හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න අද (19) කොළඹ මහාධිකරණයට භාර විය.
ව්‍යාජ සමාගමකින් යුද හමුදාවට අවි සැපයීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියේ 2010 වසරේ දී ය.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පොල් රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
ෆොන්සේකාගේ දියණියක සමග විවාහ වී සිටින ඔහු එතෙර පදිංචිව සිටියේය.
ඔහු රුපියල් ලක්ෂ හතරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
සුවිශේෂ කරුණු මත ඔහුට ඇප දෙන්නැයි නීතිඥවරයා ඉල්ලා සිටියේය. එසේ ඇප දීමට විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේය. හයිකෝ ප්‍රයිවට් කම්පැනි නමින් සමාගමක් පිහිටුවාගෙන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කම්පැනියේ නියෝජිතවරුන් බව කියමින් මහජන මුදල් වංචා කළැයි ධනූන සමග වෙලිංග්ටන් දි හෝඩ් හා සරත් ෆොන්සේකාට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව ගොනු කැරිණි. එසේ උපයාගත් බව කියන මුදල් ධනූන තිලකරත්න නමින් ඇමෙරිකා බැංකුවක තැන්පත් කර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.
ඇප කරුවන් තම මවුපියන් විය යුතු බව විනිසුරුවරිය නියෝග කළාය. පිටරට යෑම ඔහුට තහනම් කැරුණු අතර මාසයකට වරක් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කළාය. ඔහු උසාවියට බාර කළ නීතිවේදී නිරෝෂණ පෙරේරා මහතා පැවසූයේ සිය ආරක්ෂාව පතා ඔහු සැඟවී සිටි බවයි.
ඔහුගේ මාමණ්ඩිය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වසර 1 1/2 ක් සිරගෙට යැවූ බවත් එසේ වූයේ මහින්ද රාජපක්ෂ ජනපතිට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා බවද ඔහු කීවේය. ඉන් පසු ධනුන ඕස්ට්‍රේලියාවේ බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කම්පැනි නමින් ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර යුද හමුදාවට වංචාවක් කළැයිද ඔහුගේ මව සහ ආච්චිට එරෙහිව නඩු පවරා ඇතැයිද නීතිඥවරයා කරුණු දැක්වීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෂාන් අයියාද දන්නේ නැහැ භාර වෙන්න කිව්වේ. එයා දැන් දෑත් ශක්තිමත් කරන්න ගිහින්නේ !! (බ)
අර පරණ යකඩ ටොන් දෙසිය පනහට විද්ද ගුල්ලා බාරවෙන්නේ කවද්ද? (බ)
මෙයා හිටි තැන මෙච්චර කාලයක් කවුරුවත් දැනගෙන ඉඳලා නැද්ද? (නි)
ඡන්දේ දුන්නොත් නිදහස් කරන්නම් කිව්වා වද්ද ? (හේ)
ජනවාරි 8 වෙනිදායින් පස්සේ ලොකු තනතුරක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති.(හේ)
එතුමා වරදක් කරන්නත් ඇති. සමහරවිට නොකරන්නත් ඇති. මොනවා වුණත් බයවෙන්න දෙයක් නැහැ (නි)
අවුරුදු හතර පහක් තිස්සේ කොහෙද හැංගිලා හිටියේ? (නි)
කොහෙද හැංගිලා ඉඳලා තියෙන්නේ? (නි)
මට දැනගන්න ඕනෑ එයා මෙච්චර දවසක් කොහෙද හිටියේ කියලා. අනික ජාත්‍යන්තරයටත් හොයන්න කියපු කෙනා දැන් කොහෙන්ද ආවේ? ඒ කියන්නේ අපේ රටේ පොලිසියට එයාව හොයාගන්න බැරිවෙලාද? (නි)
ජරමර අස්සේ බරකරත්ත කිව්වලු. ඔහොම යමුකෝ (නි)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මට ප්‍රශ්ණය තියෙන්නේ මේ රටේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ, නීතිය ගැන විශ්වාසයක් නැහැ කියල එදා ඉදල හැංගිලා හිටපු මනුස්සයට කොහොමද එකපාරට අධිකරණය හා නිතිය ගැන දැන් විශ්වාසය ඇතිවුනේ කියලා. මට පේන විදියට පොන්සේකා මහත්තයට දැන් බෑනත් නැහැ වගේ. (නදී)
එයා කොහොම කෙනෙක්ද දන්නේ නැහැ (නි)
මේ අය වරදක් නොකරා නම් ඇයි මෙච්ච්ච්ර දවස් හැංගිමුත්තන් කරේ?(හේ)
ඔන්න ෆයිල් තියන අය.දැන් ඉතින් කියන කියන දේවල් ලියල දෙන දේවල් ගිරවු වගේ කියන්න වෙනවා.නැත්නම් දග ගෙට යනවා.දැන් රටේ ගොඩවල් දෙකයි.ෆයිල් තියන අය එක පැත්තක.නැති අය අනික් පැත්තේ.(හේ)
බලමු මොකද වෙන්නනේ කියලා.(හේ)
හෂාන් වැඩ කාරයා (නදී)
මොකද මෙයා මෙපමණ කලක් සැඟවී සිට දැන් බාර වුයේ ? කොහෙද මෙපමණ කලක් නොපෙනී සිටියේ , වරදක් නොකලානම් බිය විය යුතු නැහැ (නදී)
එතකොට අර වරෙන්තු දෙකක් සමග ප්‍රසිද්ධියේ පෙනී සිටින 'යකඩ මහත්තයා' (නදී)
කැටගොඩ මහත්තයා කියපු විධියට අධිකරණයෙන් මෙයාට ඇප ලැබුනේ එයා පක්ෂේ මාරුකළ නිසාලුනේ. එතකොට අධිකරණය නියෝග දෙන්නේ මෙයාලට ඕන විදියටද? එහෙමනම් තවත් අවුරුදු 6 ට මේගොල්ලන්ට දෙන්නම වටිනවා. (හේ)
අයියා වැඩකාරයා (නදී)