IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆොන්සේකාට ඡන්ද අයිතිය

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචි කියයි.

ඔහුට ඡන්ද අයිතිය ලැබුණු පුවත අසා ඔහුගේ උපන් ගම වන අම්බලන්ගොඩ තැන තැන රතිඤ්ඤා පත්තු කෙරිණි.

සරත් ෆොන්සේකා මහතාට අහිමි කර තිබූ ජනරල් නිලය ඇතුළු සියලු හමුදා නාම, පදක්කම් ආදී සියල්ල අද සිට යළි හිමිවේ.



අදහස් (0)

ෆොන්සේකාට ඡන්ද අයිතිය

චතුර Thursday, 29 January 2015 03:59 AM

පක්ෂ පාට භේදවලින් තොරව කාටත් සතුටු හිතෙන දවසක්. ඇස්වලට කඳුළුත් ආවා. ඔබතුමාට ජයවේවා! විරුවන් කිසිදා නිහඬ කළ නොහැක. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 29 January 2015 04:19 AM

ඔබට සිදුවුණ අසාධාරණයට නිහඬව හඬා වැළපුණු ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට දැඩි සතුටක් ගෙනදුන් මොහොතක්. ඔබට අපේ සුභ පැතුම්. (නි)

:       0       0

රංජිත් Thursday, 29 January 2015 04:41 AM

ජාතියේ පිනට පහළ වු ජනරාල්තුමනි, ඔබ මස්, ලේ දන්දුන්නේ අපේ නිදහස වෙනුවෙනි. ඔබට දිගාසිරි! (නි)

:       0       0

පද්මිණි Thursday, 29 January 2015 05:11 AM

අපට නිදහසේ හුස්මගන්න ඔබතුමා එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළද ඔබට ඉතිරි වුණේ හුස්ම ගැනීමේ අයිතිය පමණයි. අපි ඔබට සදා ණයගැති වෙමු. චිරන් ජයතු! (නි)

:       0       0

කමනී Thursday, 29 January 2015 05:34 AM

ඔබට හිමි තැන ඔබට ලැබුණා. නව ජනපති ඔබට ස්තුතියි. ජනරාල්තුමනි සියළු දේ අමතක කර රටට සේවය කරන්න. රටවැසියන් හැමද ඔබ සමග හැමදාම ඉන්නවා. ඔබට ජය(දිල්)

:       0       0

වැකෝ Thursday, 29 January 2015 05:39 AM

ජනාධිපතිතුමනි , රට ත්‍රස්තවදෙන්ගෙන් බේරාගත් ජනරාල් සරත් ෆොන්සේකාට උපහාරයක් වශයෙන්, පෙබරවාරි 4 වැනිදා නිදහස් උත්සවයෙදී , එතුමාව " ෆිල්ඩ් මාර්ෂල් " නිළයට උසස් කරන්න .(දිල් )

:       0       0

ජයන්ත Wednesday, 28 January 2015 01:46 PM

අපේ සැබෑ රණවිරුවාණනි, ඔබට ජයෙන් ජය වේවා ! (නදී)

:       0       0

කල්‍යාණ ශ්‍රී හේමන්ත Wednesday, 28 January 2015 01:56 PM

හොඳ වැඩක්. මෙතුමා අපේ යුග පුරුෂයෙක් (නදී)

:       0       0

නිලංග Thursday, 29 January 2015 06:02 AM

මේ ළඟදි මම සේවය කරන තැන බුරුම ජාතිකයෙක් මගෙන් ඇසුවා මෙතුමා තවමත් හිරේද කියලා. මට පුදුම හිතුනේ ජනරාල් ට සිදු වූ දේ ගැන වෙනත් රටක වාසය කරන සාමාන්‍ය මිනිස්සුත් දන්නවා. වෙන එකක් තිය අපේ රටේ ආණ්ඩුව මාරු වුන එක ගැනත් ඒ පුද්ගලයා දන්නවා. අපි හිතනවට වැඩිය පිටරටවල උදවිය අපේ රටේ වෙන දේවල් ගැන දන්නවා. මේක නම් විශ්වාස කරන එකක් නැහැ මට පොළව පලාගෙන යන්න හිතුනේ මේ බුරුම ජාතිකයා මගෙන් ඇහුවානේ පසුගිය කාලයේ රටේ සම්පත් මහා පරිමාණයෙන් නස්ස්ති වුණා කියන්නේ ඇත්තද කියල. කටක් ඇරලා ඔව් කියන්නද ? මම කිව්වා එහෙම්මත්ම නැහැ . මිනිස්සුන්ට යම් පාලන වෙනසක් ඕන වුනා කියලා. (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 29 January 2015 06:50 AM

ජෙනරාල් ෆොන්සේකාව යුධ මෙහෙයුම් වලින් හැර පුද්ගලිකව දැකලවත් නැහැ. එත් එතුමාගේ වීරත්වය ඉහලින්ම අගලය කල කෙනෙක් හැටියට, එතුමාට වුන දේ වෙනුවෙන් ලංකාදීපයට මගේ අදහස් දස දහස් ගණනින් ලියන්න ඇති. අද මට හරිම සතුටුයි. (ර)

