ඌව පරණගම ගලහගම එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට අද අලුයම 3 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත එළවළු වෙළදසලක පවත්වාගෙන යන එම කාර්යාලයේ ත්‍රිරෝද රථයකට ද ගිනි තබා ඇත.
බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජයන්ත කන්නංගර මහතා පවසන්නේ මෙම ප්‍රහාරය සංධාන අපේක්ෂකයකුගේ ආධාරකරුවකුගේ වැඩක් බවයි.
මොණරාගල දිස්ත්‍රික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක වැල්ලාන විතානගේ ප්‍රියන්ත කුමාර මහතාට අද (21)අලුයම 2.00 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල විය. ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක් කතරගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා හතරක් වාර්තා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්ෂේ කට්ටියට විතරයි දේශපාලනය කරන්න පුළුවන් කියන න්‍යායයි මේ. අහෝ ප්‍රජාතන්ත්‍රවාදය? (නදී)
බන්දුල පෙරේරා මට කියල දුන්නු පෞර්ෂත්වය කියන්නේ මෙන්න මේවට තමයි. ගැහැනියක් වුනත් ඉදිරියේදී අබියෝගයක් කියල දැනෙනවා නම් ගහන්න බලන්නේ වැටෙන්නම. (නදී)
මෙහෙම ගියොත් නම් මැර ප්‍රහාර සම්බන්ධයෙනුත් ඇමති කෙනෙක් පත්කරන්න වෙයි මගේ හිතේ. (නි)
බන්දුල, ඇද්ද අහගත්තා? (නි)
පොලිසිය මේවා අල්ලන්නේ නැද්ද? (නි)
අපිට පුතේ රටක් ඇත. බන්දුල කඩේ යති (නදී)
වයඹ වාර්තාව කඩන්න තව මදි පුතේ (නදී)
අනේද කියන්නේ? ලෝකයේ උතුම් රට ලංකාවයි (නි)
මේවා දැක දැකත් ඡන්දෙ දෙන අය ඉන්නවානේ (නදී)
එජාපයත් මේවගේ දේවල් ඉස්සර කළා. මේගොල්ලන්ට අයෙත් නැගිටින්ඩ කිසිම අවස්ථාවක් දෙන්න හොද නැහැ . (නදී)
අපි බදුල්ලෙන් පාඩමක් උගන්වමු. එජාපය මීට වඩා ටිකක් සැර වියයුතු කාලය එනවා. (නි)
මොනවද මේ රණ්ඩුසරුවල්? අපි මේවට කැමති නැහැ (නි)
මෙතනට ප්‍රතිචාර අඩු මොකද? මැර ප්‍රහාර වලට කට්ටියම බයයි වගේ. (නි)
හොදට කල්පනා කරලා බලන්න. මේ පහරදීම කණගාටුදායක දෙයක් වුණත් මෙහි ගැඹුරේ ඇත්තේ ලොකු දේශපාලන පාඩමකි. (නි)
ඔන්න බලන්නකෝ ඉතින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය (නි)
අපි බදුල්ලෙන් පාඩමක් උගන්වමු. (අ)
බන්දුල පෙරේරා , මේකද ඔයාලගේ ආශ්චර්ය? මේකද අනාගත පරපුරට ඔයාලා දෙන ආදර්ශය? මේකද දරුවන්ටත් කියාදෙන පාඩම? එතකොට රටේ අනාගතය මොකක්ද? ඔයාගේ නීතිය මේකද? (නි)
කවුරු කළත් මේවා හෙළාදකිමි (නි)
බන්දුල පෙරේරා වගේ මිනිස්සු කමන්ට් දාද්දී කොහොමද මේ රට හැදෙන්නේ? (නදී)
මේකද පාදඩ දේශපාලනය? (නදී)
තව ඡන්දෙත් දෙනවා මැරයින්ට (නදී)