සිය පක්ෂ සාමාජිකත්ව අහිමි කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු තිදෙනෙක් එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු පක්ෂ බලධාරීන්ට එරෙහිව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් අද (22) ගොනු කළහ.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා පද්මසිරි ද සිල්වා සහ වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියලා නේද? (නි)
මේ තුන්දෙනාගෙන් කෙනෙකුට අපිත් උදවුකළා. කොහොම නමුත් ඔවුන් කළ දේ වැරදියි (නි)
වේදිකාවට නඟින එක හෝ එවැනි දෙයක් නොවේ. මම ඇහුවේ හමුදා සේවයේ ඉන්න ගමන් දේශපාලන පක්ෂයක් පවත්වාගෙන යන්න පුලුවන්ද කියලා. (නි)
නීතිය කොහොම වෙතත්, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , දිවි ඇති තෙක් ෆිල්ඩ් මාර්ෂල්. එම නිසා දේශපාලනයෙන් ඉවත්වෙනවනම් හොදයි. මේ මගේ හැගිමයි (බ)
මට මැවිලා පේනවා ලබන මතිවරණයේදී ෆොන්සේකා මහත්තය ෆීල්ඩ් මාෂල් ඇදුමින් සැරසිලා දීල තියෙන බැටෑලියන් එකත් එක්ක වාහන පෙළපාලියේ ඇවිත් වේදිකාවට නගින හැටි..හරියට කේක් ප්‍රදර්ශනයක් වගේ තියේවි..අයිසින් ටික විතරයි..මැද රිජිෆෝම් (ස)
නොදන්නා දෙයක් අහන්නේ. එතුමාට දේශපාලනය කරන්න පුලුවන්ද? එයා හමුදා කාර්ය මණ්ඩලයේ කෙනෙක් නෙමෙයිද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න කරුණාකරලා (නි)
අපෝ පුළුවන් විජයබාහු. ඇයි තව තව අය වේදිකාවට නැග්ගේ? (නි)
දේශපාලනය කරන්න කිසිම තහනමක් නැහැ. හැබැයි අන්තිමට කරපු දෙයකුත් නැහැ ප්‍රතිඵලයකුත් නැහැ. (නි)
සාමාන්‍ය නීතිය යටතේ නම් එතුමාට දේශපාලනය කරන්න බැහැ. (නි)