හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද අයිතිය ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහුට ඡන්ද අයිතිය ලැබුණු පුවත අසා ඔහුගේ උපන් ගම වන අම්බලන්ගොඩ තැන තැන රතිඤ්ඤා පත්තු කෙරිණි.
සරත් ෆොන්සේකා මහතාට අහිමි කර තිබූ ජනරල් නිලය ඇතුළු සියලු හමුදා නාම, පදක්කම් ආදී සියල්ල අද සිට යළි හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ පාට භේදවලින් තොරව කාටත් සතුටු හිතෙන දවසක්. ඇස්වලට කඳුළුත් ආවා. ඔබතුමාට ජයවේවා! විරුවන් කිසිදා නිහඬ කළ නොහැක. (නි)
ඔබට සිදුවුණ අසාධාරණයට නිහඬව හඬා වැළපුණු ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට දැඩි සතුටක් ගෙනදුන් මොහොතක්. ඔබට අපේ සුභ පැතුම්. (නි)
ජාතියේ පිනට පහළ වු ජනරාල්තුමනි, ඔබ මස්, ලේ දන්දුන්නේ අපේ නිදහස වෙනුවෙනි. ඔබට දිගාසිරි! (නි)
අපට නිදහසේ හුස්මගන්න ඔබතුමා එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළද ඔබට ඉතිරි වුණේ හුස්ම ගැනීමේ අයිතිය පමණයි. අපි ඔබට සදා ණයගැති වෙමු. චිරන් ජයතු! (නි)
ඔබට හිමි තැන ඔබට ලැබුණා. නව ජනපති ඔබට ස්තුතියි. ජනරාල්තුමනි සියළු දේ අමතක කර රටට සේවය කරන්න. රටවැසියන් හැමද ඔබ සමග හැමදාම ඉන්නවා. ඔබට ජය(දිල්)
ජනාධිපතිතුමනි , රට ත්‍රස්තවදෙන්ගෙන් බේරාගත් ජනරාල් සරත් ෆොන්සේකාට උපහාරයක් වශයෙන්, පෙබරවාරි 4 වැනිදා නිදහස් උත්සවයෙදී , එතුමාව " ෆිල්ඩ් මාර්ෂල් " නිළයට උසස් කරන්න .(දිල් )
අපේ සැබෑ රණවිරුවාණනි, ඔබට ජයෙන් ජය වේවා ! (නදී)
හොඳ වැඩක්. මෙතුමා අපේ යුග පුරුෂයෙක් (නදී)
මේ ළඟදි මම සේවය කරන තැන බුරුම ජාතිකයෙක් මගෙන් ඇසුවා මෙතුමා තවමත් හිරේද කියලා. මට පුදුම හිතුනේ ජනරාල් ට සිදු වූ දේ ගැන වෙනත් රටක වාසය කරන සාමාන්‍ය මිනිස්සුත් දන්නවා. වෙන එකක් තිය අපේ රටේ ආණ්ඩුව මාරු වුන එක ගැනත් ඒ පුද්ගලයා දන්නවා. අපි හිතනවට වැඩිය පිටරටවල උදවිය අපේ රටේ වෙන දේවල් ගැන දන්නවා. මේක නම් විශ්වාස කරන එකක් නැහැ මට පොළව පලාගෙන යන්න හිතුනේ මේ බුරුම ජාතිකයා මගෙන් ඇහුවානේ පසුගිය කාලයේ රටේ සම්පත් මහා පරිමාණයෙන් නස්ස්ති වුණා කියන්නේ ඇත්තද කියල. කටක් ඇරලා ඔව් කියන්නද ? මම කිව්වා එහෙම්මත්ම නැහැ . මිනිස්සුන්ට යම් පාලන වෙනසක් ඕන වුනා කියලා. (දිල්)
