුක් කඳුලු හෙලු නෙත් අද හෙලන්නේ සතුටු කඳුලුය (නදී)
මැතිවරණ කොමසාරිස් තුමනි පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාගේ අපක්ෂපාති ක්‍රියාකලාපය පිලිබදව අපි ඉතාම ආඩම්බර වෙනවා. ඒ වගේම ජෙනරාල් පොන්සේකා මහතාට සාධාරණය ඉටුවිමේදී ඔබතුමාගේ කාර්ය භාරයත් ඉතාම වැදගත්. අපේ රට සාධාරණ යුක්ති ගරුක රටක් බව දැන්වත් ලෝකයාට හඬගා කියමු (නදී)
මහින්ද උන්නැහේ උපාදි දාරියෙක් මැතිවරණය කළා වගේ ෆොන්සේකා මහතාට යුක්තිය ඉටුවේවි. අපි හොඳින් දන්නා කෙලින් වැඩ කරන මහත්මයෙක් (නදී)
සරත් ෆොන්සේකා ජාතික වීරයෙකි. ඔහු ගැන අපිට ආඩම්බරයි. ඔහුටත් සියලුම සිවිල් පුරවැසියන්ට මෙන් සියලු අයිතිවාසිකම් ලැබිය යුතුයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා ජාතික වීරයෙක්. රාජපක්ස ජනපතිතුමා හා එක්ව රට බේරා ගත් නියමුවා. එ්ත් අවාසනාවකට, රාජපක්ෂ ජනපතිතුමා ඔහුට සලකූ ආකාරය අනුමත කරන්න බෑ. මෛත්‍රීපාල ජනපති තුමා, රනිල් අගමැති තුමා හා එක්ව එතුමාට ඉක්මනින් සාධාරණය ඉටු කරයි (නදී)
ජාතික වීරයා 3,50, දේශපාලනයට එක්වීම විහිළුවක් (නදී)
පට්ට හොරුන්ට සමාව දෙන විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනු. පොන්සේකා මහතාට සමාව දුන් විදිහට අන් අපරාද කරුවන්ට ද සමාව දීම ඉදිරියේදී කඩිනම් කරනු. එවිට යහපාලනය හොඳටම හරි (නදී)
මහින්ද මගේ විශ්ව විද්‍යාල සඟයා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිටයෙන් බිහි උණු අවංක කොල්ලෙක් (නදී)