ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැවත ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ගාස්තු රහිතව අද(15) නිෂ්ප්‍රභ කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.
සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක හරිප්‍රිය මහතා ගොනුකළ මෙම පෙත්සම පවත්වාගෙන යාමේ නීතිමය අයිතියක් සහ හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතීඥවරු කරුණු දැක්වූහ.
මන්ත්‍රී ධූරය අහිමි වූ ෆොන්සේකා මහතා පසෙක සිටියදී වෙනත් පුද්ගලයෙකුට පෙත්සමක් ගොනු කර පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නැතැයි ද,ඔවුන් ඉල්ලා සිටින පරිදි ෆොන්සේකා මහතා වෙනුවට මන්ත්‍රී ධූරයට පත්වූ ජයන්ත කැටගොඩ මහතා ඉවත් කර නැවතත් ෆොන්සේකා මහතා එම ධූරයට පත්කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නීතිමය ප්‍රතිපාදන නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිමාන්න මහතාට. හොඳට තුන්කල් පෙනෙන උපදේශකයෙකු සිටියා නම් ඔය දෙය ෆොන්සේකා මහතාට වෙන්නේ නැහැ. ඒ වගේම දැන් උනත් පරක්කු නැහැ නේද.? කොටින්ගේ ඉලක්කයක් බවට පත් වූ ෆොන්සේකා මහතාට දෙවියන් පණ දුන්නේ සැප විඳගෙන පැත්තකට වෙන්න නොවෙයි. ඉදිරියටත් ව්‍යසනයට ගොදුරුවන රට බේරා ගන්නට සටන් කරන්නට කියලයි මා හිතන්නේ. (ස)
දැන් තේරෙනවා ඇති නේද? සත්‍යය කවදාහරි දිනනවා (නි)
නීතිය කෙසේවෙතත් මේ වගේ මිනිසුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා නේද මහජන මුදලින්?සාමාන්‍ය ජනතාව අමාරුවෙන් ඉගෙනගෙන ආණ්ඩුවේ රැකියාවකින් තමයි විශ්‍රාම යන්නේ.මේ ක්‍රම ලංකාව වගේ දුප්පත් රටවල වෙනස් කළයුතුයි (නි)
අනේ මෙහෙම තණ්හාවක් ..! අනේ මෙහෙම ආශාවක්.. ! (නි)
සිරිමාන්න මහත්මයා. ඔබතුමා කෙටියෙන් වුණත් ඇත්ත කියලා තියෙනවා .ඒ ගැන මගේ ප්‍රණාමය පුද කරමි. නමුත් පුදුමය නම් ඒ ඇත්ත ගැන කවුරුත් කිසිම විවේචනයක් කරන්නේ නැහැ. හිතට එකඟව කාටත් කතා කරන්න බැහැනේ. (ම)
ගෙවලයා වගේ පස්සෙන් යනවා කියලා මෙයාම නේද කියන්නේ. ඉතින් කවුද දැන් ............ (ම)
අනුරාධපුරෙන් එහාට නොගිය අය තමයි අද යුද්ධ වීරයෝ වෙන්න හදන්නේ.පොත් ලියා ගන්නේ. (බ)
තමන් ගසා කාපු ධනස්කන්දය,තමන් සතු කර ගත්තු ලාබ ලබන ආයතන සියල්ලම,දමිලමිනිසුන්ගෙන් අයිති කර ගත්තු ඉඩම් වල හදන හෝටල් දාල වෙනසක් වේවි කියන බයට ඇමරිකාවට දුවන අය,නැවත ලංකාවට කිසිම බියක් සැකයක් නැතිව එනවා.ඇවිත් උසාවියට පෙනී සිට,සැප පහසු හෝටල් වැනි ඉස්පිලිතාලෙක ලැගුම් අරගෙන,සැප රියේ සිටම නඩුත් අහල,නිදහසුත් වෙනවා.මොන තරම් නරක පුරවාදර්ශයක්ද රටටම,ලෝකෙටම දෙන්නේ? (බ)
හිටපු ජනාධිපතිතුමාගේ අණින් සහ පිණින් රණවිරුවන් දිනාගත් දේශය මේ ආණ්ඩුව තුළදීම උතුරේ කොටි සැමරුම් කරද්දී ජාතික කොඩියට ජාතික ගීයට කෙණෙහිලිකම් කරද්දී මේක සිංහලුන්ට අයිති රටක්යැයි කියන්නේ කවුදැයි ඇමතියෙක් අසද්දී විග්නේශ්වරන් කොළඹට ඇවිත් හවත් ඇමතියෙක් ඔලුව වනමින් අසා සිටියදී රණවිරුවන් උතුරෙන් පන්නා දැමීමට යෝජනා කරද්දී නොබෝ දිනකින් මහා වීර දිනය ලංකාවේ කොළඹදී ජයටම පවත්වන්නට තවත් ඇමතියෙක් අඹුඩ ගසද්දී තමා පමණක් තරු පහේ හමුදා තානාන්තර ලබාගත් මොහු ගොලුවෙක් බිරෙක් වගේ අදත් කර බා ගෙන සිටියි. මොහුට මන්ත්‍රී ආසනයකුත් ලැබුනා නම් නිල ඇඳුමෙන් පාර්ලිමේන්තුවටත් යයි. මෙහෙම වෙච්ච එක හොඳයි. (බ)
ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු කට්ටිය කට කපල තරුපහක් දුන්නේ කට වහන් පැත්තකට වෙලා දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න තමයි සිරිමාන්න මහත්තයෝ..ඔය මහත්තය දැන් අර අයිසින් කරපු රෙජිෆෝම් කෙක් ගෙඩියක් වගේ ප්‍රදර්ශනේට විතරයි.වෙන ප්‍රයෝජනයක් නැහැ..(බ)
නිල/කොළ කොයි කවුරුත් ජෙනරල් සරත් ෆොන්සේකාට බයයි.ඒ කියන දේ කරන,කරන දේ කියන විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා නිසයි. (නි)
රටේ දුෂණ වංචා හොයන්න ජෙනරල් සරත් ෆොන්සේකාට දුන්නා නම් ගතවෙන්නේ සති තුනක් පමණයි. කියපු කතාවට කොළ/නිල් කම්බා හොරු ටික බයයි. (නි)
ඩුබායි ටොයිලට් එක හතර වටේම ගද ගස්සනවා..කවුරු හරි වතුර එකක් ගහල දාන්න,,(ම)
ඉස්සර කොළඹට යන්න බයයි.මේ වගේ රටට උදාර සේවයක් කළ මිනිසුන්ට අපහාස කරනන එපා (නි)