ජෙනරාල් ෆොන්සේකාව යුධ මෙහෙයුම් වලින් හැර පුද්ගලිකව දැකලවත් නැහැ. එත් එතුමාගේ වීරත්වය ඉහලින්ම අගලය කල කෙනෙක් හැටියට, එතුමාට වුන දේ වෙනුවෙන් ලංකාදීපයට මගේ අදහස් දස දහස් ගණනින් ලියන්න ඇති. අද මට හරිම සතුටුයි. (ර)
සාධාරණය ඉෂ්ට වුණා කියලා හිතනවා (දිල්)
සාධාරණයක් ඉටුවිය යුතු පුද්ගලයෙක් (නි)
ජයවේවා! (නි)
මෛත්‍රී මහත්තයාගේ හැම රැස්විමකටම මරණ සහතිකය අතේ අරගෙන ගිය ජනරාල්ට ආරක්ෂක නියෝජ්‍ය ඇමති කමක් දෙන්න වටිනවා.රැස්වීමක් තිය පැත්ත පළාතේ ආව නැති අන්තිම වෙනකොට රජයට යන්න හිටිය අයට ඇමතිකම් දෙන්න පුලුවන්නම් ඒක අසාධාරණ නැහැනේ .(දිල්)
නැවැත මේ රටේ කුමන්ත්‍රණවලට ඉඩ නොතැබිය යුතුයි.(දිල්)
ජයවේවා! (නි)
ජයවේවා, ජයවේවා, ජයවේවා! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
සරත් ෆොන්සේකා රණවිරුවාණනි, රට බේරාගත් දුටුගැමුණු රජතුමාගෙන් පසු, මාතෘභූමිය බේරාගත් ජාතියේ පිනට පහළ වූ හෙළ විරුවාණනි, සිරගතකළ ඔබ මුදාගන්න පෙස්සමක් අත්සන් කරන්න පටන්ගත් පැරිස් පුරවයේ සිටින අපි ඔබව ජෙනරාල් නොව, ෆිල්මාෂල් ධූරයට ඔසවා තබනවා නම් බෙහෙවින් සතුටුවන්නෙමු. චිරං ජයතු !!! (නි)
ජෙනරාල්තුමනි, ඔබට ජාතියේ උත්තමාචරය! (නි)
අනේ හොඳයි (නි)
මිනිසත්කමට දක්වන උදාර උපහාරයක්. වීරයකුගේ වීරත්වය නීති හා සීමා බන්ධන වලින් යටපත්කළ නොහැකිය. ජනපතිඳුනි, මෙවන් ක්‍රියා තුළින් ඔබගේ මිනිස්කමේ උදාරත්වයද ප්‍රකටවනු ඇත.විශිෂ්ට තීරණයක්. දේශපාලනය යනු මෙයයි. එසේ නොමැතිව පළිගැනීම නොවේ. (නි)
ඔබට සුබ පැතුම්! (නි)
හොඳ පුවතක්. මට සතුටුයි (නි)
වීරත්වය හා අසහායත්වය පළිගැනීම් වලින් යටපත් කළ නොහැක.ඔබට ජාතියේ උත්තමාචාරය! (නි)
රණවිරුවාණෙනි , ගුණමකු මිනිසුන් ඔබට පීඩාකළද සත්‍ය දන්නා සියල්ලෝ ඔබ සමඟ සෑමදා සිටියා. ඔබට සෑමදා ජය ලැබේවා! (නි)
හොඳ ප්‍රවෘත්තියක් (බ)
අනිවාර්යෙන්ම හිමිවිය යුතුයි. යුධ ජයග්‍රහණයේ එක් හිමිකරුවෙක් වගේම රට වෙනුවෙන් මරාගෙන මෑරෙන ප්‍රහාරයකට ලක්වූ විරුවෙක්. ඒ වාගේම රට වෙනුවෙන් දිවිදුන් අනෙක් සියලුම විරුවන් ආදරෙන් සිහිපත් කළයුතුයි (නි)
හරිම සතුටුයි අපිට (නි)