ශ්රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළැයි ධනුන තිලකරත්නට එරෙහිව පවරා ඇති නඩුව දිගටම විභාගයට ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට අද දැනුම් දුන්නේය.
ධනූන තිලකරත්න, හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණාය.
නඩුවේ සාක්කි දීම සඳහා ජුනි හතර වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මේජර් ජනරාල් අශෝක බණ්ඩාර හා උපුල් ඉලංගමගේ මහත්වරුන්ට සිතාසි නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නවා දනුන නිර්දෝශයි කියලා.ඔප්පු කරන්න හොද අවස්ථාවක් (කේ)
සසංක එතුමාගේ කොන්ද ගැන ඔයා කලබල වෙන්න එපා.එයාගේ කොන්ද හැමදාම කෙලින්.(කේ)
මෙයත් නොදොස් වී නිදහස් වෙයිද? (කේ)
කට්ටිය තාමත් බලන්නේ මහින්දගේ කණ්ණාඩිය දාගෙනද මන්දා?....(කේ)
පිටබැද්දර ජයා. කියලා වැඩක් නැහැ මේ වගේ සාධාරණ සමාජයක් ලෝකයේ වෙන කිසිම රටක බිහිවෙලා නැහැ. බිහි වෙන්නෙත් නැහැ අප්පා. (බ)
කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙනවා වගෙයි (නි)
හොරුන්ට විරුද්දව පියවර නොගන්නවා කියා දොස් කියන සරත් ෆොන්සේකාගේ කොන්ද කෙලින්ද කියලා බලාගන්න කදිම අවස්තාව ...... (කේ)
මා අසා තිබෙන විදියට නම් මෙම නඩුව ෆොන්සේකා මහතාට බලපාන්නේ නැහැ (නි)
මේ නෑකම් කාලයත් සමඟ වෙනස් වෙන්නත් බැරි නැහැ (නි)
අපි බලමුකෝ මොකක්ද අන්තිමේදී වෙන්නේ කියලා (නි)
වැරදි කර ඇත්නම් විඳවන්න වේවි (නි)
තව දුරටත් බෑනද කියලා සොයලා බැලුවොත් නරකද ? ඉදිරියට එන පුවත් සම්බන්ධයෙන් ඒක වැදගත් . මේ වන විට නැති නෑදෑකම් කියන්න ගිහින් නීතිමය ගැටළු මතු වෙන්නත් බැරි නැහැ. (නදී)
සසංක, ෆොන්සේකගේ කෙලින් පිහිටි කශේරුකාවක් ගැන රෝහණගේ අරුම පුදුම වෛද්‍ය නිගමනය කොහොම වුණත් නිරෝගී මානව කශේරුකාවක වක්‍ර දෙකක් ඇත. (බ)
අපි නම් දන්නා විදිහට ඒ නෑදෑකම වෙනස් වෙලා . ඒක නිසා අපිට ෆොන්සේකාගේ කොන්ද පරීක්ෂා කරන්න බැරි වෙනවා . (බ)
සමහර ක්‍රමවත් හොරුන්ගේ හොරකම් අල්ලන්න එච්චර ලෙහෙසිවෙන එකක් නැහැ (නි)
මෙයා ෆොන්සේකාගේ දුවගෙන් ඩිවොස් නූනානම් මේ නඩුවට පටලවන්නෙ නෑනේ. (බ)
දැන් අරයගේ කොන්දෙන් කෑල්ලක්වත් තිබෙනවද කියලා අපිට බලාගන්න පුළුවන් (නි)
නීතිය කාටත් පොදු බව දැන්වත් මේ රටේ මිනිසුන්ට තේරෙනවද මන්දා. ප්‍රශ්නය තේරුනත් තේරුනේ නැති විදිහට කතා කරන එකයි. (නි)
මෙය හොඳ ක්‍රියාවක්. (නි)
මේ නෑදෑකම ගැන තව පොඩ්ඩක් සොයලා බලන්න. සමහර සම්බන්ධකම් කාලයත් එක්ක වෙනස් වෙනවා. (නි)
කට්ටිය තාමත් බලන්නේ මහින්දගේ කණ්ණාඩිය දාගෙනද මන්දා? නැත්නම් මේ තරම් සාධාරන සමාජයක් අද නිර්මාණය වෙලත් මොකද මේ කට්ටිය දඟලන්නේ? (නි)
අපි බලමුකෝ! (නි)
අනිවාර්යයෙන්ම මෙහි සත්‍ය අසත්‍ය බව සෙවිය යුතුයි (කේ)