එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා පත්කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කැරුණු පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද(24) සළකා බැලිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන සරත් ෆොන්සේකා එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම නීතියට පටහැනි බවයි.
මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා කියා සිටියේ ෆොන්සේකා මහතාගේ පත්කිරීම නිත්‍යනුකූලව සිදුකර ඇති බවයි. එයින් පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝණය නොවන බැවින් එම පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැති බව ද ඔහු කීවේය.
දීර්ඝ කරුණු සළකා බැලීමකින් පසු අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නිශ්ශබ්දව සියල්ල බලාසිටිමු (නි)
ජනතාව විසින් ඡන්දය මගින් ප්‍රතික්ෂේප කළ කෙනෙක් කොහොමද ජනතාව පාලනය කරන්න පත්කරන්නේ? මම දන්නා නීතියක් නැහැ. නමුත් මෙතන වැරැද්දක් තියනවා කියලා තේරෙනවා. (නි)
අපරාදේ වීරයෙක් ජනතාවගේ හෑල්ලුවට සහ වෛරයට ලක්වෙන එක. (නි)
මිනිමරුවෙක්, ස්ත්‍රී දුෂකයෙක්, කුඩු එතනෝල්කාරයෙක්, නැතුව මෙවැන්නෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවට අකමැති අයත් ඉන්න හැටි. (නි)
ඊළඟ ආණ්ඩුව එනකල් නීතිය යටපත් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි පොලියත් එක්ක ගෙවන්න වෙනවා. තමන්ගේ හිතවත් උදවිය නීතියේ ඉහළ තනතුරු වලට දාගත්තම ඔහොම තමා වෙන්නේ. (බ)
අපිට තේරෙන්නේ නැහැ ඔය නීති රීති.නමුත් සිදුවූ දේ හරිනම් එච්චරයි. (බ)
මොනවා කරන්නද අපි? (නි)
විභාගයට නොගෙනම විසිකරපු එකනම් අනුමත කරන්න බැහැ. අතදරුවෙකුට වුණත් තේරෙනවා වැඩේ වැරදියි කියල . තමන්ගේ ඡන්ද ලයිස්තුවේ හිටපු නැති කෙනෙක් . අනික ඔයිට වඩා ඡන්ද ගොඩක් අරන් පැරදුන අය මොනතරම් ඉන්නවද ඒ පක්ෂෙම . මෙයාට මන්ත්‍රී කම දුන්නේ පැහැදිලිවම රට ගැන සහ ජනතා කැමැත්ත බලල නොවෙයි . ඔහුට මේ මන්ත්‍රීකම දුන්නේ ලක්ෂ 450 ක බෙන්ස් එකක් එහෙම අරගෙන පොඩි ජොලියක් ගන්නයි . නැතුව ජනතාව ගැන හිතල නෙමෙයි (බ)
තීන්දුව හරියට කියවල ඉවරවෙලා කමෙන්ට් කළානම් තමා හොඳ. නමුත් එක දෙයක් කිව යුතුයි. ශ්‍රීපවන් මහත්මය මෙම තනතුරට ආවෙ හරි විදිහට. එතුමාට අධිකරණ ක්ෂේත්‍රයේ සියලු තනතුරු හිමි වුනේ ජ්‍යෙෂ්ඨත්වය මත. මොහාන් පිරිස් වගේ උඩින් පාත් වුනේ නෑ (බ)
ෆොන්සේකා මහත්තයව එළවන්ඩ හදන අය ඉතුරු 224 දෙන දිහා බලල සීතල වතුර එකක් බොන්ඩ තිබහ යන්ඩ (බ)
ඇයි ඒ ප්‍රතික්ෂේප කළේ.(හේ)
බාලසුරියට ඉක්මනටම අතීතය අමතක වෙනවා නේද ? (හේ)
නඩුත් හමුදුරෝවොගේ බඩුත් හමුදුරුවොගේ. වෙන ඒවාට අකුරටම නීතිය.(හේ)
ඒක හොඳයි.(හේ)
ආණ්ඩු පක්ෂයට ඕනෑම දෙයක් කරන්න පුළුවන් නීතියක් තමයි තියෙන්නේ (බ)
ඕකට තමයි ජේ. ආර්. කිවුවේ ඉරයි හදයි ඇර ඕනෙම දෙයක් වෙනස් කරන්න මට පුළුවන් කියල. (බ)
මේවා විභාග කරන්න ගියහම මෙතුමා පාර්ලිමේන්තුවට ගෙනාපු කාරණය ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙනවනේ. මෙතුමා යුද්දය අවුරුදු 3 කළා වගේම සංවර්ධනයත් අවුරුදු තුනෙන් කරන්න ඇවිත් තියෙන්නේ. (බ)
ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ල වගේ (ම)
එයා දැන් නියම ඔලු බක්කා. හැමදේටම සැමදා ටම පවිතින්න බැහැ (ම)
ජේ ආර් කිව්වා එයාට බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන්න විතරයි කියලාත්. එතකොට බැලුවහම මහජනයාගෙන් පැරදුන අයට ජනපති අගමැති කැමැත්තෙන් මන්ත්‍රීලා ඇමතිලා වෙන්න පුළුවන් තමයි. (නි)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රට ජාතිය බේරාගත් වීර සෙන්පතියායි (නි)
විපුල මහත්මයා, ඔබේ පළමු අදහස නම් හරි. නමුත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙතුමාගේ පත්කිරීමට පමණක් විරුද්ධව උසාවි ගියේ මෙතුමා මහා මිනිස් ඝාතක ද්‍රවිඩ නායකයා සහ ඔහුගේ ගෝලයන් විනාශ කිරීමට වීරෝධාර රණවිරුවන් මෙහෙයවූ නිසා ඇති වූ වෛරයෙන්ද? (නි)