:       0       0

ඉන්දික Wednesday, 28 January 2015 03:46 PM

සාධාරණය ඉෂ්ට වුණා කියලා හිතනවා (දිල්)

:       0       0

වසන්ත Wednesday, 28 January 2015 03:57 PM

සාධාරණයක් ඉටුවිය යුතු පුද්ගලයෙක් (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 28 January 2015 04:01 PM

ජයවේවා! (නි)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 29 January 2015 07:52 AM

මෛත්‍රී මහත්තයාගේ හැම රැස්විමකටම මරණ සහතිකය අතේ අරගෙන ගිය ජනරාල්ට ආරක්ෂක නියෝජ්‍ය ඇමති කමක් දෙන්න වටිනවා.රැස්වීමක් තිය පැත්ත පළාතේ ආව නැති අන්තිම වෙනකොට රජයට යන්න හිටිය අයට ඇමතිකම් දෙන්න පුලුවන්නම් ඒක අසාධාරණ නැහැනේ .(දිල්)

:       0       0

තිලක් -ඩුබායි Thursday, 29 January 2015 07:54 AM

නැවැත මේ රටේ කුමන්ත්‍රණවලට ඉඩ නොතැබිය යුතුයි.(දිල්)

:       0       0

දයාල් Wednesday, 28 January 2015 05:49 PM

ජයවේවා! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 28 January 2015 05:49 PM

ජයවේවා, ජයවේවා, ජයවේවා! (නි)

:       0       0

නිෂාදි Wednesday, 28 January 2015 07:13 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 28 January 2015 07:22 PM

සරත් ෆොන්සේකා රණවිරුවාණනි, රට බේරාගත් දුටුගැමුණු රජතුමාගෙන් පසු, මාතෘභූමිය බේරාගත් ජාතියේ පිනට පහළ වූ හෙළ විරුවාණනි, සිරගතකළ ඔබ මුදාගන්න පෙස්සමක් අත්සන් කරන්න පටන්ගත් පැරිස් පුරවයේ සිටින අපි ඔබව ජෙනරාල් නොව, ෆිල්මාෂල් ධූරයට ඔසවා තබනවා නම් බෙහෙවින් සතුටුවන්නෙමු. චිරං ජයතු !!! (නි)

:       0       0

විකුම් Wednesday, 28 January 2015 07:49 PM

ජෙනරාල්තුමනි, ඔබට ජාතියේ උත්තමාචරය! (නි)

:       0       0

අශෝක Wednesday, 28 January 2015 07:56 PM

අනේ හොඳයි (නි)

:       0       0

බන්දුල ‍ද සිල්වා Thursday, 29 January 2015 12:09 AM

මිනිසත්කමට දක්වන උදාර උපහාරයක්. වීරයකුගේ වීරත්වය නීති හා සීමා බන්ධන වලින් යටපත්කළ නොහැකිය. ජනපතිඳුනි, මෙවන් ක්‍රියා තුළින් ඔබගේ මිනිස්කමේ උදාරත්වයද ප්‍රකටවනු ඇත.විශිෂ්ට තීරණයක්. දේශපාලනය යනු මෙයයි. එසේ නොමැතිව පළිගැනීම නොවේ. (නි)

:       0       0

විපුල Thursday, 29 January 2015 02:14 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ජයන්ත Thursday, 29 January 2015 02:46 AM

හොඳ පුවතක්. මට සතුටුයි (නි)

:       0       0

මහීන් Thursday, 29 January 2015 03:04 AM

වීරත්වය හා අසහායත්වය පළිගැනීම් වලින් යටපත් කළ නොහැක.ඔබට ජාතියේ උත්තමාචාරය! (නි)

:       0       0

ධනූෂි Thursday, 29 January 2015 03:22 AM

රණවිරුවාණෙනි , ගුණමකු මිනිසුන් ඔබට පීඩාකළද සත්‍ය දන්නා සියල්ලෝ ඔබ සමඟ සෑමදා සිටියා. ඔබට සෑමදා ජය ලැබේවා! (නි)

:       0       0

හේවාවසම් Wednesday, 28 January 2015 11:19 AM

හොඳ ප්‍රවෘත්තියක් (බ)

:       0       0

ජෝයි ගොඩ්රි Thursday, 29 January 2015 03:40 AM

අනිවාර්යෙන්ම හිමිවිය යුතුයි. යුධ ජයග්‍රහණයේ එක් හිමිකරුවෙක් වගේම රට වෙනුවෙන් මරාගෙන මෑරෙන ප්‍රහාරයකට ලක්වූ විරුවෙක්. ඒ වාගේම රට වෙනුවෙන් දිවිදුන් අනෙක් සියලුම විරුවන් ආදරෙන් සිහිපත් කළයුතුයි (නි)

:       0       0

නිකී Thursday, 29 January 2015 03:52 AM

හරිම සතුටුයි අපිට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 113 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site