තමා පක්ෂ සාමාජාකත්වයෙන් නෙරපීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පලාත් සභා මන්ත්‍රීන් තිදෙනකු ගොනු කළ පෙත්සම් විභාගය අවසන් වන තුරු එම මන්ත්‍රීවරයන් තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (08) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම පක්ෂයේ මහ ලේකම් ආනන්ද මානවඩු, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ දකුණු, බස්නාහිර හා වයඹ පළාත් සභා ලේකම්වරුන්ට එරෙහිව අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය පැනවීය.
තමාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී බව පවසමින් දකුණු, වයඹ හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන පද්මසිරි ද සිල්වා, මල්හාමි රත්නායක සහ අශෝක දයාරත්න මහත්වරුන් ගොනු කළ රිට් පෙත්සම් අද (08) අභියාචනාධිකරණයේ කැඳවූ අතර එහි දී මෙම නියෝගය පැනවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් මිනිස්සු ගැන නම් මම දන්නේ නැහැ පද්මසිරි නම් පැන්නේ සල්ලි බලපොරෝත්තුවෙන්. පොන්සේකාට බැන්න විදිහ මම රූපවාහිනියේ දැක්කා. එතුමා හොඳ නැත්නම් එතුමාගේ පක්ෂය තව දුරටත් එල්ලිලා ඉන්නේ මොකද? (නදී)